• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

අධිකරණය තීන්දුව දුන්නා! SHUT UP AND SIT DOWN…! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 4, 2023
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
අධිකරණය තීන්දුව දුන්නා! SHUT UP AND SIT DOWN…! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

පසුගිය පෙබරවාරි 23 රනිල් පාර්ලිමේන්තුවට ආවේ බජාර් එකේ චණ්ඩියා වගේය. ඔහු කීවේ ඡන්ද කල් දමලා නැහැ කල් දමන්න ඡන්දයක් නැහැ කියාය. ඔහු ඒ කතාවෙන් මැතිවරණ කොමිසමට ගැහුවේය. මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනීසිටින නීතිඥ සාලිය පීරිස්ට ගැහුවේය. ඡන්දයට මුදල් වෙන් කළාට සල්ලි නැත්නම් මුදල් දෙන්න බැහැ කියා කීවේය. ඡන්දෙට මුදල් හොයන්න අධිකරණයට බැහැ යැයි කියා හින්ට් එකක් ද ගැහුවේය. ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ‘ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන්’ කීවේය. ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන් කියන වචනයේ සිංහල තේරුම ‘කට වහපන්, වාඩි වෙයන්’ කියන එකය.

රනිල් මෙලෙස පාර්ලිමේන්තුවට ඇවිත් බජාර් එකේ චණ්ඩියා වුණේ එදින ශ්‍රේෂ්ඨාධිකරණය ඡන්දය කල් දමන පෙත්සමක් විභාග කරමින් සිටියදීය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩු විභාගය මැයි මාසයට කල් දැම්මේ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මැතිවරණය මාර්තු 09 පවත්වන්න නියමිත නිසා එදිනට ළඟ දිනයක් දෙන ලෙස ඉල්ලා සිටියදීය. එදිනම රනිල් පාර්ලිමේන්තුවේ බජාර් එකේ චණ්ඩියා වුණේ ‘ඒ කන්දත් මගේ තමයි මේ කන්දත් මගේ තමයි කඳු යායම මගේ තමයි මගේ රාජ්ජේ…’ කියා චූන් වෙලාය.

මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පසු රනිල් මැතිවරණය කල් දමන්න ගැහුවේ හැංගි හොරා ගේමකි. ඔහු ඒ සඳහා පාවිච්චි කළේ ඔහුගේ මාමාගේ පත්තර සහ රාජපක්ෂලාට කඩේ ගිහින් යන එන මං නැති වුණු ටී.වී., පත්තර සහ වෙබ් අඩවිය. එතෙක් මැතිවරණය පවත්වන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට දුන් නියෝගයට පසුව ඔහු එළිපිට නටන්න පටන් ගත්තේය. හැංගි හැංගි වෙස් මුහුණු බැන්දත් එළිපිට නටන්න වෙනවා යැයි කතාවක් තිබේ. ඔහු වෙස් මුහුණ ගැලෙව්වේ එදා පාර්ලිමේන්තුවේදීය. වෙස් මුහුණ ගලවා ඔහු නැටුවේ දහඅට සන්නියය. ඔහු එසේ දහඅට සන්නිය නටලා පසුවදා ඔහුගේ මාමාගේ පත්තරවල පළ කළේ යූ.ඇන්.පී.යේ ව්‍යවස්ථාව වෙනස් කරන්න කමිටුවක් පත්කළ බවය. මැතිවරණ කල් දමන්න දවසේ පැය විසිහතරම නිවුස් ප්ලාන්ට් කළ මේ පත්තර, ටී.වී. සහ වෙබ් අඩවි ජයග්‍රාහී නිවුස් එක ලෙස ප්ලාන්ට් කළේ යූ.ඇන්.පී. ව්‍යවස්ථාව වෙනස් කොට යූ.ඇන්.පී.ය ගොඩනගන නිවුස් එකය. ඒ කියන්නේ රනිල් හිතාගෙන හිටියේ මිනිස්සු යූ.ඇන්.පී.යට කැමැති වන තෙක් ඡන්ද නැහැ කියාය.

‘ඡන්ද දෙන්න නම් උඹලා යූ.ඇන්.පී.යට ඡන්දෙ දෙන්න ලෑස්ති වෙයල්ලා. නැත්නම් ඡන්ද නැහැ…’

මේ රනිල් එදා පාර්ලිමේන්තුව හරහා රටට දුන්න මැසේජ් එකය. රනිල්ගේ මේ කතාවෙන් මුළු රටම හෙල්ලුණි. කොපමණ හෙල්ලුණාද කියනවා නම් ඒ කම්පනය ඇමෙරිකාවටද දැනුණි.

ඇමෙරිකානු සෙනට් විදේශ සබඳතා කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කීවේ ශ්‍රී ලංකාව පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බවය. ඉන්දියාවත් නොනිල ලෙස මෙම පණිවුඩය රනිල්ට දැනුම් දී ඇති බව ඉන්දියානු මාධ්‍යවේදීන් කොළඹ තානාපති කාර්යාල සාදවලදී කටින් කට කියා තිබිණි.

රනිල් ඔහුගේ ලොකුම හයිය ලෙස පෙන්වන්නේ ඇමෙරිකාව සහ ඉන්දියාවය. ඇමෙරිකාවේ ඉහළම ආරක්ෂක දූතයන් ලංකාවට ආවා යැයි ඔහුගේම මාධ්‍ය නිවුස් ප්ලාන්ට් කළේ ඇමෙරිකාව ඉන්නේ රනිල් සමග බව පෙන්වන්නටය. ඉන්දියාවේ විදේශ ඇමැති ජෙයශංකර්ගේ ලංකා සංචාරයද ඔහු ඉන්දියාව ඉන්නේ තමන්ගේ සාක්කුවේ බව පෙන්වන්න පාවිච්චි කළේය. ලංකාවේ පළාත් පාලන ඡන්දය නියමිත දිනයට පැවැත්විය යුතු යැයි ඇමෙරිකානු විදේශ සබඳතා සෙනට් මණ්ඩලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරද්දී රනිල් අන්දුන්කුන්දුන් වෙන්න ඇත. ඒත් ඔහු හිතුවේ ඡන්දය කල් දමන ලෙස කර්නල්වරයෙක් අධිකරණයට ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමේ වැඩිදුර විභාගය මැයි මාසයට දමද්දී ඡන්දෙ වසරකට දෙකකට කල් දමා ගන්න පුළුවන් වෙයි කියාය. ඉන් පසු මෙරට මාධ්‍ය කීවේ අලුත් මැතිවරණ කොමිසමක් පත්වන බවත්, අලුත් මැතිවරණ කොමිසම ඡන්දය ගැන තීන්දු තීරණ ගනු ඇති බවත්ය. එසේම දැනට භාරදී ඇති නාමයෝජනා අහෝසි වෙන බව, ‘වෙන්න බලාගෙන ඉන්න මැතිවරණ කොමසාරිස්’ දේශප්‍රියද කීවේය. ඔහු කීවේ මැතිවරණය දැන් මරණයට පත්වී ඇති බවය. රනිල් සහ රනිල්ගේ මාධ්‍ය ඡන්දෙ කල් ගියා කියලා ජයපැන් බිව්වේ එලෙසය. ඔවුන් ජයපැන් බොද්දී පාකිස්තානයෙන් නිවුස් එකක් ආවේය. එනම් පාකිස්තාන ආණ්ඩුව ඡන්ද තියන්න මුදල් නැහැ කියා කල් දමන්න ගිය පළාත් ඡන්ද දෙකක් වහාම පවත්වන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවය.

‘පාකිස්තානයේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ…’

අපේ මිනිස්සුන්ට මතක්වුණේ ජිප්සීස් සුනිල් පෙරේරාගේ එම සින්දුවය. ඡන්ද පෙත්සම් විභාගය මැයි මාසයට කල් ගියත් මැතිවරණය වෙනුවෙන් පෙනීසිටි සිරස, සියත සහ මව්රට මාධ්‍ය සිය සටන අතහැරියේ නැත.

‘අරුන්ට පිස්සු…’

සියත සහ මව්රට හැරුණු කොට ලංකාවේ අනෙක් ජාතික යැයි කියාගන්නා මාධ්‍ය, වෙබ් අඩවි හිනාවූයේ එහෙමය. දැන් ඔක්කොම හරි යැයි කියා හිතාගෙන රනිල්ගේ ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට එරෙහිව කොළඹට ආ සමගි ජන බලවේගයේ පෙළපාළියටත් ජාතික ජන බලවේගයේ පෙළපාළියටත් කඳුළු ගෑස් ගැසූහ. ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක් එහිදී මියගියේය. ලංකාව යළිත් ඒකාධිපති ගමනකට යන සෙයක් දක්නට ලැබිණි. රටේ ජනාධිපති රටේ ආරක්ෂක ඇමැති රටේ මුදල් ඇමැති සහ ජනාධිපතිට උපදෙස් දෙන උපදේශකයෝ සියල්ල මහ ඡන්දයෙන් පරාජය වූවෝය. ‘ඡන්ද නැහැ ඡන්ද නැහැ’ කියා ඔවුන් නටන නැටුම දිහා මිනිස්සු බලාගෙන හිටියේ අන්ත අසරණවය.

2018 මෛත්‍රීපාල එවක අගමැති රනිල් සහ ඔහුගේ ඇමැති මණ්ඩලය ඉවත් කොට ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහින්දව අගමැති කළ වේලාවේ මෛත්‍රීගේ ඒ ඒකාධිපති රංගනය පරාජය කළේ අධිකරණයය. එදා මෛත්‍රීගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව අධිකරණයේ පිහිට පතපු රනිල් අද ඊට නොදෙවැනි මැතිවරණ කුමන්ත්‍රණයක් දියත් කොට තිබිණි. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඡන්දයට සල්ලි නොදෙන මුදල් ඇමැති ලේකම්ට එරෙහි පෙත්සමක් විභාගයට ගෙන මුදල් ඇමැති ලෙස රනිල්ටත්, ලේකම්ටත් නියෝග කළේ ඡන්දයට වෙන් කළ මුදල් වහාම මුදාහරින ලෙසය. 2018 මහින්දගේ පත්වීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී යැයි කී අධිකරණය එවැනිම ඓතිහාසික තීන්දුවක් දෙමින් ඡන්දයට වෙන්කළ මුදල් දෙන්න යැයි මුදල් ඇමැති ලෙස රනිල්ටත්, ලේකම්ටත් නියෝග කළේය.

මේ අධිකරණ තීන්දුව ගැන ප්‍රකට නීතිඥයෙක් කීවේ මේ තීන්දුව හරියට රනිල්ට ‘ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන්’ කියා කිව්වා වගේය යනුවෙනි. මොකද එදා රනිල් විපක්ෂයට ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන් කියමින් කීවේ ඡන්ද කල් දමලා නැහැ, කල් දමන්න ඡන්දයක් නැහැ කියාය. අධිකරණය මේ තීන්දුවෙන් කියා ඇත්තේ ඡන්දයක් තියෙනවා, ඒ ඡන්දය කල් දමලා තියෙන්නේ, වහාම ඒ ඡන්දය තියන්න මුදල් දෙන්න කියාය. එලෙසම රනිල් කීවේ අධිකරණයට ඡන්දවලට මුදල් හොයන්න බැහැ කියාය. අධිකරණය නියෝග කොට ඇත්තේ අධිකරණයට මුදල් හොයන්න බැරි වුණත් ආණ්ඩුව ලවා මුදල් හොයවන හැටි අධිකරණය දන්නවා කියන එකය.

මේ අධිකරණ තීන්දුව හරියට නිර්වචනය කරනවා නම්, අර නීතිඥයා කිව්වා වගේ රනිල්ට කියන්නේ ‘ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන් රනිල්’ කියාය. ඡන්දය දවසට මිනිස්සු ඉතිරි ටික කියනවා ඒකාන්තය.

‘ෂට් අප් ඇන්ඩ් ගෝ හෝම් රනිල්…’

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘ගමේ අපි මේ පාර මාලිමාවට!’ ‘මේ කතාව බොරුවක්!’ කුරුණෑගල ඉහළ කටුගම්පොළ ගමේ එක ළඟ බැනර් 2ක්!

Next Post

කිව්වා වගේම ප්‍රභාකරන් ජීවතුන් අතරද? හදිසියේම එළියට ආ ප්‍රභාකරන්ගේ ෆොටෝ එකකින් ඉන්දියාවම කැළඹෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

බෙලිඅත්ත, වලවල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. Sri Lanka Latest News

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.