සමස්ත කොවිඩ් මරණ ගණන 445 දක්වා ඉහළ නංවමින් අද (21) තවත් කොවිඩ් මරණ 10ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිළ, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩා ගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවල පුද්ගලයින් 10 දෙනෙක් එසේ මියගොස් තිබේ.
ඉන් දෙදෙනෙක් නිවෙස්වල ම මියගොස් ඇති අතර තවත් අයෙක් රෝහල්ගත කරන විට මියගොස් ඇති බව සඳහන් වේ.
අද වාර්තා වූ මරණ අතරට කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි 7 දෙනෙක් අයත් ය.










