ඇඳිරි නීති සමය තුළ ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු වුවත් එළවලු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනින් වෙළෙඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබා දෙන ලෙස ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත අද (28) උපදෙස් ලබා දී ඇත.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ විධිමත්ව සහ අඛණ්ඩව කරගෙනයාම සඳහා අවශ්‍ය එලවලු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානවල සිට වෙළෙඳපොළ වෙත අපහසුතාවකින් තොරව ලැබිය යුතු බැවින් අග්‍රාමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇත.
එසේම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී අපහසුතා සහ අවහිරතා සිදුවන බවට ලැබුණු තොරතුරු පිළිබඳව ද මෙම උපදෙස් ලබාදීමේ දී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක්ව ඇත.
කොරෝනා (Covid-19) ව්‍යසනය සම්බන්ධව සැහැල්ලුවෙන් නොසිතන ලෙස ද එය ලොව පුරා මාරාන්තික වසන්ගතයක් ලෙස ඉතා වේගයෙන් පැතිර යන බැවින් ඒ සඳහා අවධානය යොමු කරමින් වෛද්‍ය උපදෙස් පිළිපදිමින් මෙම මාරාන්තික වසන්ගතය මැඩලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සහය වන ලෙස ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.










