දැනට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට බලපා තිබෙන වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත්, ඇතැම් ස්ථානවලට මිලි මිටර් 150 ට වැඩි තද වර්ෂාපතනයක් ඇදහැලෙනු ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවින් අද (07) දහවල් 12 වනතුරු කුඩා සහ එක්දින ධීවර යාත්‍රා මුහුදට යාත්‍රා කරවීමෙන් වළකින ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දී ඇත.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 24 තුළදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි.










