රුපියල් කෝටි 25කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ 23ක් සපුගස්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට සම්බන්ධ බව කියන, ඉන්දියාවේ රාමේෂ්වරම් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා සැකකරුගේ ජායාරූපයක් මෙ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ.
සැකකරු මන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටුවකට නැග ඉන්දියාවේ ධනුෂ්කොඩිවලට ගොඩබැස ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
සැකකරුගේ ජාවාරම් ජාලයේ ප්‍රධාන සැකකරුවන් සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.











