ගත වූ පැය 24ක කාලය තුළ හදිසි අනතුරුවලට ලක් වූ 185 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරුවලට ලක් වී ඇති අය අතරින් 55 දෙනෙක් මාර්ග අනතුරුවලට ලක්වූවන් බවයි රෝහල් බලධාරින් පවසන්නේ.
තවත් 44 දෙනෙකු ගැටුම්වලින් ද, 36 දෙනෙකු නිවෙස් තුළ සිදු වූ අනතුරුවලින් ද, තවත් 07 දෙනෙකු ගිනිකෙළි අනතුරු නිසා ද, එක් පුද්ගලයෙක් රෝහල් ගත කර ඇති බවයි රෝහල් බලධාරින් වැඩිදුරටත් පැවසුවේ.










