ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව සිය පළමු නිල සංචාරය ලෙස ගෝඨභය රාජපක්ෂ මහතා ඉන්දියාව බලා යාමට තීන්දු කර ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සිය සුබපැතුම් එක්කරමින් ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙසට ආරාධනා කර තිබිණ.
එම ආරාධනාව පිළිගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාව තෝරාගෙන ඇති බවද දැනගන්නට ඇත.










