• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිව්වා වගේම ප්‍රභාකරන් ජීවතුන් අතරද? හදිසියේම එළියට ආ ප්‍රභාකරන්ගේ ෆොටෝ එකකින් ඉන්දියාවම කැළඹෙයි!

March 4, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කිව්වා වගේම ප්‍රභාකරන් ජීවතුන් අතරද? හදිසියේම එළියට ආ ප්‍රභාකරන්ගේ ෆොටෝ එකකින් ඉන්දියාවම කැළඹෙයි!
Share on WhatsAppShare on Facebook

මීට සති දෙකකට ඉහතදී ඉන්දියාව පමණක් නොව ලංකාවද කැලඹෙන ආකාරයේ මහත් ආන්දෝලනාත්මක පුවතක් තමිල්නාඩුවේ ප්‍රකට දේශපාලනඥයකු වන පාෂා නෙදුමාරන් විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය. එහිදී ඔහු කියා සිටියේ එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔහු නියමිත වේලාවට යළි කරළියට පැමිණීමට සූදානමින් සිටින බවත්ය. මේ ප්‍රකාශය තමිල්නාඩු මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග තමිල්නාඩු දේශපාලනය පමණක් නොව ලංකාවේ දේශපාලනයද කැලඹී ගිය අතර, වහාම යුද හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින කතාව අසත්‍ය බව යළිත් වතාවක් නිල වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කළේය. නමුත් තමිල්නාඩු මාධ්‍ය මගින් හෝ ඉන්දීය ආණ්ඩුව මගින් ඒ සම්බන්ධයෙන් වැඩිමනත් කරුණු ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින කතාව යට ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

කෙසේ වෙතත් පසුගිය සතියේදී නැවත වතාවක් ප්‍රභාකරන්ගේ මෙම කතාවට පණ ලැබුණේ ඉන්දීය දෙමළ මාධ්‍ය මගින් ප්‍රභාකරන්ගේ වයස්ගත ඡායාරූපයක් එළියට දැමීමත් සමගය. මෙය පළකොට තිබුණේ ‘වජිර මීඩියා’ යනුවෙන් හැඳින්වෙන තමිල්නාඩු වෙබ් අඩවියක් මගිනි. එය ‘වෙන්කටේශ් කුමාර් ජී’ නමැත්තකු විසින් පළකර තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. මෙම ඡායාරූපය තමිල්නාඩු මාධ්‍යවල පළවීමත් සමග එය ඉන්දියාව පුරා රැල්ලක් මෙන් පැතිර යන ආකාරයක් දැකගත හැකි විය. සෑම ඉන්දීය සමාජ මාධ්‍යයක්ම පාහේ මෙම ඡායාරූපය පළකිරීමට පියවර ගැනීමත් සමග යළිත් වතාවක් ප්‍රභාකරන් ඉන්දියාවේ අංක 01 මාතෘකාව බවට පත්වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. මේ සමගම බොහෝ දෙනා මෙම ඡායාරූපයේ ඇත්ත නැත්ත සොයා බැලීම ආරම්භ කළේ එය බැලූ බැල්මටම ප්‍රභාකරන්ගේ වයස්ගත කාලය නිරූපණය කරන ඡායාරූපයක් වූ නිසාය.

#Prabhakaran JOY 🤞 pic.twitter.com/E9skiAHjhD

— Venkatesh Kumar.G (@dirvenkatesh) February 13, 2023

මෙහි ප්‍රධාන කාර්යයක් ඉටු කළේ ‘ෆැක්ට් රිසෙන්ඩෝ’ නම් වෙබ් අඩවියය. එම වෙබ් අඩවිය සමාජ මාධ්‍ය ජාලවල පළවන පුවත්වල සත්‍ය අසත්‍යතාව සොයා බලන වෙබ් අඩවියකි. ඒ අනුව ඔවුන් මේ පිළිබඳ සොයාබැලීම ආරම්භ කරමින් අදාළ ඡායාරූපය පළකළ ‘වජිර මීඩියා’ ට්විටර් ගිණුම හරහා ඒ පිළිබඳ ප්‍රශ්න කොට පණිවුඩයක් තැබීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන් ප්‍රතිචාර දක්වා තිබුණේ මෙම ඡායාරූපය සත්‍ය එකක් නොවන බවත්, ප්‍රභාකරන්ගේ පැරැණි ඡායාරූපයක් ගෙන එය, වයසට යන විට මුහුණේ හැඩය වෙනස් වන ආකාරය පෙන්වන ‘ෆේස් ඇප් එකක්’ මගින් සංස්කරණය කොට සැකසූ එකක් බවත්ය. ඒ අනුව ඡායාරූපය අසත්‍ය එකක් බව එහිදී පැහැදිලිවම තහවුරු වී තිබිණ.

කෙසේ වෙතත් මෙහි ඇති ගැටලුව එය නොවේ. ගැටලුව වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉන්දියාවේ තහනම් සංවිධානයක් ලෙස නම්කොට තිබියදීත් ප්‍රභාකරන් සම්බන්ධයෙන් මේ ආකාරයේ විවිධ ගුප්ත පුවත් පළවීමය. ඒවා පළවන්නේ කුමන පදනමක් මතද, එහි සැඟවුණු අරුත කුමක්ද යන්න වටහාගත නොහැකි නමුත් හිටිහැටියේම තමිල්නාඩුව හරහා ප්‍රභාකරන් මුල් කරගෙන යම් විවාදයක් මතුව තිබීම මීට වඩා ප්‍රවේශමෙන් සොයා බැලිය යුතු කරුණක් බව බොහෝ දෙනාගේ අදහසය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

අධිකරණය තීන්දුව දුන්නා! SHUT UP AND SIT DOWN…! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

අධිකරණ තීන්දුවට පස්සේ එක එක ගැසට් ගහලා-කැබිනට් තීන්දු අරන්-කොමිසමේ සාමාජිකයන් මාරු කරන්න හදලා තවත් මැතිවරණයට බාධා කරන්න එපා! මැතිවරණ නිරීක්ෂකයන් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට...

Read more
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.