ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (21) දහවල් 2ට ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අද දිනයේදී ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට මේ බව දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.
පෝට් සිටිය සම්බන්ධයෙන් මෙම විශේෂ හමුවේදී ආණ්ඩුවේ සියලුම මැතිඇමැතිවරුන් දැනුවත් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.