• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවුල් ගොඩක්! එකඟතා ගාස්තු විදිහට ඩොලර් මිලියන 225ක් දැන් ලංකාවට ගෙවන්න වෙලා! 2025 ඉඳලා ඩොලර් මිලියන 1678ක බැඳුම්කරයකට 4%ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕන! 2033 – 38 දක්වා 8%ක පොලියක් අපි ගෙවන්න වෙලා! මේක 10% දක්වා වැඩිවෙන්න පුලුවන්! මේ ගිවිසුම අත්සන් කරන්න තියන තදියම තමයි ගජමිතුරෝ සනසන එක! මුලින් කියපු IMF අලුත් ගිවිසුම කෝ? ඇයි කම්කරු අයිතීන් අහෝසි කරන්න හදන්නේ? ඇයි පරාටේ නීතිය ආපහු ගේන්න යන්නේ? I Sri Lanka Latest News

November 23, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
අවුරුදු පහේ රට ගෙනියන්නේ කොහොමද? අද අනුර රටටම කියපු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දසවෙනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අමතමින් ජනාධිපතිවරයා විසින් පැවත්වූ රාජාසන කතාවේදී මතු වූ ප්‍රතිපත්තිමය ගැටලු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජන අරගල සන්ධානය කොළඹ ලයන්ස් ක්ලබ් හීදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.Sri Lanka Latest News

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව.

” අනුර දිසානායක ජනාධිපතිවරයා 10 වෙනි පාර්ලිමේන්තුවේ දී පවත්වපු රාජාසන කතාව සම්බන්ධයෙන් යම් ප්‍රතිපත්තිමය ගැටලු කිහිපයක් මතු වෙලා තියනවා. ජනාධිපතිවරයගේ කතාවේ මූලික වශයෙන් අවධානය යොමු වුනේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම ජනතාවට ජීවත් වෙන්න පුලුවන් තත්වයක් නිර්මාණය කිරීම ගැන. නමුත් මේ සියලු කරුණුවලට ඍජුව බලපෑම් කරන කේන්ද්‍රීය කරුණ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත්වීම සකස් වන ආකාරය. මොකද ඒ වටා තමයි ඉදිරි අවුරුදු කිහිපය තුළ රටේ ආර්ථිකය දෝලනය වෙන්නේ.

ඔබ දන්නවා ජන අරගල සන්ධානය විදිහට අපේ යෝජනාව වුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් විය යුතුයි කියන එක. හැබැයි ජාතික ජන බලවේගය වගේම සමගි ජන බලවේයත් දිගින් දිගටම කිව්වේ ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරල සමහර අහිතකර කොන්දේසි වෙනස් කරගෙන රටට හිතකර ගිවිසුමක් සඳහා එකඟ වෙනවා කියන කාරණය. අනුර දිසානායක ජනාධිපතිවරයා මෙතනිනුත් එහාට ගිහිල්ලා ඔවුන්ගේ ප්‍රතිපත්තිය තුළ පැහැදිලිව සඳහන් කලා විකල්ප ණය තිරසරකරණ සැලැස්මක් ( DSA ) ක්‍රියාත්මක කරනව කියලා. නමුත් දැන් ඒ සියල්ල පැත්තකට තල්ලු කරලා රනිල් වික්‍රමසිංහ එකඟ වෙච්ච ගිවිසුම ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පහුගිය කාලේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර හිමියන් එක්ක වාණිජ ණය සම්බන්ධයෙන් ඇතිකරගත්ත එකඟතාවයට අදාල ගිවිසුම අත්සන් කරන බව ජනාධිපතිවරයා පැහැදිලිව සඳහන් කලා. ආණ්ඩුව ජනතාවට දුන්න මැතිවරණ පොරොන්දුවලින් ප්‍රධානම එකඟතාවය තමයි මේ බිඳින්න සූදානම් වෙන්නේ. IMF කොන්දේසි වල තමයි තියෙන්නේ කම්කරු අයිතිවාසිකම් අහෝසි කරන තනි කම්කරු නීතිය ගේන්න කියන යෝජනාව. සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර බංකොලොත් කරන පරාටේ නීතිය ගේන්න කියන යෝජනාව. එහෙම විනාශකාරී ගිවිසුමක් අත්සන් කරන්න ආණ්ඩුවට තියන උවමනාව මොකක් ද ?

දැන් මැතිවරණයට කලින් සැප්තැම්බර් 18 මේ වාණිජ ණය හිමියන් සමග ගිවිසුම අත්සන් කලා කියලා තමයි ප්‍රචාරය කලේ. එහෙම නම් දෙසැම්බර් මාසේ අත්සන් කරන්න දෙයක් නෑ. නමුත් දැන් පැහැදිලි දැනටමත් මේ ගිවිසුම අත්සනක් කරලා නෑ. ඒක නිසා ආණ්ඩුවට තවමත් අවස්ථාව තියනවා මේ ගිවිසුම අත්සන් නොකර සාකච්ඡා කරලා මේ ගිවිසුම වෙනස් කරගන්න.

2025 – 26 – 27 කියන අවුරුදු තුනේ ලංකාවේ දළ දේශීය නිශ්පාදිතයේ නාමික අගය එක්ක ගලපල තමයි මේ ගිවිසුම හදලා තියෙන්නේ. ලෝකේ කිසිම රටක් එහෙම ගිවිසුමකට එන්නෙ නෑ. මොකද රටක දළ දේශීය නිශ්පාදිතයේ නාමික අගය ඉහල ගියත් රටේ සැබෑ ආර්ථික තත්වය කඩා වැටිලා තියෙන්න පුලුවන්. ඒක ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕන කෙනෙක්ට තේරෙනවා. දැන් අනිත් බරපතළ කාරණය තමයි අපි මේ ගිවිසුමට එකඟ වුනාම එකඟ වීමේ ගාස්තු විදිහට ඩොලර් මිලියන 225ක් අපි ගෙවන්න ඕන. ප්‍රතිශතාත්මක විදිහට මෙහි අගය 1.8%ක්. නමුත් ගානාව මේ ගිවිසුම අත්සන් කරද්දී ඔවුන්ට ලැබුණේ 1%ක එකඟතා ගාස්තුවක්. එහෙම නං ඇයි අපි විතරක් මෙච්චර විශාල එකඟතා ගාස්තුවක් ගෙවන්නේ ?

ඊලඟට මේ ගිවිසුමෙන් අපි එකඟ වෙනවා 2022 – 25 අතර කාලය තුළ අපි නොගෙවපු පොලිය එකතු කරලා ඒක බැඳුම්කරයක් බවට පත් කරන්න. එතකොට අපි 2025 ඉඳලා ඩොලර් මිලියන 1678ක බැඳුම්කරයකට 4% බැගින් වාර්ෂික පොලියක් ගෙවන්න ඕන.

27% ණය කප්පාදුවක් ලැබෙනවා කියලා පේන්න තමයි මේ ගිවිසුම සකස් කරල තියෙන්නේ. නමුත් මේ ගිවිසුම හදලා තියෙන විදිහට රටේ ආර්ථිකය වර්ධනය වෙන ප්‍රමාණය අනුව අපේ ණය කප්පාදුව අඩු වෙනවා. අපි ගණං බලල තියෙන විදිහට බොහෝ දුරට 20%ක පමණ ණය කප්පාදුවක් තමයි අපිට හම්බ වෙන්නේ. මේ ණය වාරිකවලට 2033 – 38 දක්වා 8%ක පොලියක් අපි ගෙවන්න ඕන. මේක 10% දක්වා වැඩි වෙන්න පුලුවන්. හැබැයි අපේ ආර්ථික වර්ධන වේගය තියෙන්නේ 3%යි එහෙම තියෙද්දි තමයි මෙච්චර විශාල පොලී අනුපාතයකට එකඟ වෙලා තියෙන්නේ.

මේ ආණ්ඩුව පත් වෙච්ච ගමන් ආණ්ඩුවට පළවෙනි ලියමු එව්වේ දුමින්ද හුලංගමුව. ඒ ලියුමේ කියල තිබුණේ මේ ගිවිසුම ඉක්මන්ට අත්සන් කරන්න කියලා. දුමින්ද හුලංගමුවට මේ ගිවිසුම අත්සන් කරන්න තියන තදියම තමයි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඩොලර් බිලියන 12.5 අතරේ ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ ඩොලර් බිලියන 1.8ක් තියනවා. මේ ගිවිසුම අත්සන් කලොත් ඒ ඩොලර් බිලියන 1.8ට විශාල වාසියක් අත්වෙන්න නියමිතයි. ඒක නිසා තමයි පහුගිය කාලේ මේ ගිවිසුම අත්සන් කරන්න යනවා කියන ආරංචියට ලංකාවේ බැංකුවල කොටස් මිළ ඉහල ගියේ.

ඒක නිසා පැහැදිලියි මේ ගිවිසුම හදල තියෙන්නේම ගජමිතුරු ව්‍යාපාරිකයෝ සනසවන්න. සාමාන්‍ය ජනතාවට මේ ගිවිසුමෙන් අත්වෙන ප්‍රතිලාභයක් නෑ. හැබැයි මේ ගිවිසුම අත්සන් කලෝත් එන ආර්ථික බර දරන්න වෙන්නෙ ජනතාවට. මේ එකඟ වෙලා තියෙන හැම ඩොලර් එකක්ම ගෙවන්න ඕන මේ රටේ මිනිස්සු.

ඒක නිසා අපි ජන අරගල සන්ධානය විදිහට ආණ්ඩුවට කියනවා මේ ගිවිසුම කියන්නේ දැවැන්ත උගුලක්. මේ ගිවිසුම එක්ක අපිට ලබන අවුරුද්දේ ඩොලර් බිලියන 1ට වැඩි ණය පොළියක් ගෙවන්න වෙනවා. අපිට 2028 අවුරුද්දේ ඉඳලා වාර්ෂිකව ගෙවන්න වෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4ක් 5ක් පමණ වෙනවා. එච්චර ණය ප්‍රමාණයක් ගෙවන්න පුලුවන් ආර්ථික තත්වයක් ලංකාවට නෑ. දැන් ආණ්ඩුව සූදානම් වෙන්නේ මේ ගිවිසුම අත්සන් කරන්න නම් ඒක එතරම් ප්‍රඥාගෝචර තීරණයක් නෙමෙයි. මොකද ජනතාව මුලින් කියාවි ඕන නම් අපි ලුණුයි බතුයි කාලා ඉන්නම් කියලා. හැබැයි ඒක එහෙම වෙන්නෙ නෑ. මොකද ජනතාවගේ ඉල්ලීම් ඊට වඩා විශාලයි. අනිත් කාරණය තමයි ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියනවා මේ ගිවිසුම අහෝසි කරන්න. ජනතාව ඔවුන්ට ඡන්දය දුන්නේ ඒ වෙනුවෙන්. “

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි.

” අනුර දිසානායක ජනාධිපතිවරයා තමන්ගේ කතාව ඇතුලේ සමාජ ආර්ථික දේශපාලනය සම්බන්ධයෙන් කරන ලද කතාවේ යම් කරුණු ප්‍රමාණයක් මගහැර ගත්තා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. විශේෂයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කල කරුණ තමයි රටේ ආර්ථිකය නූලකින් බැඳිලා තියෙන්නේ ඒ නූල කඩන්න බෑ කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තියන එකඟතාවය කඩන්න බෑ ඒ එකඟතාවය දිගටම යනවා කියන ප්‍රකාශය තුළම අපිට දකින්න ලැබෙන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය පරස්පරතාවයක්. මහබැංකු අධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, දුමින්ද හුලංගමුව වැනි ආර්ථික උපදේශකයන් එක්ක තමයි ආණ්ඩුව දැන් කටයුතු කරන්නේ. එතකොට අපිට පේනවා ජනාධිපතිවරයා හෝ ඇමැති මණ්ඩලය පැත්තකින් තියලා යම් බළල් හස්තයක් විසින් ආණ්ඩුව මෙහෙයවනවදෝ කියන සැකය අපිට මතු වෙනවා.

අනිත් වැදගත් කාරණය තමයි රාජාසන කතාවෙදි ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිදු කරුණක් කියවුනේ නෑ. නමුත් ජනාධිපතිවරයාට උතුරු නැගෙනහිර සහ වතුකරයේ විශාල ජනතාවක් තමන්ගේ ඡන්දය පාවිච්චි කලේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙයි කියන විශාල බලාපොරොත්තුව සහිතව. නමුත් දැන් ආණ්ඩුව ජාතික ප්‍රශ්නයක් රටේ නැ දෙමළ මුස්ලිම් සහ කඳුකර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් කඩවෙලා නෑ වගේ කතාවක තමයි යන්නේ.

පසුගිය කාලේ ඉදලම රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන්න ආර්ථික පරිවර්තන පනත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි පනත් සම්බන්ධයෙන් ආණ්ඩුව තවමත් තමන්ගේ ස්ථාවර ප්‍රකාශ නොකර යෑමත් ගැටලු සහගතයි. පසුගිය කාලය පුරාවටම මේ පනත් යොදාගෙන තමයි රටට ජනතාවට වගේම ආර්ථිකයට විශාල හානියක් පාලකයෝ කලේ. ඒක නිසා තමයි අපි දිගින් දිගටම මේ විනාශකාරී පනත් අහෝසි කල යුතුයි කියන සාකච්ඡාව පවා ගෙනාවේ. නමුත් දැන් ඒ සියල්ල ආණ්ඩුව අමතක කරමින් ඉන්න බව තමයි අපිට පේන්න තියෙන්නේ.

අපි ජන අරගල සන්ධානය විදිහට ආණ්ඩුවට කියනවා ඔබට ජනතාව බලය දුන්නේ යම් රැඩිකල් වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒක නිසා පරණ ආණ්ඩුවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න යන්න එපා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පහුගිය කාලේ එකඟවුනු විනාශකාරී ගිවිසුම් වහාම අහෝසි කරන්න. “

SendShareShare
Previous Post

නාමල්ගෙ හංගලා තියෙනවා කියපු උගන්ඩා-සීෂෙල්ස් සල්ලිවලට මොකද කරන්නේ? I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව මුලින් කියපු කතා ඉවරයි! කිසිසේත්ම IMF ගිවිසුම වෙනස් කරන්න බෑ කිව්වා! කොන්දේසි ඒ විදිහටම ඉටු කරන්න වෙනවා කිව්වා! සල්ලි හොයන හැටි දැන් ආණ්ඩුවට කියන්න වෙයි! සජබ සාකච්ඡාවේදී IMF එක කියපු කතා එළියට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

Load More
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ පළකළ සටහනක් මේ වනවිට...

Read more
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.