අද සමගි ජනබලවේගයේ සම්මේලනය අමතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
ධර්මිෂ්ඨ රටක්, දැහැමි සමාජයක් ගොඩනැගීම උදෙසා නිර්මාණය වෙන මේ දේශපාලන බලවේගයට ඔබ සියලුදෙනා ශක්තිය එකතු කිරීම පිළිබඳව මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරන්න කැමතියි. මිත්‍රවරුනි, රට බංකොලොත් කළ දූෂිතයින්, වංචනිකයින්, ප්‍රෝඩාකාරීන්, මංකොල්ලකාරයින්, පැන්නීමේ දැවැන්ත පොදුජන අරගල නියමුවාණන්ලා ඔබයි. එයට ශක්තිය ලබා දුන්නේ ඔබයි. මං මතක් කරන්න කැමතියි, එදා හදිස්සියේ නීතිය දමල, ඇඳිරි නීතිය දමලා මහා පාරේ අපිට ගමන් කිරීම තහනම් කරල , තහනම් කරපු ඒ ඒකාධිපති ආණ්ඩුවට විරුද්ධව ඒ සියලුම දේවල් කඩ කරලා, මහ පාරට බැස්සේ සමගි ජන බලවේගය , සමගි ජන සන්ධානයේත් මන්ත්‍රී මණ්ඩල යයි කියන එක මම ආඩම්බරෙන් මතක් කරන්නට ඕනේ. ඒ වගේම මිත්රවරුනි, සියලු දෙනාටම මතක ඇති 2020 නොවැම්බර් මාසයේ පොදු ජනතාවත් සමඟ මහ පාරට බැස්සේ අපි.ඔබ සියලු දෙනාම පෙරටු කරගෙන. 2021 ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ගිය පලවෙනි සහ එකම ජනතා බලවේගය සමගි ජන බලවේගය යි කියන එක මම මතක් කරන්නට කැමතියි. ඒ විතරක් නෙමෙයි දින ගනනාවක ගෝඨා go home පා ගමන කන්ද උඩරට පුරවරයෙන් ආරම්භ කරල දැවැන්ත මැයි දින පෙලපාලියක් කරලා අවංකවම ගෝඨා go home, මහින්ද රාජපක්ෂ go home, බැසිල් රාජපක්ෂ go home ඒ දැවැන්ත විප්ලවයේ නිර්මාණකරුවන් සමගි ජන බලවේගයේ ආදරණීය අම්මලා තාත්තාලා , සහෝදර සහෝදරියන් වෙන ඔබල යි කියන එක මම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.
හිතාදර මිත්‍රවරුනි විශේෂයෙන්ම අපේ පක්ෂය ඉතාමත්ම කෙටි කාලයක් තුළ ලියාපදිංචිය ලබලා, ඉන්පසුව මාස කීපයක් ඇතුළත මහ මැතිවරණයකට මුහුණ දීලාඅපි ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවා. මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ නො ලැබූ ජයග්‍රහණයක් සමගි ජන බලවේගය 2020 මහමැතිවරණයේ දී අගෝස්තු මාසෙදි අපි ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පනස් හතරක්, ලක්ෂ 27 කට වැඩි ප්‍රමාණයක් ඡන්ද. සියයට 23.9 ක ඡන්ද ප්‍රතිශතයක් අපි ලබා ගත්තැයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නේ ඉතාමත්ම අභිමානයෙන් සහ සතුටෙන්. මේ මොහොත වනවිට ආදරණීය මිත්‍රවරුනේ උනුත් එකයි, මුනුත් එකයි, කියන උනුත් එකයි කියන කණ්ඩායම් අද දැවැන්ත කුමන්ත්‍රණයක නියැළිලා සිටිනවා සමගි ජන බලවේගය විනාශ කරන්න. විශේෂයෙන්ම නිවට, ප්‍රතිගාමී, කුඡිත, පජාත, බියගුළු බලවේග සතරඅතේ සමගි ජන බලවේගය ට විරුද්ධව කුමන්ත්‍රණය කරන මේ මොහොතේ මම එකක් කියා මම එකක් කියන්නේ කැමති. රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් පේමදාස ජීවතුන් අතර සිටින කල් සමගි ජන බලවේගයට කිසිම කෙනෙකුට අත තියන්න දෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
මිත්‍රවරුනි, මම ඒ කුජීතයින්ට, මම ඒ නිවටයින්ට අභියෝගයක් කරනවා. පුළුවන්නම් සමගි ජන බලවේගය විනාශ කරන්න. පුලුවන්නම් සමගි ජන බලවේගය පරාජය කරන්න. ඒකට හොදම තැන මන්දිර වල ඉඳගෙන කරන කුමන්ත්‍රණ නෙමෙයි. මහ පාරට බහින්න, විදියට බහින්න. මාවතට බහින්න. මහ පාරට බැහැලා මහ පොළොවට පය ගහලා රටේ ජනතාවත් එක්ක පුලුවන්නම් එක්කහු වෙලා සමගි ජන බලවේගය පරාජය කරන්න. ඒ අයට බෑ. ඒ අය බිය ගුල්ලො. ඒ අය නිවටයෝ. මේ රටේ මහජනතාවත් එක්ක හරි හරියට එකට හිටගන්න පුළුවන් ජනතාවාදී, ප්‍රගතිශීලී බලවේගය සමගි ජන බලවේගය යි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
හිතාදර මිත්‍රවරුනි, ඒ නිසා මේ ප්‍රතිගාමී බලවේග වලට මම මේ මොහොතේ ආරාධනා කරනවා ඔබ නිවට වෙන්න එපා. ඔබ බියගුලු වෙන්න එපා. ප්‍රජාත්‍රන්තවාදී ක්‍රමය තුළ තමන්ගේ තරම දැන ගන්න පුළුවන් හොදම ලිට්මස් පරීක්ෂණය මොකක්ද? මැතිවරණයක් අපිට මැතිවරණයක් ඕනි. ඕනි නේද? ඕනි නේද? අපිට ඕනේ මැතිවරණයක්. අපි සූදානම් මැතිවරණයකට මුහුණ දෙන්න. වායුසමීකරණය කරපු කාමරවල මන්දිර කුමන්ත්‍රණවල ක්‍රියාත්මක වෙන ඔබල පුලුවන්නම් සමගි ජනබලවේගය මැතිවරණයකින් විනාශ කරන්නට කටයුතු කරන්න. ඒ අභියෝගය සමගි ජන බලවේගයේ අපේ මන්ත්‍රී කණ්ඩායමත් භාරගන්නට සූදානම් කියන එක මම අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, අපේ පක්ෂය කල්ලියකට, පවුල් පරපුරකට, වාසගමට, තනි පුද්ගලයකුට, නාමයකට, ගජමිතුරු කණ්ඩායමකට සීමා වූ පක්ෂයක් නොවේ. අපේ පක්ෂය තුළ මමත්වය නැහැ, අපිට තියෙන්නෙ අපේ කියන හැඟීම. එකමුතුභාවය, සහෝදරත්වය, කණ්ඩායමක් හැටියට කටයුතු කිරීම, මම ආඩම්බරයෙන් කියන්න කැමතියි රට ගොඩගන්න පුළුවන්, රට දියුණු කරන්න පුළුවන්, දක්ෂතම නිහතමානි, ශක්තිසම්පන්න ම, විනයගරුක, යුක්ති ගරුක, දූෂණයෙන් වංචාවෙන් හොරකමින් තොර කණ්ඩායම සිටින්නේ අපේ සමගි ජන බලවේගය කියන එක මම අවස්ථාවේ කියන්න කැමතියි. අපි අපේ ගමන. අපේ දැක්ම. අපේ චින්තනය. මොකක්ද මේ වැඩපිළිවෙළ, ඒ වැඩපිළිවෙළ තමයි srilanka first. ලංකාව ලෝකේ පලවෙනි තැනට ගෙන ඒම. විශේෂයෙන්ම මේ අවස්ථාවේ ලොව ප්‍රථම තැනට රට ගෙන එන ගමනේදී අපේ පක්ෂය අන්තවාදය පිටුදකිනවා. අපි තුළ ආගම්වාදය, ජාති භේදය ,කුල පන්ති ගෝත්‍ර භේද නැහැ. සහෝදරත්වයෙන් ඉදිරි ගමනක් යන පක්ෂයක්. මේ රටේ සුපුරුදු පරිදි ක්‍රියාත්මක වුණු අන්තවාදී ධනවාදය ප්‍රතික්ෂේප කරනවා. අන්තවාදී සමාජවාදය අපි ප්‍රතික්ෂේප කරනවා. අපි අනුගමනය කරන්නේ මැද මාවත. මැදමාවත තුළ සමාජ වෙළඳපොල බලවේග කේන්ද්‍ර කරගත් ධනය උත්පාදනය සමඟ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කරගත් මානුෂීය ධනවාදය සම්පත් ආදායම් සාධාරණ ලෙස රටේ සෑම ජන කොට්ඨාශයකටම බෙදී යෑම. අන්න ඒක තමයි අපේ දර්ශනය. අපේ චින්තනය. අපේ වැඩපිළිවෙළ. රාජපක්ෂ ජුන්ටාව රාජපක්ෂ පවුල් කල්ලිය විනාශ කරපු මේ රට අපි ගොඩ ගන්නවා. මොනවද අපේ විසඳුම්? අපේ රටේ නිර්මාණය වෙලා තියෙන අන්ත දරිද්‍රතාවයට තිරසර විසදුම් ලබා දෙනවා. තාවකාලික පැලැස්තර විසඳුම් වෙනුවට. මේ මොකද මේ මොහොත වෙන විට ආදායම් දරිද්‍රතාවය income poverty, පාරිභෝජන දරිද්‍රතාවය construction poverty, ඒ වගේම ආයෝජන දරිද්‍රතාවයයි investment poverty , විරැකියාව උද්ධමනය නිසා වැඩි වෙන දරිද්‍රතාවය නිසා මේ රට මේ රටේ විශාල ජන කොට්ඨාශයක් උහුලා ගන්නට බැරි බරකින් ජීවත් වෙනවා. වර්තමාන රජයට නිසි වැඩපිළිවෙළක් නැහැ.
එදා දෙපැත්ත පත්තුවෙන විලක්කුව රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බාර අරගෙන රට ගොඩ ගත්තේ රට වර්ධනය කරලා. රට දියුණු කරල ,රට ශක්තිමත් කරලා ජනසවිය වගේ ඉලක්කගත වැඩසටහන්, ඉලක්කයට යන වැඩසටහන් කාල වකවානු සහිතව දුප්පත්කමින් මිදෙන වැඩසටහන් objective target , time target විදියට ක්‍රියාත්මක කළා. මේවා අපි ඒ වර්ධන වැඩසටහන තුළින් ඉදිරියට යන්නට ඕනේ. මේ රටේ ලක්ෂ 45ක් ජීවිකාව ජීවනෝපාය පදනම් කරගත් කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අපි ආරක්ෂා කරන්නට ඕනේ. අපි රට රැක ගන්නට ඕනේ. වර්තමාන රජය කරන්නේ ආර්ථිකය හකුලවල, ආර්ථිකය කුඩා කරවලා, ජන ජීවිත තෙරපලා, බඩු මිල ඉහළ දමල, විදුලි බිල ඉහළ දමලා, ජල බිල ඉහළ දමල, ශක්තිමත් ව ජීවත් වන ජන ප්‍රජාව කුඩා මට්ටමට ගෙන ඒමයි. ඒක අපි තරයේම ප්රතික්ෂේප කරනවා. ඒක රටේ ප්‍රශ්න වලට විසඳුම් නොවේ. ඒ නිසා මේ අවස්ථාවේ මං තමුන්නාන්සේලාට කියන්න කැමතියි. අද සමහර නිදහස් වෙළඳපල අන්තවාදී ධනවාදී ක්‍රමවේද හිතනවා. මේ වෙළෙඳපොළ බලවේග වලට පුළුවන් රටේ ඔක්කොම ප්‍රශ්න විසඳන්න කියලා. එහෙම බැහැ. රජය මැදිහත්වීම අවශ්‍යයි. රජයේ දායකත්වය අවශ්‍යයි. රාජ්‍යය ශක්තිය අවශ්‍යයි. අපි සූදානම් ඒ වගේ මිශ්‍ර වැඩපිළිවෙළක් තුළ මිශ්‍ර ආර්ථික ක්‍රමවේදය තුළ ඉදිරියට යන්න. අපේ විසඳුම අපනයන කේන්ද්‍රීය සංවර්ධන ආර්ථිකයක්. සංචාරක කර්මාන්තය, අපනයන කර්මාන්තයක්, අපනයන කර්මාන්ත ක්ෂේත්රය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයන ප්‍රවර්ධනය කිරීම අපි ක්‍රියාත්මක කරනවා. රණසිංහ ප්‍රේමදාස ඇඟලුම් විප්ලවය ගෙනාවා සේම අද දවසේ අපි electronic විප්ලවය ගේන්නට ඕනි. අපේ මෘදුකාංග විප්ලවය ගෙන එන්නට ඕනේ . අපි තොරතුරු තාක්ෂණ විප්ලවය ගෙන එන්නට ඕනේ . කෘෂිකර්මාන්තය නූතන තාක්ෂණයෙන් සවිබල ගන්වන ක්ෂේත්‍රය ක් කරන්නට ඕනේ. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා ක්‍රියාත්මක කරපු නිදහස් වෙළඳ සංකල්පයේ දෙවන පියවර අපි තබන්නට ඕනේ. සෞඛ්‍යය ක්ෂේත්‍රය නිදහස් නිවහල් භාවය, සෞඛ්‍යය ක්ෂේත්‍රයේ පෝලිම් යුගය අපි ඉවත් කරන්නට ඕනි. ධීවර ක්ෂේත්‍රය අපි දියුණු කරන්නට ඕනේ. අනන්‍ය ආර්ථික කලාපය ශක්තිමත් කරමින්. හරිත ආර්ථිකය අපි බිහි කරන්නට ඕනේ. පුනර්ජනනීය බලශක්තිය ඉදිරියට ගෙන එන්නට ඕනේ. ප්‍රවාහන පද්ධතිය මාර්ග පද්ධතිය අපි නවීකරණය කරන්නට ඕනේ.
මිත්‍රවරුනි මේ රටේ මූලික අයිතිවාසිකම් දේශපාලන සිවිල් අයිතිවාසිකම් පමණක් නෙවෙයි ආර්ථික සමාජයීය ආගමික සංස්කෘතික අයිතියක් මේ රටේ ජනතාවගේ මූලික අයිතීන් බවට පත් කරනවා. අනිවාර්යයෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන ප්රතිව්යුහගත කරන්නට ඕනේ ප්‍රතිසංස්කරණය කරන්නට ඕනි. ඒක සත්‍යයක්. එය කළ යුතු දෙයක්. හැබැයි අපි ඒ දේ කරන්නේ ඒවායේ සිටින සේවක ප්‍රජාව බෙල්ලෙන් අල්ලලා එළියට විසි කළා නෙමෙයි. සේවක අයිතිය ආරක්ෂා කරමින් ආයතනය ආරක්ෂා කරමින්, join pensions වැඩසටහන හරහා ඒකාබද්ධ ව්‍යාපෘති හරහා public private partnership හරහා අපි බලාපොරොත්තු වෙනවා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්න. ඒ වගේම ඍජු විදේශීය ආයෝජන අප වර්ධනය කරන්නට ඕනේ. ඒ සඳහා e soft doing business index එකේ අපි ඉහළ තලයකට යන්ට ඕනේ. ඒ වගේම good governance index එකේ ඉහලට යන්නට ඕනේ.
මිත්‍රවරුනි ඔබ සියලු දෙනාම දන්නවා සමාජය කතාබහට ලක්වෙනවා උනුත් එකයි මුනුත් එකයි කියන කතාව. හැබැයි මතක තබා ගන්න උනුත් එකයි මුනුත් එකයි කියන කියන එවුනුත් එකයි කියන එක. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි අපි තමයි වෙනස්.
සමගි ජන බලවේගය වෙනස්. ඔබතුමන්ලාට කියන්න කැමතියි මේ බංකොලොත් රට තුළ විපක්ෂයක් හැටියට අපි මොකක්ද කරපු කාර්යභාරය. සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන තුළින් මේ රටේ පාසල් 22ක ලක්ෂ එකසිය හැත්තෑ අටක් වටිනා සුහුරු පුවරු පුවරු, computer යන්ත්‍ර පරිගණක මුද්‍රණ යන්ත්‍ර අපි ලබාදීලා තිබෙනවා.සෞඛ්‍ය සේවයේ රජයේ රෝහල් 53කට ලක්ෂ 1602 මිලියන 160.2ක රෝහල් උපකරණ ඖෂධ අපි ලබා දීලා තිබෙනවා. මේ රටේ මේ රටේ නි මේ රටේ නිදහස් අධ්‍යාපනය රාජ්‍යය පාසල් හතළිස් දෙකකට ලක්ෂ 1992 මිලියන 199.2 බස්රථ පරිදි පරිත්‍යාග කරල තියෙනවා. මේ රටේ 74ක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඉතිහාසය තුළ මොනම විපක්ෂයක් වත් මේ වගේ විප්ලවීය සංවර්ධනයක් රටේ ජනතාවට බලයක් නැතුව කරලා නැතෙයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
එනිසා ආදරණීය මිත්රවරුනි, ජනවාර්ගික ගැටළුවට එක රටක් තුළ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ නොබෙදුනු නොකැඩුණු ස්වෛරී රාජ්‍යය තුළ රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන් ම තරුණ පරපුර කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් තරුණ පරපුරට තීන්දු තීරණ ගැනීමේදී බලයක්, සහභාගි වීමේ අවස්ථාවක්, තීන්දු තීරණ ගැනීමේ ගාමක බලවේගයක් බවට පත් කරනවා . මේ රටේ හැම අවස්ථාවකම හැම මොහොතකම තැලෙන පොඩිවෙන රටේ සියයට පනස් දෙකක් වූ කාන්තා පරපුර රැක ගන්නට අපි විශේෂිත වූ ආර්ථික සමාජයීය දේශපාලන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ රටේ ළමා පරපුර සුරක්ෂිත කරන්නට අපි ඇප කැපවී වැඩ කටයුතු කරනවා. මේ අංශ තුනම තාරුණ්‍ය, කාන්තා ,ළමා ක්ෂේත්රයේ අයිතිවාසිකම් සියල්ලක්ම සුරක්ෂා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය අපි ඇතුලත් කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි.
ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට අපි කටයුතු කරන්නට ඕනේ. මේ රටේ කතා කිරීමේ නිදහස තියෙන්නට ඕනේ. මේ රටේ නිදහසේ හිතන්න අවස්ථාව තියෙන්න ඕනේ. දේශපාලනය කිරීමේ නිදහස තියෙන්න ඕනේ. මහපාරේ ගමන් කිරීමේ නිදහස තියෙන්න ඕනේ. මම මේ ආණ්ඩුවට කියන්න කැමතියි අපි සූදානම් නැහැ අපේ දේශපාලන අයිතිය මහ පාරේ ක්‍රියාත්මක කරන්නට මේ දුර්දාන්ත ආණ්ඩුවෙන් අවසර ගන්න. මොනම හේතුවකටවත් අපි ඉදිරියේදී ඔබලත් එක්ක රටේ ජනතාවත් එක්ක මහ පාරට බහිනකොට අපි මේ දුර් කොට අපි මේ දුර්දාන්ත ආණ්ඩුවෙන් අවසර අරගෙන නෙමෙයි මහ පාරට බහින්නේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
ඒ වගේම මිත්‍රවරුනේ අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි ඉවත් කරගන්නවා. ඒත් ජාතික ආරක්ෂාව ශක්තිමත් වෙන අලුත් අණපනත් අපි අරගෙන එනවා. අනිවාර්යයෙන්ම අපේ රජයක් තුළ අතුරුදහන් වනු එක්නැලිගොඩ, ජීවිත හානි සිද්ධ වුණු ලසන්ත වික්‍රමතුංගලාට යුක්තිය ඒ පවුල්වලට ඉටු කරනවා කියන එක මේ අවස්ථාවේදී කියන්න කැමතියි. අද සමහර ලිබරල් වාදීන්ට ලසන්ත වික්‍රමතුංග අමතකයි. එක්නැලිගොඩ අමතකයි. ඒ මොකද මේ රටේ තියන වාසියට හෝයියා කියන අධම දේශපාලන සංස්කෘතිය නිසා.
ඒ වගේම දූෂණය පිටු දකින්නට අනිවාර්යෙන්ම අපි ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව මේ රටේ හොරාකාපු , මේ රටේ මංකොල්ල කාපු ,මේ රට විනාශ කරපු සෑම දෙනාම වාද භේද නොතකා ඒ අයව අධිකරණය හමුවට ගෙන ඇවිල්ලා හොරාකාපු සල්ලි ටික, හොරාකාපු ඩොලර් ටික, හොරාකාපු යුරෝ ටික, හොර හොරාකාපු පවුම් ටික මේ සියල්ලක්ම නැවතත් වරක් ලක්ෂ 220 කගේ අයිතියට බවට පත්කරනවා කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
හිතාදර මිත්‍රවරුනි ඒ උදෙසා අපි එක්සත් ජාතීන්ගේ සන්ධානයත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සමඟ united nation organization එකත් එක්ක ඉතාමත් සමීපව කටයුතු කරලා ඒ කටයුත්ත ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ රටේ නීතිය හා සාමය ස්ථාපනය කරනවා සේම අද කුඩු වසංගතය මුළු රටම වෙලාගෙන. පාසල් පද්ධතියම වෙලා ගෙන . අනිවාර්යයෙන්ම මේ රටේ කුඩු සංස්කෘතිය ක්‍රියාත්මක කරන පොඩ්ඩන්ට විතරක් නෙමෙයි ලොක්කන්ටත් ලබා දෙන්න තියෙන තියන ඉහලම දඬුවම අපි ලබාදෙනවා. නීතිය හා සාමය ඒ වගේ ම යුක්තිය හා සාධාරණත්වය ඒ වාගේම දූෂණය මර්ධනය කිරීමේදනය කිරීමේ වැඩසටහන් ඒ සියල්ලක්ම අපි සරත් ෆොන්සේකා මැතිතුමාගේ නායකත්වයෙන් අනාගතයේ අපේ රජයක් තුළ ක්‍රියාත්මක කරන්නට ඇප කැප වෙනවා.
එහෙනම් ආදරණීය මිත්‍රවරුනේ, අවසාන වශයෙන් අපේ දැක්ම බුද්ධිය මත පදනම් වූ ආර්ථිකයක් knowledge based economy. අපි esteem education, science technology, english, engineering, maths කියන ක්ෂේත්‍රයන්, කළමණාකරණ විද්‍යාව management science සහ medicine කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපලට සරිලන ආකාරයේ අධ්‍යාපන ක්‍රමවේදයක් අපි ක්‍රියාත්මක කරන්නට යනවා. අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ක්‍රියාත්මක කරන්නට යනවා. big data blog change, machine learning , virtual reality ද ඒ වගේම biotechnology ද artificial interligent ද මේ නව ක්ෂේත්‍ර අපේ රටේ ක්‍රියාත්මක කරලා අපේ රට තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් technology-based hub එකක් බවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා.
මිත්‍රවරුනි ජන අරගලය අදටත් වලංගුයි පොදුජන අරගල නිසා සිරගත වුණු විශාල ප්‍රමාණයක් මේ රටේ තරුණ තරුණියන් සිටිනවා. අපි ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා විතරක් නෙමෙයි. විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ දුක් කඳුල අඳෝනාව මත පීඩනය මත නිර්මාණය වුණු ඒ මහජන අරගලය අතට අරගෙන නුදුරු අනාගතයේදී මේ රට ගොඩගන්න දැවැන්ත විප්ලවයේ ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. සමහරු කියනවා ලක්ෂ පහළොවක දාසයක වන රාජ්‍යය ක්ෂේත්‍රය රටට හොඳ නැහැල්ලූ. රටට බරක් ලු. රටට විනාශයක්ලු. මේ හදන්නේ රට විනාශ කරපු රාජපක්ෂ පරපුර ලක්ෂ 220යි රාජ්‍ය සේවකයෝ ලක්ෂ දාසයයි හප්පන්න හදනවා. ඒ අය කියන්න හදනවා විනාශ වුණේ රාජ්‍ය සේවකයින් නිසා කියලා ඒක වැරදියි. රාජ්‍ය සේවය අපට සම්පතක්. රාජය සේවය අප රැක ගන්නට ඕනේ. ඒ වගේම රාජ්‍ය සේවයක් වෙනස් වෙන්නට ඕනෙ. රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ .නවීකරණය වෙන්නට ඕනි. යුගයට ඔබින රාජ්‍ය සේවයක් බිහි කරන්නට අපි කටයුතු කරන්නට ඕනේ.
අවසාන වශයෙන් මම කියන්න කැමැතියි ප්ලේටෝ කියන දාර්ශනිකය මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. ” ඔබේ කැඩුණු සපත්තුව සාදා ගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම සපත්තු සාදන්නා ය. අසනීප වූ විට බෙහෙත් ගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම වෛද්‍යවරයාය. එහෙත් සියලු කලාවන් අතරින් උසස්ම කලාව වන පාලන කලාව සඳහා ඔබ තෝරා ගන්නේ අදක්ෂ, කපටි රැළක් ය. ” මිත්‍රවරුනි ප්ලේටෝ කියන දාර්ශනිකයාගේ ඒ වැදගත් උපදෙස් අනුගමනය කරමින් අපි යෝජනා කරනවා රට ගොඩනගන කපටි නොවන, බුද්ධිය තියෙන ඥානය තියෙන දැනුම තියෙන ජනතාවට සේවය කිරීම සදහා අතිශය උවමනාවක් තිබෙන, කඩිසර භාවය තිබෙන කැපවීමක් තිබෙන දක්ෂ පක්ෂ හපන්කම් තිබෙන කණ්ඩායමක් අපි මේ රටට පත්කරගමු. මම ඔබතුමන්ලාට කියන්න කැමතියි අවසාන වශයෙන් රටට තියෙන එකම විසඳුම, රටට තියෙන එකම විකල්පය සමගි ජන බලවේගය යි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
ආදරණීය මිත්‍රවරුනි, කාලය එළඹිලා තිබෙන්නේ ඔබ සියලු දෙනාටම එකට එකතු වෙන්න. එකට සූදානම් වෙන්න. අපේ රටේ පළාත් නමයක, දිස්ත්‍රික්ක 25 ක ප්‍රාදේශීය ලේකම් ,උපලේකම් බලප්‍රදේශ 341ක ,ග්‍රාම නිලධාරි වසම් 14022ක , කුඩා ගම්මාන 51000 ක, ජීවත් වුණු ජනතාවට ඉදිරියේදී අවස්ථාව එළඹෙනවා මැතිවරණයකදී රට ගොඩනගන කණ්ඩායමට දිරිය ශක්තිය ලබා දීලා ඒ වැඩපිළවෙල තුලින් රටේ රාජ්‍ය බලය ලබා ගන්නට. අපේ මේ සම්මේලනය සමඟ ඔබ සියලු දෙනාම තම තමන්ගේ සංවිධායකවරුන් සමඟ අත්වැල් බැඳගෙන සූදානම් වන්න රට ගොඩනගන සමගි ජනබලවේගයේ දිනන රැල්ල පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරන රැල්ල, බිහි කරන්නට ඔබ සියලු දෙනාම එකතු වන්න කියමින් සියලු දෙනාටම ජය වේවා,













