• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ඉන්දියාවට ගිහින් බයිසිකල් පැද්දා! සජිත් ඉන්දියාවට ගිහින් මොකද කළේ? ඇයි ඉන්දියාව සජිත්ට ආරාධනා කළේ? VIDEO I Sri Lanka Latest News

November 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉන්දීය විදේශ ඇමැති ජයශංකර් සමග විපක්ෂනායක සජිත්ගේ සාකච්ඡාව පැයකට ආසන්නයි! තීරණාත්මක කරුණු ගණනාවක් ගැන කතාකරලා!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද (05) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ දුෂණ විරෝධි බලවේගයේ කැදවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,

‘‘රටේ සෑබැ ප්‍රශ්න යටපත් කරමින් වෙනත් මාතෘකා කරළියට ගෙන ඒමට ආණ්ඩුව ඉතාමත් දක්ෂයි. ඒ අනුව ආණ්ඩුව ලූණු ගෙඩියේ වට ප්‍රමාණය මනිමින් මේ දිනවල වැඩකටයුතු කරමින් සිටිනවා. කෙසේ නමුත් රටේ සිදුවුණ අල සහ ලූණු වංචාව පිළිබඳව මම අගෝස්තු මාසයේ 28 වැනිදා මාධ්‍යයට හෙළිදරව් කළා.

ඒ අනුව ‘‘බී ලූණු රුපියල් 10 බද්ද රුපියල් 50 දක්වා වැඩි කරන බවත් අර්තාපල් රුපියල් 60 බද්ද රුපියල් 80 දක්වා වැඩි කරන බවට තිරණ කරනු ලැබුවා. සති දෙකක කාලයක් ආණ්ඩුවට හිතවත් කූඨ ව්‍යාපාරික රැලක් දිගින් දිගටම අල සහ ලූණු ගෙන්වීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව පසුගිය දින 10 තුළ ලූණු ටොන් 18,000 ක් සහ අල ටොන් 23,000 ක් බද්ද අය කරන්න පෙර ලංකාවට ගෙන්වලා තිබෙනවා. කෙසේ නමුත් අල සහ ලූණු සඳහා අය කිරීමට නියමිත බද්ද පිළිබඳව තොරතුරු ආණ්ඩුවේ ගජමිතුරු කූඨ වෙළද කණ්ඩායමට ආණ්ඩුව විසින් ලබාදී තිබෙනවා‘‘ මාධ්‍යයට මම හෙළිදරව් කළා.

නමුත් ලූණු ගොවියාගේ ලුණු වෙළඳපොළට පැමිණෙන විට ගොවියාගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් නොලැබුණොත් ගොවින් ගොවිතැනින් ඉවත් වෙන්න ඉඩ තිබෙන නිසා බද්දක් අය කරන බව මා කළ හෙළිදරව්වට පසු වසන්ත සමරසිංහ වෙළඳ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් ආණ්ඩුවට උදව් කළ කූඨ ව්‍යාපාර රැළක් මේ සිද්ධිය පිටුපසු සිටින බව ගොවීන්ට දැනිලා තිබෙනවා. ඒ වගේම රාජපක්ෂවරු සමඟ සිටි කූඨ ව්‍යාපාරික රැළ ඒ ආකාරයෙන්ම අනුර දිසානායක ජනාධිපතිවරයා සමඟ සිටින බවත් දැන් ගොවී ජනතාව දන්නවා. ඒ වගේම කොම්පොස්ට් පොහොර හදන්න තරමට ලංකාව තුළ අල , ලූණූ තිබෙන බවත් ගොවීන් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වනවිට සතොස සභාපතිවරයා ඉල්ලා අස්වීමට තිරණය කර තිබෙනවා. ඒ වගේම අලු ලූණූ වංචාව මම මුලින්ම හෙළිකරපු දිනවල මුදල් අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් භාරව කටයුතු කරන නිලධාරියා ඉල්ලා අස්වුණා. මේ නිලධාරීන් ඉල්ලා අස්වෙන්නේ අපේ ආණ්ඩුවක් ආවම හිරගෙවල්වල ලගින්න වෙන බය නිසයි.

ඒ වගේම ගොවියගේ ළුණු ටික මිලදී නොගෙන සිටිම සඳහා ගෙනා නිර්නායකය තමයි ලූණු ගෙඩියේ වටප්‍රමාණය මැනීම. ඒ අනුව සතොස බලධාරීන් ප්‍රකාශ කළා වටප්‍රමාණය මනින්නේ නෑ, විශ්කම්භය මනිනවා කියලා. ළුණු ගෙඩියේ විශ්කම්භය මනින්නේ ඒක කපලද? මේ වගේ මෝඩ තින්දු තිරණ ගන්නා ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ බිහිවෙලා නැහැ. මීට අවුරුදු ගණනකට පෙර පොල් ගෙඩියේ වට ප්‍රමාණය මැන්නම හිනා වුන අනුර දිසානායක මහත්තයා ප්‍රමුඛ පැලවත්ත බුද්ධිමතුන් අද ළුණු ගෙඩියේ විශ්කම්භය මනින්න ක්‍රම හොයනවා. අල වලට ළූණු වලට බදු වැඩි කරන්න ආණ්ඩුව මොනවටද කියලා වර්තමානයේ ඇමැතිධුරය හොබනව නාමල් කරුණාරත්න ඇමැතිවරයා , සමන්ත විද්‍යාරත්න ඇමැතිවරයා ප්‍රශ්න කළා. අල ගොවියාව , ලූණු ගොවියාව ආරක්ෂා කරන්න දන්නේ නැති ව්‍යාපාර මාෆියාවක් විසින් පාලනය කරන ආණ්ඩුවටක් යටතේ තමයි අද රටේ මිනිස්සු ජිවිත් වෙන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරික රැලෙන් ලැබෙන කොමිස් මුදල් පැලවත්ත පක්ෂ කාර්යාලයට ලැබෙන බවටත් අපට සැකයක් තිබෙනවා.

ඒ වගේම *රුපියල මත දිනෙන් දින පීඩනය වැඩි වෙනවා. 2024 දෙසැම්බර් 292 වූ අමෙරිකානු ඩොලරය 2025 ඔක්තෝම්බර් මාසයේ රුපියල් 305 ක් වී තිබෙනවා.රුපියල සියයට 4 කින් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ වගේම විනිමය හැකියාව මතයි රටක ආර්ථිකය හකුලනවද? විහිදුවනවද? කියලා තීරණය වෙන්නේ. ඒ වගේම 2025 රටේ ජංගම ගිණුම සෘණ අගයකයි පැවැතුනේ ඒ කියන්නේ භාණ්ඩ හා සේවා අපනයන හරහා උපයන ඩොලර් ප්‍රමාණය රටට අවශ්‍ය ආනයන සඳහා යොදවන්න ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ඩොලර් බිලියන 13 ක අපනයන ශ්‍රී ලංකාවෙන් පිටත් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. එසේ නම් ඩොලර් බිලියන 13 න් ශ්‍රී ලංකාවට කොපමණ මුදලක් ලැබුණාදැයි ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි. කෙසේ නමුත් එම ඩොලර් බිලියන 13 න් ඩොලර් බිලියන 8 කට වඩා වැඩි මුදලක් ලංකාවට පැමිණිමට නොදි සිටිමට කූඨ ව්‍යාපාරික රැළ කටයුතු කර තිබෙනවා. එහෙම වුණානම් රටේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි විය යුතුයි.

කෙසේ නමුත් වර්තමාන රජයේ රටට කිසිදු ආයෝජනයක් ගෙන ඒමට කටයුතු කර නැහැ. ආණ්ඩුවට කිසිදු විදේශ ප්‍රතිපත්තියක් නැහැ. වෙනත් රටවල ව්‍යාපාරිකයන්ට ශ්‍රි ලංකාව පිළිබඳව විශ්වාසයක් නැහැ. කෙසේ නමුත් 2024 සැප්තැම්බර් මාසයේ ඩොලර් මිලියන 634 ක් වුණ වෙළඳ හිඟය 2025 සැප්තැම්බර් මාසයේ 910 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඩොලර් බිලියන 4.2 වෙච්ච වෙළඳ හිඟය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඩොලර් බිලියන 5.2ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මේක තමයි රටේ ආර්ථිකයෝ සැබෑ තත්ත්වය. * ඒ වගේම ඔක්තෝම්බර් 22 – රු 306.86 , ඔක්තෝම්බර් 23 – රු 307.14 , ඔක්තෝම්බර් 24 – රු 307. 51 , ඔක්තෝම්බර් 28 – රු 308 යි. ඒ වගේම මේ සියළු තොරතුරු අපි ලබා ගත්තේ මුදල් අමාත්‍යාංශයේ Mid-year physical report එක තුළින්. මේ තමයි රටේ ආර්ථිකයේ සත්‍ය. ඒ වගේම ගෝඨාභයගේ දෙක බවට අනුර දිසානායක පත්වෙමින් තිබෙනවා.

රටේ ආර්ථිකය මෙවැනි තත්ත්වයක තිබුණට ආණ්ඩුව අලුතින් සුඛෝපභෝගී ඩබල්කැබ් රථ 1775 ගෙන්වන්න සුදානම් වෙනවා. ඒ සඳහා වියදම රුපියල් කෝටි 4200 ක්, ඒ කියන්නේ බිලියන 42 ක්. කටුනායක අධිවේගී මාර්ගය හදන්න ගියපු මුදල වගේම ප්‍රමාණයක්. නමුත් රජය සතුව වාහන 87,000 ක් තිබෙනවා. එසේ තිබියදී තමයි අලුතින්ම වාහන 1775ක් ගේන්න ආණ්ඩුව උත්සහ කරන්නේ. මෙම කැබ් රථ ගෙන එන්නේ ආණ්ඩුවේ හිතවත් පිරිසටයි. ඒ වගේම මේ සඳහා දවස් 12 ක් වැනි කෙටි කාලයකින් ටෙන්ඩරය නිකුත් කර තිබෙනවා. මෙම ටෙන්ඩරයෙත් විශාල මගඩියක් තිබෙන බව පැහැදිලියි. කෙසේ නමුත් රටේ බඩු මිල වැඩිවෙලා , විදුලි බිල වැඩි වෙලා , IMF ණයෙන් ජීවත් වෙන රටක ආණ්ඩුවක් හදිසියේ වාහන ගෙන්වන්න කටයුතු කරනවා. ගොවියෝ, රාජ්‍ය සේවකයො, පුද්ගලික අංශයේ සේවකයෝ, වතු කම්කරුවෝ දුක් මහන්සියෙන් උපයන සෑම රුපියලකින්ම බදු ගහන ආණ්ඩුව ඒ සල්ලි වලට කරන වැඩ.
ඒ වගේම ආණ්ඩුව මේ සියල්ල වසා ගැනීමට විවිධ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටිනවා. මෙවැනි සංදර්ශන මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාපක්ෂ හිටපු ජනාධිපතිවරුත් සිදුකළා. ඒ සංදර්ශන මොනවාද කියලා රටේ ජනතාව හොදින් දන්නවා. කෙසේ නමුත් ක්‍රමයේ වෙනසක් ඇති කරන්න පැමිණි පිරිස පැරණි ක්‍රමයට අනුගත වී තිබෙනවා. හාල්, ලුණු, අල, ළූණු, සුළං බලාගාර ටෙන්ඩර් වගේම මේ කැබ් ටෙන්ඩර් එකෙනුත් ආණ්ඩුවට හිතවත් පිරිසට වාසි වන ආකාරයටයි ආණ්ඩුව සිදුකරන්නේ. ඒ වගේම බහලුම් 309 මහා පරිමාණ වංචාව , අයිස් මත්ද්‍රව්‍ය සකස් කරන අමුද්‍රව්‍ය රටට ගෙන ඒමට අවසර දුන්න ඵෙතිහාසික නායකයා බවටත් අනුර දිසානායක පත්වෙනවා.

ඒ වගේම 2024 වසරේ 4 වන කාර්තුව තුළ ශ්‍රී ලංකාව 5.4%ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය 2025 වසරේ පළමු කාර්තුව තුළ 4.8%ක් ලෙසත්, දෙවන කාර්තුව තුළ 4.9% ක් ලෙසත් පැවතිණි. ඒ අනුව අනුර දිසානායක ජනාධිපතිවරයාගේ පළමු වසර තුළ නිල සංචිතවල කිසිදු වැඩිවීමක් නැහැ. ඒ වගේ පසුගිය වසර 3 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයත් ක්‍රමයෙන් අඩුවී තිබෙනවා. කෙසේ නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයාට තුන්වැනි අයවැයක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුව 2026 වසර සඳහා ඉදිරිපත් කරන අයවැයෙන් රට පුනරුද යුගයක් කරා ගමන් කරයි කියලා අපි බලාගෙන සිටිනවා.

ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියානු රජය විසින් සිදුකළ නිල ආරාධනයකට අනුව ඉන්දියාවට ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගද සුවද ඉක්මනින් හඳුනාගන්න පුලුවන් එකම රට ඉන්දියාව. සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවට ගොස් තිබෙන්නේ වැදගත් සාකච්ඡා කිහිපයකට. ඔහු ඉන්දියානු මුදල් ඇමැතිවරිය සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා. ඉන්දියාවට ගියේ ශ්‍රී ලංකාවේ විලක්ප නායකයා. ලංකාවේ වෙනසට අවශ්‍ය නායකත්වය තමයි ඉන්දියාවට ගොස් තිබෙන්නේ. ඒ වගේම අනුර දිසානායක මහතා සහ ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් 7 වත් රටට හෙළි කළේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා තමයි ශ්‍රී ලංකාවේ කඩාගෙන වැටෙන ආර්ථිකය ගොඩ ගන්න හැකියාව තිබෙන්නේ. අද්දැකිම් , පලපුරුද්ද නැති නායකයන් විසින් බිද දමන ආර්ථිකය ගොඩ ගැනිමට සිටින එකම විකල්ප නායකයා සජිත් ප්‍රේමදාස පමණයි. ඒ බව ඉන්දියාව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයට එකතු වුණ මුදල් වලින් රටේ පාසල් 300 කට සුහුරු පන්තිකාමර ලබාදුන්නා. නමුත් ආණ්ඩුව රටේ එක පාසලකට එක සුහුරු පන්තියක්වත් ලබාදිලා නැ. නමුත් රජයට වැඩි වාහන විකුණලා ඒ මුදල් වලින් පාසල් හදන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. අධ්‍යාපනය වෙනුවෙන් කිසිවක් ආණ්ඩුව සිදුකරලා නැහැ.

21 පැවැත්වෙන රැළියට සමගි ජනබලවේගය සුභ පතනවා. ප්‍රතිපත්තිමය හේතුවක් මත සමගි ජනබලවේගය එම රැළියට සහභාගි වෙන්නේ නැහැ. සමගි ජනබලවේගයට එකතුවුණ දේශපාලන පක්ෂ කිහිපයක් තිබෙනවා. ඒ සමගි ජන සන්ධානයට අයත් වෙනස් පක්ෂ සමාජිකයන් එම රැළියට සහභාගි වෙන්න පුලුවන්. ඒ වගේම සමගි ජනබලවේගය සමගි ජන සන්ධානය සමඟ එකතුවි සිටින පක්ෂවලට අපි බලපෑම් කරන්නේ නැහැ. දකුණු කඳවුරේ අවසාන නවාතැන්පල වන්නේ සමගි ජන සන්ධානයයි. කෙසේ නමුත් මේ සියලුම දෙනා එකතු වෙන්නේ රට නැවත අගාධයට ඇද දමන පාලනයට විරුද්ධවයි. ආණ්ඩුව පන්නා දමන සියලුම සාකච්ඡා සඳහා සමගි ජනබලවේගයේ ආශිර්වාදය තිබෙනවා.‘‘

SendShareShare
Previous Post

පළාත් සභා ඡන්දය නොතියන එක ගැන ආණ්ඩුවත් සද්ද නෑ! විපක්ෂයත් සද්ද නෑ! ඡන්දය තියන්නෙත් නෑ! හිටපු මැකො දෙගොල්ලන්ටම එකට තියලා ගහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මේක මොන රටක්ද දෙයියනේ..! ඉස්කෝලෙ විදුහල්පති කුඩු විකුණලා අහුවෙලා! ඒ මදිවාට බිරියත් මන්ත්‍රීවරියක්ලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.