පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව හෙට (22) දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත.
ඒ අනුව හෙට දිනයේදී පාස්කු වාර්තාව සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේදී සාකච්ජා කිරීමට නියමිතය.
එමෙන්ම කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පාස්කු වාර්තාව සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ඇමැති කමිටුවද රැස්වීමට නියමිතය.










