ඇඳිරි නීතිය පනවා තිබියදී මාර්ගවල රැඳී සිටි ජනතාවට පහර දෙමින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළ පොලිසියට ජනතාව පෙරළා පහර දී ඇති බව වාර්තා වේ.
මෙය සිදුව ඇත්තේ ඉන්දියාවේදීය. මේ වනවිට ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දමා රට පුරාම ඇදිරි නීතිය පනවා ඇති අතර එය නොතකමින් ජනතාව මාර්ගවලට රැස්වී අත්‍යවශ්‍ය බඩුභාණ්ඩ රැස් කරමින් සිටින බවක් දැකගන්නට තිබේ.
ඒ අනුව නිරන්තරයෙන්ම ඉන්දීය පොලිස් නිලධාරීන් මුගුරු අතැතිව පැමිණ පහර දී එම ජනතාව නිවෙස් කරා එළවා දමන ආකාරයක් දැකගන්නට ඇත.
කෙසේවෙතත් පසුගිය දිනෙක එසේ පොලිස් නිලධාරීන් පැමිණ පහර දෙද්දී පෙරළා ජනතාව පහර දී පොලිස් නිලධාරීන් එලවා දමන ආකාරයක් වාර්තා විය.
එම වීඩියෝව පහතින්.










