ලෝක ප්‍රකට කාන්තා ඇදුම් නිෂ්පාදන සමාගමක් වන වික්ටෝරියා සීක්‍රට් මගින් ලංකාවේ සමාගමකට එරෙහිව වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කොට ඇත.
සිය සමාගමේ නිෂ්පාදනවලට සමාන අයුරින් සහ ලියාපදිංචි සන්නාමය අවභාවිත කරමින් ඇදුම් නිෂ්පාදනය කිරීම මෙම නඩු පැවරීමට හේතු වී තිබේ.
ඌෂා ෆැක්ටරි ඇක්සස් සමාගමට එරෙහිව මෙම නඩුව ගොනු වී තිබේ.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනීමෙන් පසුව එම නිෂ්පාදන නිපදවීම හා අලෙවි කිරීම තහනම් කරමින් අතුරු නියෝගයක් නිකුත් කොට ඇති බවද දැනගන්නට ඇත.










