ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කොට අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට අලුත් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
එම ආණ්ඩුවේ ඇමැතිවරුන් සංඛ්‍යාව 11කට සීමා විය යුතු බවටද යෝජනා ඉදිරිපත්ව තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත ලබන මාර්තු මාසය දක්වා මෙම අන්තර්වාර ආණ්ඩුව කටයුතු කරනු ඇති බවද වාර්තා වේ.










