• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

20න් වෙන්නෙ රට ආපස්සට යන එක

October 19, 2020
in News, Politics, Uncategorized
Reading Time: 2 mins read
A A
මාස 10ක් ගියත් තවම ආණ්ඩුව කොරෝනා නීති හදලා නෑ
Share on WhatsAppShare on Facebook

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එල්ලවන විවේචනයන්ට පිළිතුරු ලබා දෙන ආණ්ඩු පාර්ශ්වය පවසන ප්‍රධාන කාරණය වන්නේ මෙය හුදෙක් 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ගෙන එන්නක් පමණක් වන බවය. එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ගෙන ආ සංශෝධනයක් බවද රජය නියෝජනය කරන දේශපාලඥයන්ගේ අදහස වී ඇත. 2015 වසරේදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තු සභානායකවරයා ලෙස කටයුතු කළේ වර්තමාන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. 19 වැනි සංශෝධනයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා අප සමඟ සංවාදයකට එකතු වූ මෙසේය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විපක්ෂය විසින් දැඩි විරෝධයක් මතු කරලා තියෙනවා. ඇත්තටම මන්ත්‍රීතුමා 20 ඔය කියන තරම්ම නරකද?
20 වැනි සංශෝධනයෙන් සිද්ධ වෙන මූලිකම දේ මේකයි. දැනට ව්‍යස්ථාවට අදාළ පත්වීම් 70කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. 19 වැනි සංශෝධනය අනුව එම පත්කිරීම් සිදු කරන්න ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගන්න ඕනෑ. නුසුදුසු පුද්ගලයෙක් පත් කරනවා නම් එයට විරුද්ධ වෙන්න ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට පුළුවන්. නමුත් 20 වැනි සංශෝධනය සම්මත වුණාට පස්සේ එම තනි බලය ජනාධිපතිවරයාට හිමි වෙනවා. එතකොට රජයේ සියලුම උසස් නිලතල සඳහා පුද්ගලයන් පත් කරන්නේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාට හිතෙන ඕනෑම අවස්ථාවක එම නිලධාරීන්ව ධුරයෙන් පහ කරන්න පුළුවන්. එහෙම වුණාම එම නිලධාරීනුත් කිසිම බලයක් නැති තැනට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. වර්තමානයේදී ඇමැති මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා, අගමැතිවරයාගේ උපදෙස් ලබා ගන්න ඕනෑ. නමුත් 20 වැනි සංශෝධනය සම්මත වුණාට පස්සේ ජනාධිපතිවරයාගේ තනි තීරණයට ඇමැති මණ්ඩලය පත් කිරීම සහ ඉවත් කිරීම සිදු කරන්න පුළුවන්. මේ සංශෝධනයේ එක් එක් වගන්තිය අරගෙන විග්‍රහ කළොත් එහි ඇති බරපතළකම වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. නමුත් සමස්තයක් විදියට ගත්තොත් තනි පුද්ගලයෙකුට අසීමිත බලයක් ලබා දෙන එක තමයි 20 වැනි සංශෝධනය හරහා කරන්නේ.
20 වැනි සංශෝධනය ගේන්නේ 19 වැනි සංශෝධනය ඉවත් කරන්න අවශ්‍ය හින්දා කියලයි රජය කියන්නේ. ඔබතුමාලා ගෙනාව 19 වැනි සංශෝධනය රටට නොගැලපෙන එකක් වීම නේද ඒකට හේතුව?
19 හොඳ නැත්නම් ඇයි වර්තමාන රජය නියෝජනය කරන බොහෝ දෙනෙක් ඒක සම්මත කරන්න ඡන්දය ලබා දුන්නේ. 19 පාර්ලිමේන්තුවට ගේද්දී අපිට පාර්ලිමේන්තුවේ හිටියේ මන්ත්‍රීවරු 42යි. 19 හොඳ නැත්නම් ඒක ලේසියෙන්ම පරාජය කරන්න ඒ අයට පුලුවන්කම තිබුණා. එවකට එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ සහාය නැතිව අපට කොහොමත් 19 සම්මත කරන්න බැහැ. 19 කියන්නෙ අපේ හිතුමනාපයට ගෙනාව සංශෝධනයක් නෙවෙයි. සිවිල් සමාජය, උසස් පරිපාලන නිලධාරීන් ඇතුළු සමාජයේ විවිධ කොටස් එක්ක සමාජ කතිකාවතක් ඇති කරලා තමයි අපි 19 ගෙනාවේ. ඒ වගේම ඒ ගැන විපක්ෂය එක්කත් අපි දීර්ඝව සාකච්ඡා කළා. එවකට හිටිය සභානායකවරයා විදියට මමත් විපක්ෂය එක්ක සාකච්ඡා වට ගණනාවකට සහභාගි වුණා. ඒ අයගේ යෝජනාත් අපි 19ට ඇතුළත් කළා. මුල් කෙටුම්පතේ ඇතැම් සංශෝධන සිද්ධ කළා. 20 වැනි සංශෝධනය වගේ තනි පුද්ගලයකුගේ වුවමනාවට නෙවෙයි 19 ගෙනාවේ.
නමුත් 19 වැනි සංශෝධනයේ ප්‍රධාන අරමුණ වුණේ රාජපක්ෂ පවුලේ දේශපාලනය නවත්වන එක කියලා විශාල චෝදනාවක් තියෙනවා. විශේෂයෙන් ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් නීති පැනවූයේ බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඉලක්ක කර ගෙන කියලයි රජයේ පාර්ශ්වය කියන්නේ?
මට ආයෙත් අහන්න තියෙන්නේ ඇයි එහෙනම් ඔය කියන අය ඒකට ඡන්දය දුන්නේ කියලයි. ද්විත්ව පුරවැසියෙක් කියන්නේ රටවල් දෙකකට අයිති පුද්ගලයෙක්. රටවල් දෙකක නීති ආරක්ෂා කරන්න එවැනි පුද්ගලයෙක් බැඳී ඉන්නවා. ඒත් මේ අය ජනතාවගෙන් බලය ඉල්ලුවේ එක රටක් එක නීතියක් හදනවා කියලා. එහෙම කියලා ඇවිත් රටවල් දෙකක නීති දෙකක් යටතේ ඉන්න පුද්ගලයන්ට බලය ලබා දෙන්න හදනවා.
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බව 19 වැනි සංශෝධනය හරහා නීතියක් ලෙස සම්මත වෙලා තිබියදීත්, ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයන් මහ බැංකුව වැනි ප්‍රධාන ආයතනවල ප්‍රධානීන් ලෙස කටයුතු කළා නේද? එහෙම බැලුවම 19 ගෙනාව එකෙන් ප්‍රයෝජනයක් වෙලා නැහැ නේද?
අපි 19 වැනි සංශෝධනය යටතේ මුලින් ගෙනාවේ ද්විත්ව පුරවැසි භාවය ඇති අයෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සහ අගමැති, ජනාධිපති ලෙස කටයුතු කළ නොහැකි බවට වූ සංශෝධනය පමණයි. නමුත් 19 වැනි සංශෝධනයේ දෙවැනි වටය යටතේ රජයේ ප්‍රධාන නිලතල සඳහාත් ද්විත්ව පුරවැසියන් පත් කළ නොහැකි ලෙස නීතියක් ගෙන ආ යුතු බව අපි යෝජනා කරලා තිබුණා. ඒකත් සම්මත වෙලා තිබුණා නම් අර්ජුන් මහේන්ද්‍රන් වැනි පුද්ගලයකු අපේ රටේ මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වන්නේ නැහැ. 19 ඉදිරියට ගෙනිහින් එවැනි නීතිත් රටේ ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි කියලයි අපි කියන්නේ. නමුත් 19න් ඉස්සරහට ගිය රට ආපස්සට හරවන එක තමයි 20න් කරන්නේ.
ඔබතුමා කියන විදියට මේකෙන් රට ආපස්සට හැරවෙනවා නම් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරු ඒකට එකඟ වේවිද?
කොහොමත් වර්තමානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරු ප්‍රතිපත්තියක් ඇති අය නෙවෙයිනේ. මේ රටේ ස්වාධීන කොමිෂන් සභා පිහිටවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. ඒ 17 වැනි සංශෝධනය හරහා. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හැම දෙනාම ඒකට අත් ඉස්සුවා. ඊළඟට 18 වැනි සංශෝධනය හරහා එම කොමිෂන් සභා අහෝසි කරන කොට ඒ අය ඒකටත් අත ඉස්සුවා. නැවත 19 හරහා ඒවා පිහිටුවන කොට ඒ අය ඒකටත් අත ඉස්සුවා. දැන් ආපහු ඒවා අහෝසි කරන්න 20ටත් ඒ අය අත උස්සනවා. ඒ අයගේ ප්‍රතිපත්තිය ඒකෙන්ම පේනවනේ. පසුගිය සංශෝධන තුනටම අත ඉස්සුව සහ 20ටත් අත උස්සන්න නියමිතව ඉන්න මන්ත්‍රීවරු තිස් ගාණක් විතර මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා.
19 අහෝසි කිරීම සඳහා තාවකාලිකව 20 වැනි සංශෝධනය ගෙනාවත්, ඉතාම ඉක්මණින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන බවත් රජය ප්‍රකාශ කරනවා. විපක්ෂය විදියට ඔබතුමාලා ඒකටත් විරුද්ධ වෙනවාද?
ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ හැම දෙනාගෙම අදහස් අරගෙන සකස් කරන්න ඕනෑ දෙයක්. අපි 19 සකස් කළේ එහෙමයි. ඒත් මේ ආණ්ඩුව 20 ගේන්න අපි එක්ක සාකච්ඡා කළේ නැහැ. ඒ අය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ගේන්න හිතාගෙන ඉන්නේ ඒ විදියට නම් අපිට ඒකට එකඟ වෙන්න බැහැ. සහයෝගය දෙන්න නම් අපි එක්ක සාකච්ඡා කරලා සංවාදයක යෙදෙන්න ඕනෑ.
ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුත් 20ට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දක්වන බව පේනවා. මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ 20 සම්මත කරගන්න ආණ්ඩුවට පුළුවන් වේවිද?
අපේ සහාය නැතත් ආණ්ඩුවට 2/3ක බලයක් පාර්ලිමේන්තුවේ තියෙනවනේ. ඒ හින්දා 20 සම්මත කර ගන්න ඒ අයට පුළුවන්. අනෙත් එක තාම ආණ්ඩුව අලුත්. අලුත් ආණ්ඩුවක් වට්ටන්න මන්ත්‍රීවරු කටයුතු කරයි කියලා හිතන්න බැහැ.

ඒ කියන්නේ 20 සම්මත වෙන්න ඉඩ දීලා ඔබතුමාලා නිහඬව ඉන්නවා කියන එකද?
අපි නිහඬ නැහැ. පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් අපි අපේ විරෝධය ගෙන යනවා. ගරුතර භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළා වගේම 20න් වෙන්නේ රට ආපස්සට යන එක. ඒ හින්දා රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි ඊට එරෙහිව කටයුතු කරනවා. 20 සම්මත වුණත් රට තුළ සහ ජාත්‍යන්තරයේ අපේ විරෝධය දිගින් දිගටම ගෙනි යන්න අපි කටයුතු කරනවා.
රටේ නැවත වරක් කොවිඞ් 19 අවදානමක් ඇති වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක 20 පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් වේවිද?
මේ අයට ජනතාව ගැන හැඟීමක් නැහැනේ. කොහොමත් මේ ආණ්ඩුව කොවිඞ් ප්‍රශ්නය අනා ගත්තා. විපක්ෂනායකතුමා ගුවන් තොටුපොළ වහන්න කියලා සති හයකට පස්සේ තමයි ආණ්ඩුව ඒක කළේ. ඒ වෙද්දී කොරෝනා ආසාදිතයන් බොහෝ දෙනෙක් රටට ඇවිත් ඉවරයි. ඒ වගේම ඡන්දය තියන්න ඕනෑකමට මේ ආණ්ඩුව ජනතාවට බොරු කිව්වා. අප්‍රේල් 22න් පස්සේ කොරෝනා අවදානම ඉවරයි කියලා සෞඛ්‍ය ඇමැතිවරිය කිව්වා. සිංහල අවුරුද්දට ජනතාවට තෑග්ගක් දෙනවා කියලා යුද හමුදාපතිවරයා කිව්වා. ඒ හරහා කොවිඞ් ගැන ජනතාවගේ තිබුණු අවධානය බිඳ වැටුණා. අපි වුණත් රජය කිව්ව දේ පිළිගත්තනේ. නමුත් මේක අළු යට ගිනි පුපුරු වගේ කොයි වෙලේ හරි මතුවෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු නිතරම කිව්වා. ඒත් ඒවා රජය මායිම් කළේ නැහැ. ඒ හින්දා ජනතාවට මොනවා වුණත් මේ රජය 20 ගේන එක නවත්වන්නේ නැහැ.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

අභයාරාමෙන් අගමැති-මැති අමැතිවරුන් කැඳවයි: අවසන් තීන්දුව දැනුම් දෙයි EXCLUSIVE

Next Post

ඇල්ලේ හිමි කාදිනල් හිමි හමුවක්: විස්සට කාදිනල් හිමිත් විරුද්ධ වෙයි (VIDEO)

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.