අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණ තොරතුරකට අනුව එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ඊයේ (04) එප්පාවල – ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් විස්සක් සමඟ එප්පාවල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
මෙසේ අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ පළාත් පාලන ආයතනයක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් බවයි වාර්තා වෙන්නේ.
මෙම සැකකරුවන් එම ප්‍රදේශයම පදිංචි අවුරුදු 54 හා 22 වයසේ පසුවන පුද්ගලයන් බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් පුරා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනු ලබනවා.










