• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි ‌නොදන්න රනිල් සහ ‌හේමා (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 5, 2019
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
අපි ‌නොදන්න රනිල් සහ ‌හේමා (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වුණේ බිරිය හේමා ප්‍රේමදාසයේ කේන්දරේ හින්දා යැයි එකල ප්‍රකට කතාවක් විය. ප්‍රේමදාස ජනාධිපති වූ විට මේ කතාව ලැව් ගින්නක් සේ පැතිරිණි. හැබැයි ප්‍රේමදාස දේශපාලනයේ තීන්දු තීරණ ගත්තේ සිරිසේන කුරේ වැනි ඔහුගේ ගෝලබාලයන් සමඟය. කුරේලා සමඟ ප්‍රේමදාස ගත් තීන්දු තීරණ බොහොමයක් වැරැදි බව හේමාට තේරුණි. 1988 ජනාධිපතිවරණය සඳහා ප්‍රේමදාසට එජාප අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් ප්‍රේමදාස වෙනම තරග කළ යුතුය යන මතයේ කුරේලා, මල්ලිමාරච්චිලා සිටියහ. මේ වන විට ජේ.ආර්. ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි වී විදේශ සංචාරවල යමින් සිටි ප්‍රේමදාසට පාඩමක් උගන්වන්න කුරේගේ සහ මල්ලිමාරච්චිගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයද තහනම් කර තිබිණි. මේ නිසා ප්‍රේමදාසගේ ගෝලබාලයන් තුළ ජේ.ආර්. විරෝධයක් ගොඩනැඟී තිබිණි. ඔවුන්ගේ බලකිරීම මත පක්ෂය තුළ තමාට ඇති ශක්තිය මනින්න ප්‍රේමදාස යූ.ඇන්.පී. මන්ත්‍රීවරුන්ට අරලියගහ මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කළේය. හේමා එයට කැමැති නොවීය. රාත්‍රී භෝජන සංග්‍රහයට රාත්‍රී 7-8 වන විටත් පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකි.
“බලන්නකෝ හේමා මේගොල්ලෝ මට කියනවා වෙනම පක්ෂයකින් ඉල්ලන්න කියලා. මම එහෙම කළොත් මම විනාශයිනේ…”
ප්‍රේමදාස කීවේ භෝජන සංග්‍රහයේ අඩුපාඩු බලමින් සිටි හේමාටය. හේමාගේ මතය වූයේ පක්ෂය කඩාගෙන යායුතු නැත කියාය. ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබාගන්න ඇය ජේ.ආර්.ගේ ගෝලබාලයන්ට පින්සෙන්ඩු විය. එලෙස ඇය කතා කළ අය අතර ජේ.ආර්.ගේ බෑණා රනිල්ද විය. 1988 ජනාධිපතිවරණය දිනන්න නම් ප්‍රේමදාසට අපේක්ෂකත්වය දිය යුතු යැයි ජේ.ආර්.ට අවබෝධ කළ අය අතර රනිල්ද එක්කෙනෙකි. ප්‍රේමදාස ජනාධිපති වූ විගස රනිල්ට සභානායක ධුරය දුන්නේ එහෙයිනි. පක්ෂය තුළ සිටි ජේ.ආර්.ගේ මන්ත්‍රීවරුන්ගේ සහාය ගන්න රනිල්ට සභානායක ධුරය දිය යුතු යැයි ප්‍රේමදාස විශ්වාස කළේය. ඔහු රනිල්ව දැඩි ලෙස විශ්වාස කළේය. රනිල්ද ඒ විශ්වාසය දැඩි ලෙස ආරක්ෂා කළේය. පක්ෂ මහලේකම් රන්ජන් ඝාතනය වී කුරේ පක්ෂ ලේකම් වූ පසු ප්‍රේමදාස පක්ෂය තුළ සිටි ජේ.ආර්.වාදීන්ට කෙණහිලිකම් කරන්න පටන්ගත්තේය. ප්‍රේමදාස ජනාධිපති වූ පසු ඔහු වටා ගොඩනැඟෙමින් පැවැති ජේ.ආර්. විරෝධී කල්ලියෙන් ප්‍රේමදාස බේරාගන්න යැයි රනිල්ට උපදෙස් දුන්නේ හේමාය. ප්‍රේමදාස ආණ්ඩුවේ හේමාත් රනිලුත් සිටියේ හරි තැනය. පාර්ලිමේන්තුවේදීත්, පිටදීත් හේමාට එරෙහිව එවකට විපක්ෂය වූ ශ්‍රීලනිපය මඩගහන විට හේමා වෙනුවෙන් පෙනීසිටියේ රනිල්ය. වරක් ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ඩන්කන් පෙරේරා සජිත්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් සංවිධාන කොට රට පුරා පෝස්ටර් ඇලෙව්වේ සජිත් ප්‍රේමදාසව ඔටුන්න හිමි කුමාරයා ලෙස පෙන්වමිනි. මේ උත්සවයට හේමා ප්‍රේමදාසද සහභාගි වූවාය. ප්‍රේමදාස මේ උත්සවයට තදින් විරුද්ධ විය. ඒත් විපක්ෂයේ සිටි ශ්‍රීලනිපය කෑමොර දුන්නේ පවුල්වාදයට එරෙහිව වේදිකා දෙවනත් කළ ප්‍රේමදාස දැන් පවුල රජ කරන්න යනවාය කියාය. ඒ වෙලාවේ ප්‍රේමදාසත්, හේමාත්, සජිත්වත්, ප්‍රේමදාස පවුලත් ශ්‍රීලනිපයේ මඩ ප්‍රහාරවලින් බේරාගත්තේ රනිල්ය. වරක් හේමා පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ ගැලරියට ඇතුළු වුණා යැයි ශ්‍රීලනිපය වරප්‍රසාද ප්‍රශ්න මතුකරමින් පාර්ලිමේන්තුවේ යකා නටද්දී හේමාව ආරක්ෂා කරමින් උත්තර දුන්නේ රනිල්ය.

ජායාරූපය ලහිරු හර්ෂණගේ පිටුවෙනි…

1991 ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගයක් ආ වෙලාවේ ප්‍රේමදාසව බේරාගන්න හේමා පිහිට පැතුවේ රනිල්ගෙන්ය. ඇමති මණ්ඩලයේදී ප්‍රේමදාසට පක්ෂව ඡන්දයක් ඉල්ලමින් දෝෂාභියෝගය ඇමැති මණ්ඩලය තුළම පරාජය කළේ රනිල්ය. කතානායක මොහොමඞ්ව ප්‍රේමදාසට නම්මවා ගන්න රනිල්, කතානායක හමුවෙන්න යැව්වේ හේමාවය. ඒ වෙලාවේ රනිල්ගේ කුරුඳුවත්ත පන්තියේ රාජකීය විද්‍යාලයේ මිත්‍රයන්, ඥාතීන් ප්‍රේමදාසගෙන් අයින් වෙන්න යැයි රනිල්ට බලපෑම් කළහ. ලලිත් ඇතුලත්මුදලි, රනිල්ගේ මාමා වන ලංකාදීප පුවත්පත් හිමිකරු හරහා රනිල්ට පණිවුඩ එව්වේ තමන් සහ ගාමිණී සමඟ එකතු වෙන්න කියාය. ඒත් රනිල් ප්‍රේමදාසව අතහැරියේ නැත. ප්‍රේමදාසව ආරක්ෂා කරන්න පෙනී සිටියත් 1992 මැයි රැලියේදී ප්‍රේමදාසගේ ගෝලයෙක් වන වීරසිංහ මල්ලිමාරච්චිගේ ආධාරකරුවෝ රනිල් කතා කරන්න නැඟී සිටියදී ‘හූ’ කීහ. ඔවුන්ට ඕනෑ වුණේ ජේ.ආර්.ගේ මිනිස්සු පක්ෂයෙන් ශුද්ධ කරලා දමන්නටය. ඒත් රනිල් සැලුනේ නැත.
1993 ලලිත් ඇතුලත්මුදලිට වෙඩි වැදුණු විට හැමෝම ඇඟිල්ල දිගු කළේ ප්‍රේමදාසටය. ඒ වෙලාවේ ප්‍රේමදාස වෙනුවෙන් පුවත්පත් සාකච්ඡාවක් තියන්නවත් කවුරුත් ඉදිරිපත් නොවෙද්දී ඇතුලත්මුදලි ඝාතනයෙන් ප්‍රේමදාස නිදොස් බව රටට කීවේ රනිල් පමණි. 1993 මැයි පළමු වැනි දින ප්‍රේමදාස ඝාතනය වුවත් ඔහුගේ මළ සිරුර සොයාගත නොහැකි විය. ජනාධිපති ලේකම් කාර්යාලයට ආ රනිල් වහාම කළේ අගමැති ඩී.බී. විජේතුංගව ගෙන්වීමත්, ඒ වන විට නුවර සිටි හේමාව හෙලිකොප්ටරයක් යවා ගෙන්වාගැනීමත්ය. හේමා එන විට ප්‍රේමදාස මියගිය බව තහවුරු වී තිබිණි. හඬාගෙන දිව ආ හේමාව සැනසුවේ රනිල්ය. ඒ වෙලාවේ හේමා පොලිස්පතිගෙන් ඇහුවේ තමාගේ සැමියාව ආරක්ෂා කරගන්න බැරි වුණාද කියාය. සජිත්ට මේ ආරංචිය කියන්න රනිල් තෝරාගත්තේ එවකට තානාපති ධුරයක්ද දරපු කරු ජයසූරියවය. රනිල්ගේ උපදෙස් මත සජිත්ව ලංකාවට ගෙන එන්න සියලු දේ සූදානම් කළේ කරුය.
ඉන් පසු විජේතුංග ජනාධිපති හේමාටත්, ප්‍රේමදාස පවුලටත් පන්න පන්නා පහරගැසීය. විජේතුංග පක්ෂ නායකත්වයෙන් ඉවත් වී රනිල් නායකත්වයට පත්වූ පසු හේමා සජිත්ව තම අතින් අල්ලාගෙන සිරිකොතට ගෙනැවිත් පක්ෂ සාමාජිකත්වය අරන් දී ඔහුට ආසන සංවිධායක ධුරයක් ඉල්ලා සිටියේය. රනිල් එය ඉටු කළේය.
ඒ, මීට වසර 19කට පෙරය. පසුගියදා රනිල් හේමාව අතින් අල්ලාගෙන ගොස් යූ.ඇන්.පී. සම්මේලන වේදිකාවේ සජිත්ව ජනාධිපති අපේක්ෂක ලෙස නම්කරනු ලැබීය.
2002 රනිල් ආණ්ඩුවක් හදන විට සජිත් පාර්ලිමේන්තුවට තේරීපත්වී වසර දෙකක් ගතවුණා පමණි. සාමාන්‍යයෙන් නියෝජ්‍ය ඇමැති ධුරයකටත් මන්ත්‍රීවරයෙක් මන්ත්‍රී ධුරයේ කලක් සිටිය යුතුය. ඒත් හේමාගේ ඉල්ලීමට රනිල් සජිත්ට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ධුරය දුන්නේය. 2003දී රනිල්ගේ ආණ්ඩුවේ කැබිනට් රැස්වීම පැවැත්වෙද්දී හේමා හඬාගෙන එතැනට දිව ආවේ තමාට හෘද සැත්කමක් කිරීම සඳහා සිංගප්පූරුවට යන්න සිදුවී ඇති බව කියමිනි. එකල හෘද සැත්කම් අද මෙන් සාමාන්‍ය දෙයක් නොවේ. රනිල් වහාම රජයේ වියදමින් ඇයව විදේශයකට යවා සැත්කමට අවශ්‍ය සියලු කටයුතු තානාපති කාර්යාලය හරහා සූදානම් කර දුන්නේය.
පසුගිය දවස්වල සජිත් එනවා කිය කියා වේදිකාවල යකා නටපු කට්ටිය මේ ඉතිහාසය දන්නේ නැත. ප්‍රේමදාස ඝාතනය වන තෙක්ම හේමා රනිල්ට කීවේ තමාගේ මහත්තයා රැකබලා ගන්න කියාය. ප්‍රේමදාස මියගිය පසු ඇය රනිල් හමුවන හැම විටම කීවේ තමාගේ පුතාව රැකබලා ගන්න කියාය. පසුගියදාක ඇය රනිල්ට කීවේ මෙපමණය.
“මගේ පුතාට පක්ෂය කඩාගෙන යන්න කියල සමහරු කියනවා. අනේ ඒකට නම් ඉඩ දෙන්න එපා…”
ඇයගේ මේ දුක්ගැනවිල්ල අහගෙන සිටි රනිල් ඒකමතිකව සජිත්ට අපේක්ෂකත්වය දෙන්න තීරණය කළේය.
ප්‍රේමදාස පවුල සහ වික්‍රමසිංහ පවුල අතර ඇත්තේද පරණ සම්බන්ධතාවකි. රනිල්ගේ පියා එස්මන්ඞ් වික්‍රමසිංහ ලේක්හවුස් ආයතනය පාලනය කරද්දී ප්‍රේමදාස ලේක්හවුස් පත්තරවලට ලිපි ලීවේය. ඒ කාලයේ මුදල් අමාරුකම් නිසා ලියන ලිපිවලට කරන ගෙවීම් මාසය අවසන් වන තෙක් නොසිට සතියෙන් සතියට ලබාගන්න ප්‍රේමදාසට ඕනෑ විය. ඔහු මේ ඉල්ලීම කරන්න ගියේ රනිල්ගේ පියාගේ පෞද්ගලික ලේකම් ඛේමා සමරවීර වෙතටය. ඛේමා සමරවීර යනු මංගල සමරවීරගේ මවය. ඛේමා, ප්‍රේමදාසට කීවේ රනිල්ගේ පියා කාර්යබහුල නිසා ලේක්හවුස් ආයතනයට ඇතුළු වන දොරටුව අසල සිට ප්‍රේමදාසට මේ ප්‍රශ්නය කතාකරන්න කියාය. දින කිහිපයක් දොරටුව අසල රස්තියාදු වී රනිල්ගේ පියාට ප්‍රේමදාස තම ඉල්ලීම ඉදිරිපත් කළේය. එය ඉටුවිය. ඉන් පසු යූ.ඇන්.පී. දේශපාලනය තුළ එස්මන්ඞ් සහ ප්‍රේමදාස දැනහැඳින ගත්හ. 60 දශකයේ අග රනිල්ගේ පියා සහ පවුලේ අය දකුණේ මුහුදු තීරයේ විනෝද වෙමින් සිටියදී ඒ පාරේ වාහනයෙන් ගමන් කළ ප්‍රේමදාස ඔවුන් දැක රනිල්ගේ පියා හමුවීමට දිව ආවේය. මොහොතක් කතාකර ප්‍රේමදාස ආපසු යද්දී රනිල්ගේ පියා රනිල් ඇතුළු දරුවන්ට ප්‍රේමදාසව පෙන්වමින් කීවේ ඒ යන්නේ කවදා හෝ දිනෙක යූ.ඇන්.පී. නායකයා කියාය. ඔහුව යූ.ඇන්.පී. නායකයා කරන්න ජනාධිපති කරන්න තමාටත් හවුල් වෙන්න සිදුවේ යැයි එදා තරුණ රනිල් නොසිතන්න ඇත. ඒ වගේම ප්‍රේමදාසගේ පුතා ජනාධිපති අපේක්ෂක කරන්න යෝජනා කරන්න තමාට සිදුවේ යැයි රනිල් නොසිතන්න ඇත. දේශපාලනය සහ දෛවය හරි පුදුමාකාරය. එය හරියට ගහට පොත්ත වගේය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මෛත්‍රිගේ විභාගයේ උත්තරය ‌මෛත්‍රීමයි

Next Post

මහපොළොව නුහුලන ‌මේ අපරාධය ‌මොකක්ද? බිලි පූජාවක්ද? වසවිස දීලාද?

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.