කොරෝනා වයිරසය සම්බන්ධයෙන් නිසි පරිදි ආණ්ඩුවේ ඇමැතිවරුන් ක්‍රියාත්මක නොවන බව පවසමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ආණ්ඩුවට එරෙහිව දැඩි දෝෂාරෝපණයක් එල්ල කිරීමට කටයුතු කළහ.
මාධ්‍ය සංදර්ශනවලට කොරෝනා සුවපත් කළ නොහැකි බව එහිදී උන්වහන්සේ පැවසුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ට හා සෞඛ්‍ය අංශයේ බලධාරීන්ට ද දෝෂාරෝපණ කරමිනි.
උන්වහන්සේ එහිදී මෙසේ පැවසුහ.
”අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ බොහෝම අවාසනාවන්ත තත්වයක තිබියදී. එතුමා රට භාරගෙන වැඩ කරගෙන යන අතර එතුමාටත් ඇති වෙච්ච ව්‍යසනය තමයි මේ වසංගත රෝග ලංකාවට බෝ වීම.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාව ආරක්ෂා කරන්නට එතුමා දිවා රාත්‍රී කටයුතු කර මහන්සි වුණත් එතුමාගේ අනුගාමිකයෝ කොරෝනා හැදිච්ච ලෙඩ්ඩු වගේ. මම හිතනවා ඒ උදවිය තම තමන්ගේ නිවෙස්වලට වෙලා. මේ ගැන හොයා බලන්නේ නැති බවක් පේනවා.
”රටේ රජ්ජුරුවෝ රටේ නායකයා මොන තරම් මහන්සි ගත්තත් ඔහුගේ ඇමතිවරුන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය උනන්දුවක් නොදැක්වුවහොත් රජ්ජුරුවෝ කරන දෙයින් වැඩක් වෙන්නේ නැති බවයි පෙනෙන්නේ.”
රටේ රජ්ජුරුවෝ රටේ නායකයා මොන තරම් මහන්සි ගත්තත් මේක තුරන් කරන්නට ජනතාව රකින්නට ආශීර්වාදය ලබා දෙන්න මොන තරම් මහන්සි ගත්තත් ඔහුගේ ඇමතිවරුන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය උනන්දුවක් නොදැක්වුවහොත් රජ්ජුරුවෝ කරන දෙයින් වැඩක් වෙන්නේ නැති බවයි පෙනෙන්නේ.
අපි අන්න ඒ නිසා ජනාධිපතිතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා, ඔබතුමා රටේ ජනතාව ආරක්ෂා කරන්නට රටේ ජනතාව රකින්නට, රටේ ජනතාව කුසගින්නේ නොතබා ඒක වේලක් හරි කන්න දෙන්න ඕනේ කියන සංකල්පය ඇති කරගෙන ක්‍රියා කරත්, මම හිතනවා ඒක අනුගාමිකයන්ගෙන් හරියට වෙන්නේ නැහැ කියලා තමයි අපිට පෙනී යන්නේ.










