• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

බ්‍රැන්ඩික්ස් රෙදි නීතිපති ගලවයිද? CID SPECIAL

October 31, 2020
in CID
Reading Time: 4 mins read
A A
බ්‍රැන්ඩික්ස් රෙදි නීතිපති ගලවයිද? CID SPECIAL
Share on WhatsAppShare on Facebook

මේ වන විට රට තුළ ශීඝ්‍රයෙන් කොවිඞ් 19 වෛරසය ව්‍යාප්ත වෙමින් ඇත්තේ වැඩි කල් නොගොස් එය පාලනයකින් තොරව ව්‍යාප්ත වීමේ පෙර නිමිති පෙන්වමිනි.
අනිල් ජාසිංහ වෛද්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාව සිටියදී ඔහුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ කාර්ය සාධක බළකාය විශේෂඥ මතයන්ටද ගරු කරමින් ගත් සාමූහික තීන්දු තීරණ හේතුවෙන් පළමු කොවිඞ් රැල්ල ඉතා කෙටි කලකින් පාලනය කිරීමට හැකියාව ලැබුණු බව පොදු පිළිගැනීමය. එහෙත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ සිරවෙන සිට පෙනෙන්නට ඇත්තේ කොවිඞ් වෛරසය නිසි පාලනයකින් තොරව ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන බවකි. වසංගත රෝග විශේෂඥයන් සදහන් කරනුයේ තවමත් ඇත්තේ මෙම වෛරසය පාලනය කළ හැකි තත්වයේ බවය. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් සඳහන් කරනුයේ රට මේ වන විට ඇත්තේ අවදානම් තත්වයක බවය.
පළමු කොවිඞ් රැල්ල සාර්ථකව මැඩ පවත්වා ජාත්‍යන්තරයේ පවා ප්‍රසාදය හිමිකරගත් ශ්‍රී ලංකාව මේ වන විට අසීරු අඩියට පත්ව ඇත්තේ කොවිඞ් රෝගීන්ගෙන් රෝහල් පිරී යමිනි. මේ තත්වය මත අකමැත්තෙන් වූවත් දැන් සිදුව ඇත්තේ කොවිඞ් ආසාදිතයන් රෝහල් ගත කිරීමකින් තොරව නිරෝධායන මධ්‍යස්ථාන තුළ තබා ගනිමින් ප්‍රතිකාර අවශ්‍ය වන තරමේ සංකූලතාවක් ඇතිවන විට රෝහල් ගත කරන්නටය. එසේම කොවිඞ් වෛරස ආසාදිතයන්ගේ සමීපතයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාම වෙනුවට ඒ අය නිවෙස් තුළම රඳවන්නටද මේ වන විට බලධාරීන්ගේ අවධානය යොමුව හමාරය. ඒ තවදුරටත් කොවිඞ් වෛරස ආසාදිතයන් බලා කියා ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තත් නොවන තත්වයක් මතුව ඇති බැවිනි.

බ්‍රැන්ඩික්ස් කෙරුවාව එළියට ආ හැටි

මේ තරමට රට ඉතා අවදානමකට ලක්වන්නේ මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් මතුවූ කොවිඞ් 19 වෛරසය හේතුවෙනි. කොවිඞ් 19 දෙවැනි රැල්ලේ ආරම්භය සේ සැළකෙන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයයි. රට පුරාම කොවිඞ් වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් ආයතනයට ජනතා විරෝධය එල්ලවන විට එම ආයතනය රැක ගැනීමට බලවතුන් රැසක්ම ඉදිරිපත් වන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමිනි. බ්‍රැන්ඩික්ස් ආයතනයේම සේවය කරන සේවකයින්ගේ චෝදනාව වන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන් දැඩිව උණ රෝගයට ලක්ව සිටින විටත් ඒ ගැන තැකීමක් නොකර සේවකයින්ගෙන් වැඩ ගත් බවකි. එය සාමාන්‍ය වෛරස් උණක් බව නිරන්තරයෙන් එහි වෛද්‍ය අංශය පවා පැවැසූ බවට චෝදනා නගන්නට වූයේ ද වෙන කිසිවෙක් නොව, සේවක සේවිකාවන්ය. බ්‍රැන්ඩික්ස් පොකුරේ ව්‍යාප්තිය මේ ආකාරයටවත් පාලනය වන්නේ ගම්පහ රෝහලින් ප්‍රතිකාර ගත් බ්‍රැන්ඩික්ස් සේවිකාව නිසාය. ගම්පහ රෝහලින් ඇයට කොවිඞ් 19 වෛරසය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂාවක් නොකරන්නට බ්‍රැන්ඩික්ස් පොකුර අභිරහසක් වෙමින් මුළු රටම කොවිඞ් 19 වෛරසය ගිලගෙන හමාරය. එසේ වී නම් බ්‍රැන්ඩික්ස් ආයතනයට මේ චෝදනාව කිසිවිටකත් එල්ල නොවනු ඇත.

යටගහන්න හදන කතාව

මේ වන විට බ්‍රැන්ඩික්ස් ආයතනය සියලුම උත්සහයන් දරන්නේ කොවිඞ් 19 වෛරස ව්‍යාප්තියට නැති නම් දෙවැනි රැල්ලට ඒ අයට එල්ලවන චෝදනාවෙන් මිදෙන්නටය. සමාජ මාධ්‍ය ජාල හා වෙනත් පාර්ශව මගින් ඒ අයට එල්ලවන චෝදනාවලට ඔවුන් වෙනුවෙන් මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරීන් පිළිතුරු දෙන්නට ඉදිරිපත් වී ඇත්තේ ඒ නිසා විය හැකි යැයි සැකකරන්නට හැකිය. බ්‍රැන්ඩික්ස් ආයතනයට තදින්ම එල්ලවී ඇති චෝදනාව වන්නේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් පිරිසක් සම්බන්ධයෙනි. ඉන්දියාවේ විශාඛාපට්නම් සිට විශේෂ ගුවන් යානාවකින් මත්තල ගුවන්තොටුපොලට පැමිණි එම බ්‍රැන්ඩික්ස් සේවකයින් නිරෝධායනයෙන් තොරව රට තුළට වද්දා ගත් බවට චෝදනා පවා ගොඩ නැගෙන්නට ගත්තේය. ඊට පිළිතුරු දෙමින් බලධාරීන් මෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනය සදහන් කරන්නට වූයේ එම සේවකයින් පිරිස දකුණේ හෝටලයක නිරෝධායනයට ලක්වූ බවකි. බලධාරීන් එසේ බ්‍රැන්ඩික්ස් ආයතනය වෙනුවෙන් පෙනී සිටින විට නිරෝධායන ක්‍රියාවලියේ භාරකරුවන් වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හඩ නගන්නට වූයේ එවැන් පිරිසක් තමන්ගේ අධික්ෂණයට ලක්නොවූ’බවත් ඒ අය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත්ය. ඒ අනුව කවුරුන් නිවැරදිදැයි කියන්නට අපට නොහැකිය. කාගේ හෝ වරදකින් කොවිඞ් 19 වෛරසය නැවත වරක් රට ගිලගෙන ඇති බවක් නම් පැහැදිලිය. වගකිව යුත්තන් ආරක්ෂා කිරීමේ න්‍යායක් ඇතැම් බලධාරීන් දරන බවකුත් පෙනෙන්නට ඇත. බ්‍රැන්ඩික්ස් ආයතනය වෙනුවෙන් සාමූහිකව පෙනී සිටින්නන්ද බොහෝය.

යුක්රේන් කතාව අතේ රෝලක්?

බ්‍රැන්ඩික්ස් පොකුර 5000 සීමාව ඉක්මවා යමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළද සැලෙනුත් කොවිඞ් පොකුරු මතුවන්නට පටන්ගෙන රට පුරාම කොවිඞ් 19 වෛරසය පැතිර යමින් පැවතියදී බ්‍රැන්ඩික්ස් පොකුර සම්බන්ධයෙන් වූ අලුත්ම වාර්තාවක් එළියට දමන්නේ එක්තරා පුවත්පතකි. එම පුවත්පත ඉකුත් සතියේ සිය ප්‍රධාන පුවතින් රටට කියන්නේ දෙවැනි රැල්ලට බ්‍රැන්ඩික්ස් ආයතනය වගකිව යුතු නොවන බවය. බුද්ධි අංශ උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්රේන් ගුවන් කාර්ය මණ්ඩලයකින් මෙවර කොවිඞ් දෙවැනි රැල්ල ආරම්භ වී ඇති බවකි. මෙම හෙළිදරව්ව කරන්නේ බුද්ධි අංශ යැයි සඳහන් කළද එම බුද්ධි අංශය කුමක්දැයි එහි පැහැදිලි සටහනක් නැත. ඒ සම්බන්ධයෙන් වූ වාර්තාව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබාදී ඇති බවක් නම් එම වාර්තාවේ දැක්වේ. යුක්රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැත්තැම්බර් 11 වෙනිදා බවත්, එම පිරිසෙහි 11 දෙනෙක් සිට ඇති බවත් එහි සදහන්ය. ඔවුන් සීදූවේ පිහිටි තරුපන්තියේ හෝටලයත ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බවද සදහන්ය. ගුවන්යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලය නිරෝධායනය විය යුතු බවද එම මාධ්‍ය වාර්තා වේ දැක්වේ.
එහි තවදුරටත් සදහන් වන්නේ සැත්තැම්බර් 13 වෙනිදා වන විට නිරෝධායනය වෙමින් සිටි යුක්රේන් ජාතිකයෙක් කොවිඞ් 19 ආසාදිතයෙක් ලෙස හඳුනා ගත් බවකි. ඒ අනුව කාර්ය මණ්ඩලයේ සෙසු පිරිසද පී.සී. ආර්. පරීක්ෂාවකට ලක්කර ඇත. ඒත් සමගින් මාධ්‍ය වාර්තාවේ සඳහන් වන්නේ හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් 10 දෙනෙක් දිනපතා නිවෙස් වෙත ගොස් සේවයට පැමිණි බවකි. එම 18 දෙනා සැත්තැම්බර් 11 වෙනිදා සිට සැත්තැම්බර් 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇති බවද එහි සඳහන්ය. නිවෙස්වලට දිනපතා ගිය 05 දෙනෙකුටම කොවිඞ් ආසාදනය වී ඇති බවත්, ඉන් තිදෙනෙක් සැත්තැම්බර් 11 වෙනිදාත් 13 වෙනිදාත් අතර කාලය තුළ සේවය කළ අය බවත් මාධ්‍ය වාර්තාවේ සදහන් කර තිබේ. හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද මේ අතර වෙතැයි එහි සඳහන්ය. මේ සියල්ල ඔස්සේ මාධ්‍ය වාර්තවේ දක්වා ඇත්තේ හෝටල් සේවකයන් හරහා බ්‍රැන්ඩික්ස් පොකුර සෑදී ඇති බවකි. එක් හෝටල් සේවකයෙක් හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමින් සීදූවට පැමිණ ඇති බවද එහි සඳහන්ය.

කියන විදිහේ බුද්ධි වාර්තා ඇත්තද?

ජනාධිපති ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩලයට බුද්ධි වාර්තා ලබාදෙන්නේ රාජ්‍ය බුද්ධි සේවය, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය, නාවික හමුදා බුද්ධි අංශය සහ ගුවන් හමුදා බුද්ධි අංශය යන බුද්ධි අංශයන්ය. මෙම බුද්ධි අංශවලින් කුමන බුද්ධි අංශයක් මෙම වාර්තාව ලබාදුන්නේ දැයි පැහැදිලි නැතත් කොවිඞ් 19 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් බුද්ධිමය විමර්ශනයන් පවත්වන්නේ රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ ඒකකය පමණි. විශේෂ ඒකකයේ ප්‍රධානීන් ආරක්ෂක මණ්ඩලය නියෝජනය නොකරන බැවින් පැහැදිලි වන්නේ එවන් බුද්ධි වාර්තාවක් ලබාදී ඇත්නම් එය ලබාදී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය විසින් බවය. රාජ්‍ය බුද්ධි සේවය එම වාර්තාව නිකුත් කළේ නම් හලාවත සිට පොදු මගී ප්‍රවාහන සේවය භාවිතා කළ හෝටල් සේවකයාගෙන් හෝ සෙසු සේවකයින්ගෙන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඞ් පොකුර හටගත් ආකාරයක් විද්‍යාත්මකව පැහැදිලි කළ යුතුව ඇත. ඒ බවක් එම මාධ්‍ය වාර්තාවේ සඳහන්ව නැත. අඩුම තරමින් එම මාධ්‍ය වාර්තාවේ සදහන් කරුණු ඇත්තක්ද නැත්තක්ද වග වත් බලධාරීන් කියන්නේද නැත. මේ සිදුව ඇත්තේ මුට්ටිය දැමීමක්දැයි සමාජයේ බොහෝ තැන්වල කථාබහට ලක්වෙමින් ඇත්තේ එබැවිනි. මේ උත්සහ දරා ඇත්තේ බ්‍රැන්ඩික්ස් ආයතනයට එල්ලවන අපවාද වෙනත් පැත්තකට යොමු කිරීමටදැයි සාධාරණ සැකයක්ද බොහෝ අයට ඒත් එක්කම හටගෙන ඇතිබව පෙනී යන්නේ ඒ සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් පවත්වන ලෙස පාර්ශව කිහිපයක්ම රජයෙන් කර ඇති ඉල්ලීම් හේතුවෙනි. ඒ අනුව නීතිපති දප්පුල ලිවේරා පොලිස් නීති අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සමග පැය ගණනක් සාකච්ඡා කර වැඩ බලන පොලිස්පතිවරයාට ඉකුත් 27 වෙනිදා නියෝග කරන්නේ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් තමා වෙත ඉදිරිපත් කරන ලෙසය. එය හුදෙක් බුද්ධි අංශ විසින් පවත්වන ලද ආකාරයේ වාර්තාවක් නොව අපරාධමය විමර්ශනයකි. දැනටමත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පොලීසිය පැත්තෙන් ආරම්භ වී ඇත්තේ ඇත්තේ බ්‍රැන්ඩික්ස් පොකුරේ ඇත්ත නැත්ත රටට හෙළිකරන්නට පාර කපමිනි. එකී විමර්ශනයට සම්බන්ධ වී සිටින උසස් පොලිස් නිලධාරියෙක් මව්රටට සදහන් කරනු ලැබුවේ මාධ්‍යයේ පළවූ බුද්ධි වාර්තාවක් ගැන පොලීසිය නිසි දැනුවත්කමක් නොමැති බවය. වැඩ බලන පොලිස්පතිවරයා ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරන්නෙක් වූවත් ඔහුටත් මෙතෙක් එම වාර්තාව ලැබී නැති බවද ඔහු සදහන් කළේය. එම බුද්ධි වාර්තාවේ සඳහන් යැයි කියන කාරණා ගැටලු සහගත බවත්, හෝටල් සේවකයින්ගෙන් කොවිඞ් 19 වෛරසය ව්‍යාප්ත වූ බවට සාක්ෂි කිසිවක් පොලිස් විමර්ශනවලින් මෙතෙක් අනාවරණය වී නැති බවත් එම නිලධාරියා කීය. මෙම විමර්ශනය සිදු කෙරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 324 සහ 261 යන වගන්ති ප්‍රකාරව සිදුවන බවත්, එහිදී විශේෂයෙන් සොයා බලන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනය කොවිඞ් 19 වෛරස පාලනයට නිසි පියවර ගෙන තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් බවත් එම නිලධාරියා සදහන් කළේය. එම විමර්ශනයේදී බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යවල කළ ප්‍රකාශ ගැනද විශේෂ අවධානයක් යොමු කරන බවද ඔහු පැවැසීය.

කරුණු සනාථ වෙලා නෑ

“යුක්රේන් ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හරහා බ්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර නිර්මාණය වූ බවට විද්‍යාත්මකව මෙතෙක් කරුණු අපිට සනාථ වෙලා නැහැ. අනික අපේ සොයා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ ගුවන් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට පමණක් කොවිඞ් වෛරසය ආසාදනය වෙලා කියලයි. ඔවුන් නිරෝධායනය වූ හෝටලයේ සේවකයන්ට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බවක් අපේ විමර්ශනවලින් මෙතෙක් අනාවරණය වෙලා නැහැ. පී.සී.ආර්. පරීක්ෂණයකින් කෙරෙන්නේ කොවිඞ් 19 වෛරසය ශරීරය ඇතුළේ තියෙනවද නැද්ද කියන එකයි. බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ට කොවිඞ් හැදුනේ කවදාද කියල හරියටම දැන ගන්න නම් ඇන්ටි බොඩි ටෙස්ට් එකක් කරන්න ඕනේ. එය මිල අධික පරීක්ෂණයක්. ඒ තුළින් සොයා ගන්න පුළුවන් කොවිඞ් හැදිල තියෙනවාද ඒ කවදද කියල. කවුරුන් හරි තර්ක කරනව නම් යුක්රේන් ගුවන් කාර්ය මණ්ඩලය නවාතැන් ගෙන සිටි හෝටලයේ සේවකයින්ට කොවිඞ් හැදිලි ඒ අය හරහා කොවිඞ් ව්‍යාප්තිය සිදුවුණා කියල ඇත්තටම එම සේවකයින්ට කොවිඞ් හැදිල තිබුණද, ඒ කවද්ද කියලත් සොයා බලන්න පුළුවන් එම පරීක්ෂණයෙන්. අනික තවමත් සනාථ වෙලා නැහැ එම සේවකයින් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් සමග සම්බන්ධවූ බවට. බාධා ආවේ නැත්නම් අපේ විමර්ශනය අවසානයේදී බලමු මොකද වෙන්නේ කියල.“ යැයි එකී නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

පොලිසියටත් ආරක්ෂාව නැති වෙයි

පාලනයෙන් ගිලිහී කොවිඞ් වෛරසය රටපුරා ව්‍යාප්ත වෙමින් පැවැතියදී ශ්‍රී ලංකා පොලීසියේ පිරිසකටද මේ වන විට කොවිඞ් ආසාදනය වී ඇත. පාර්ලිමේන්තු ආරක්ෂක පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් මෙන්ම ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙක්ටද වෛරසය ආසාදනය වී ඇත්තේ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඉදිරියේදි යම් ගැටලුවක් මතුකර දෙමිනි. එසේම පොලිස් විශේෂ කාර්ය බළකායේද කොවිඞ් ආසාදිතයන් මතුවීමට මේ වන විටත් පටන්ගෙන හමාරය. පොලීසිය තුළ පැතිර යන කොවිඩි 19 වෛරසය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම අභියෝගයට ලක්වීමකි. එබැවින් මේ වන විට පොලීසිය පැත්තෙන් කොවිඞ් 19න් සිය නිලධාරීන් ආරක්ෂාකර ගැනීමට පොලිස් බලධාරීන් පියවර ගනිමින් ඇත්තේ කල්තියාම ඒ අවදානම ගැන දැනගෙනය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

20 වන මරණය ජාතික රෝහලෙන්

Next Post

දොස්තර නලින් IDH එකේ කොරෝනා ලෙඩ්ඩු බලද්දී දේශපාලන හෙංචයියන් ඉඩමට වැඩේ දීලා EXCLUSIVE PHOTOS

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අදත් උදේම දික්වැල්ලේ වෙඩි පත්තු වෙයි! එක්කෙනෙක් මාතර රෝහලට අරන් එයි! I Sri Lanka Latest News

ෆර්ඩිනැන්ඩොගේ කතාවට අදානිත් කලකිරෙයි! අකුලගෙන යන්න යයිද?
Exclusive

ෆර්ඩිනැන්ඩොගේ කතාවට අදානිත් කලකිරෙයි! අකුලගෙන යන්න යයිද?

සමයංවත් මරලා – පාතාල ගුරා වෙච්ච අංගොඩ ලොක්කාටත් ගේමක් ගහලා දැන් ඉන්දියාවේ හිරබත් කන කව්ද මේ අතුරුගිරියේ ලඩියා!
Exclusive

සමයංවත් මරලා – පාතාල ගුරා වෙච්ච අංගොඩ ලොක්කාටත් ගේමක් ගහලා දැන් ඉන්දියාවේ හිරබත් කන කව්ද මේ අතුරුගිරියේ ලඩියා!

News

කෝටි 800ක වාහන ගන්න – හතර වටේටම වාහන බෙදන්න දෙමටගොඩ රුවන්ලාට සල්ලි උනන හැටි! CID SPECIAL

අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!
News

අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!

පාතාලය බලවත් වෙයි! කුඩු සලිදු අල්ලන්න ගිය පොලිස් ප්‍රධානියාට මාරුවක්!!
Exclusive

හාරසීයේ කුඩු පැකට්ටුව 2500ට නගී! කුඩු සලිදුගේ බණ්ඩාරගම රාජ්‍යය දෙදරයි! කෝටි 40ක කුඩු ඔත්තුව ගියේ පොලිසිය ඇතුළෙන්මද?

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.