• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

ප්‍රභූ ඝාතන කතාවල ඇත්ත සහ ‌බොරුව

August 25, 2019
in CID
Reading Time: 1 min read
A A
ප්‍රභූ ඝාතන කතාවල ඇත්ත සහ ‌බොරුව
Share on WhatsAppShare on Facebook

මහින්ද රාපක්ෂ ආණ්ඩුව පැවැති සමයේදී සිදුවුණු බිහිසුණු මිනිස් ඝාතන සහ පැහැර ගැනීම් රැසකට වගකිවයුත්තා වූයේ ගෝඨාභය රාජපක්ෂය. සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තතෘවරයාව සිටි ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයේ සිට මාධ්‍යවේ්දී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම දක්වාම කියැවෙන්නේ ගෝඨාභයගේ නමය. මහින්ද ආණ්ඩුව සමයේදී සිදුවූ මෙම ඝාතන ගැන නිසි විමර්ශනයක් සිදු නොවුණත් ආණ්ඩු පෙරළියත් සමග එකී අභිරහස් ඝාතන සහ අතුරුදන් කිරීම් ගැන ලිපි ගොනු විවවර වන්නේ ඡන්ද පොරොන්දුවක් ඉටුකරමිනි. ඒ අනුව එම අභිරහස් ඝාතන සහ පැහැරගෙන යාම් ගැන විමර්ශන පැවරෙන්නේ අපරාධ පරීිකෂණ දෙපාර්තමේන්තුවටය. එම විමර්ශනවල බර කරට ගන්නේ ශානි අබේසේකර විසිනි. රාජකාරියේදී අම්මා තාත්තා ගැනවත් නොසිතන ශානි අබේසේකර පොලිසියේ සිටිව කොන්දක් ඇති නිලධාරියෙකි. පොලිස් විශේෂ කාර්ය බලකායෙන් සිය පොලිස් ජීවිතය ආරම්භකර ඇති ඔහු බලපෑම්වලට නතු නොවන නිලධාරියෙක් ලෙස පොලිසියේ කීර්ති නාමයක් දිනා සිටින්නෙකි. මේ කීර්තිමත් නිලධාරියාට ‌ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ ජම්පර් අන්දා වැලිකඩ හිර ගෙදරට දක්කන්න මේ වන විටත් සැලසුම් සකස්කර හමාරය. ඒ ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇතැයි පූර්ව නිගමනයට පත්වය.
්භය රාජපක්ෂයන්ගේ ගෝලබාලයින් ශානිට ජම්පර් අන්දන්නට ගොස් ඔවුන්ම ජම්පර් ඇද ගනීදැයි කියන්නට බැරිය. ඒ ශානි නැමැති නිලධාරියා වැඩ කරන්නේ නීතියේ රාමුවකට අනුව බැිනි. ඇතැම් පොලිස් නිලධාරීන් මෙන් ශානි ඩබල් ගේම් ගසන්නේ නැත. අත යට ගනුදෙනුද ශානිට නැත. ශානි අතයට ගණුදෙනුවලට දක්ෂ නම් ඔහු අද සිටින්නේ ඔස්ට්‍රේලියාවේය. ඒ රෝයල් පාක් ඝාතන නඩුවේදී විනිසුරුවරයෙක් හරහා ඔහුට නඩුව පරස්පර කිරීමට පරම්පරා හතකින්වත් සොයාගැනීමට නොහැකි තරමේ වස්තු සම්භාරයක් සමග ඔස්ට්‍රේලියාවේ පදිංචියට අවස්ථාවක් උදාවීමේ යෝජනාවක් ආ බැවිනි. රෝයල්පාක් නඩුවේදී පමණක් නොව, තවත් බොහෝ නඩුවලදී ශානිට ඇතෙක් බරට වස්තු සම්භාරය දෙන්නට සූදානම් වූ පිරිස් බොහෝය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී සිදුවුණු ඇතැම් ඝාතන විමර්ශනවලදී පවා එම යෝජනා ඔහුට නාවේම නැත. රාජපක්ෂවාදීන් අපේක්ෂාවෙන් සිටින ඔවුන්ගේ ආණ්ඩුව බිහිවීමෙන් පසු ශානිට ජම්පර් අන්දවන්නට සැලසුම්කරන්නේ ඒ නිසාය.
මේ වන ශානි අබේසේකරගේ විදෙස් ගමන්තහනම් කරන්නටද රාජපක්ෂවාදී නීතීඥයින් කිහිප දෙනෙක්ද සිටින්නේ දැඩි උත්සහයක නිරතවය. ඒ එක් නීතීඥවරයෙක් මාකදුරේ මධුෂ් වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ශානිට ඒ නීතීඥවරයා චෝදනා කරන්නේ මධුෂ්ව මුණ ගැසීමට අවස්ථාව නොදී මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ යැයි කියාය. මාකදුරේ මධුෂ් ඩුබායි සිටියදී ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කරන්නට සැලසුම් කළේ යැයි කථාවක් නාමල් කුමාර නැමැති රාජපක්ෂ කදවුරට සම්බන්ධ පුද්ගලයෙක් විසින් නිර්මාණය කළේය. ඒ කතාව පිටුපස සිටින්නේ යුද හමුදා බුද්ධි අංශයෙන් විශ්‍රාම ගොස් මේ වනවිට ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික බුද්ධි නිලධාරියා ලෙස සේවයේ නිරතව සිටින බුද්ධි ප්‍රධානියෙක් ඇතුළු කණ්ඩායමකි. මාකදුරේ මදුෂ් ‌ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කරන්නට ඩුබායි සිටියදී සැලසුම් කළේ නම් මධුෂ් වෙනුවෙන් රාජපක්ෂවාදී නීතීඥවරුන් පෙනී සිටීම සැබවින්ම ගැටලුවකි.
ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිරූපය නැන්වීමට මේ වන විටත් බුද්ධි මෙහෙයුමක් දියත්කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ වේදිකාවකදී ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊය. සූදානම් වන බව සමාජගත කිරීමකිනි. ඒ යුද්ධය අවසන් කිරීමට නායකත්වය දීමේ වරදට තවමත් ඔහු එල්.ටී.ටී.ඊ.යේ ඝාතන ලැයිස්තුවේ සිටින බව සමාජගත කරන්නටය. ඒත් එක්කම තවත් පැත්තකින් බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක වන්නේ ගෝඨාභය රාජපක්ෂ පාතාලය මර්දනය කිරීමට පියවර ගත් බැවින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් පාතාලයට වැඩ වරදින බැවින් පාතාලයද ඔහුව ඝාතනය කිරීමට සූදානම් වන ප්‍රසිද්ධ කරමින් ඡන්ද ගොඩ වැඩි කර ගැනීමය. එම කටයුත්ත සමාජගත කිරීමේ කටයුත්ත භාරගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමේ බර කරට ගෙන සිටින දෙරණේ සභාපති දිලිත් ජයවීරගේ අලුත් පත්තරේය. කොස්ගොඩ සුජී නැමැති පාතාලයේ ප්‍රබලයා ගිනි අවි ඇතුළු ටී 56 අවි 10 ක් පකිස්තානයෙන් ගෙනවිත් ඇතැයි කියා ලෝක බොරුවක් එම පුවත්පතෙන් වාර්තා කරන්නේ බුද්ධි අංශද පටලවමිනි. එම අවි රැගෙන ආවේ යැයි කියන්නේ ගෝඨාභය මරාදමන්නටය. ඒත් එක්කම යුද හමුදා බුද්ධි අංශය විසින් ප‌ලයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වන සින්නයියා සිවරූබන්වද ඉකුත් සතියේදී අත්අඩංගුවට ගත්තේය. එල්.ටී.ටී.ඊ.ය නැවත පණගන්වන්නට ඔහු ක්‍රියාකරන බවට චෝදනා කරමිනි. අත්අඩංගුවට ගත් ඔහුව භාර කරන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ යාපනයේ ඒකකයටය. දෙරණේ දිලිත්ගේ පත්තරෙන් එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ කතාව ලියවෙන්නේද ගෝඨාභය ඝාතනය කරන්නට ඔහු සැලසුම්කළ බවට ව්යාඡ කථාවක් ගොඩ නගමිනි.
රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පොහොට්ටුවේ පූජකවරයෙක් අත්අඩංගුවට ගන්නේ මෙම වසරේ මුලදීය. ඊ.පී.ඩී.පී. සාමාජිකයෙක් වන ඔහු කිලිනොච්චියේ පදිංචිකරුවෙකි. කොළඹ පාතාලය සමග එක්ව උතුරට මත්දව්‍ය ප්‍රවාහනය කිරීම්වල නිරතව සිටි ඔහු කොළඹ පාතාලයට එල්.ටී.ටී.ඊ.ය සැගවූ ගිනි අවි ගොඩ දමමින් අලෙවි කිරීමකද නිරත වූවෙකි. දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රි සුමන්තිරන් ඝාතනය කිරීමටද මේ අය කළ සැළසුමක්ද අනාවරණය විය. මේ තොරතුරු එළියට එන විට පොහොට්ටුවේ පූසාරි ගැන දිලිත්ගේ පත්තරෙන් එළියට එන්නේ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ.යෙන් එම පූසාරිව පොහොට්ටුවට රිංගවා ඇති බවය. ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉල්ලන්නට පවා කිසිදු සූදානමක නොසිටියේය. එම පූසාරියා එල්.ටී.ටී.ඊ.යේ නොව, ඩග්ලස් දේවානන්දාගේ ඊ.පී.ඩී.පී.යේ කාලයක් තිස්සේම රැදී සිටි ප්‍රබල ක්‍රියාකාරිකයෙකි. අදටත් කොළඹ අපරාධ කොට්ඨාශ බාරයේ රදවා සිටින පූසාරි විසින් ගොඨාභය රාජපක්ෂ ඝාතනයක් ගැන කියන්නේ නැත. එහතේ දිලිත්ගේ පත්තරෙන් දිගින් දිගටම කියන්නේ ගෝඨාභය සිටින පොහොට්ටුවේ වේදිකාවකදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නට පූසාරි සූදානම්ව සිටියෙක් බවය.
බුද්ධි අංශ සහ දිලිත්ගේ මාධ්‍ය ජාලය යොදාගෙන ගෝඨාභය එවන් ඡන්ද ව්‍යාපාරයක නිරතව සිටින විට මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කරන්නේ ඉකුත් සතියේදීය. මෙවර ජනාධිපති ඝාතනය කරන්නට කුමන්ත්‍රණ කළයි කියන්නේ මත්කුඩු ජාවාරම්වලට මරණිය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් පස් දෙනෙකි. මත්ද්රව්ය ජවාරම්කරුවන්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම එම ඝාතන කුමන්ත්‍රණයට මුල්වී ඇති බව කියති.
එම ඝාතන කුමන්ත්‍රණය ගැන කියන්නේ බුද්ධි අංශ විසිනි. ඒ “ ලොක්කට වැඩක් දුන්නේ නැති නම් මේක හරියන්නේ නැහැ“ යැයි වැලිකඩ හිරගෙදර රදවා සිටි සිරකරුවන් පස් දෙනෙක් කථාබහ කර ඇති බවටය. බුද්ධි අංශ සදහන් කරන්නේ ලොක්කා යැයි එම සිරකරුවන් කියා ඇත්තේ ජනාධිපතිවරයාටය.
සැබෑ ලෙසම ජනාධිපති ඝාතනය කරන්නට එම සිරකරුවන් කුමන්ත්‍රණය කළේද නැති නම් හුදු කථාබහකට පමණක් එසේ සදහන් කළේදැයි ඇත්තේ ගැටළුවකි. මේ අර අදින්නේ ජනාධිපතිවරයාව ඇවිස්සවීමටදැයි ඇත්තේද ගැටළුවකි. ඒ මන්ද යත් මාකදුරේ මධුෂ් විසින් ගෝඨාභය රාජපක්ෂද සමග ජනාධිපතිවරයාව ඝාතනය කරන්නට යන බවටද ලොකු කථාබහක් නාමල් කුමාර යොදා ඇතිකළ අවස්ථාවේදී පවා ජනාධිපතිවරයා එය විස්වාස කරමින් කටයුතු කළ බැවිනි. මේ ඔවුන්ගේම දෙවැනි මෙහෙයම වන්නට පුළුවන. සදහන් වන ආකාරයට අනුව ජනාධිපති ඝාතනයට
කුමන්ත්‍රණය ක‌ෙළේ යැයි කියන සිරකරුවන් වන්නේ සරත් බණ්ඩාර, අසංකද සිල්වා, නිලන්ත සිල්වා, චමින්ද කුමාර සහ එල්.පී නිමල්ය. මේ අය ජනාධිපතිවරයා විසින් එල්ලා මරන්නට නම් කළේ යැයි කියන ලැයිස්තුවේ නම් සදහන් ඇති අයද නොවේ. එහෙව් එකේ ඔවුන් ජනාධිපතිවරයාව මරා දමන්නට කුමන්ත්‍රණය කරන්නේ ඇයි දැයි ඇත්තේ ගැටළුවකි. මේ නම් අතර වෙලේ සුදා, පොට්ට නෞෆර් හෝ කුඩු සියාම් වැනි මරණිය දණ්ඩනයට නියම වී සිටින්නන් සිටියේ නම් ඇතැම් විට ජනපති ඝාතන කුමන්ත්‍රණ කථාව ශත්තිමත් වන්නට ඇති ඉඩ කඩ බොහෝය. දැන් මෙම ඝාතන කුමන්ත්‍රණයත් පත්ව ඇත්තේ මාකදුරේ මධුෂ් විසින් ජනපති සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කරන්නට
කුමන්ත්‍රණය කළේ යැයි කියන නාමල් කුමාරගේ කථාවේ තත්වයටය. මාකදුරේ මධුෂ් ඩුබායි සිටින කම් ජනපති ඝාතන
කුමන්ත්‍රණ කතාවට රටේ තිබුණු ඉහළ තැන ඔහු මෙරටට පිටුවහල් කිරීමෙන් පසු දියාරු වී ගියේය. ඒ සැබෑ ලෙසම ජනපති හෝ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් නොතිබුණු බැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටින මාකදුරේ මධුෂ් ඒගැන ප්‍රශ්න කරන විට උපහාසාත්මකව සිනා සෙමින් එම කථාව ලෝක බොරුවක් බව පවසන විට එම කතාව මාධ්ය ඉදිරියට පැමිණ පැවැසූ නාමල් කුමාරට දැන් කටඋත්තර නැත. ඒ නාමල් කුමාර පොහොට්ටුවේ ඉත්තෙක් බව පැහැදිලිවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන ඇති නිසාය.
නාමල් කුමාර සූදානමින් සිටින්නේ එළඹෙන මහා මැතිවරණයට දිගාමඩුල්ලෙන් තරග කරන්නටය. ඒ පොහොුව සමග සංධාන ගතවන දේශපාලන පක්ෂයක් නියෝජනය කරමිනි. එම පක්ෂය හික්කඩුවේ පාතාල කල්ලියකට නායකත්වය දෙන රෝයල් බීච් සමන් විසින් මෑතකදී මිලදී ගත්තකි. එම පක්ෂයේ ක්‍රියාකාරිකයන් වන්නේ පොහොට්ටුවට මේ දිනවල සීමාවකින් තොරව කඬේ යන ජාතිවාදී ආගම්වාදී කන්ඩායමකි. වෙද්ය ෂාෆිට එාරෙහිව කුරුණෑගලදී පවා උද්ඝෝෂණ සංවිධානය කළේ ඔවුන්ය. මෙම ජාතිවාදී කණ්ඩායම පිටුපස සිටින්නේ යැයි රාජ්ය බුද්ධි සේවය විසින් හෙළිකරගෙන ඇත්තේ ගෝඨාභයගේ බුද්ධි අංශයේ පිරිසකි. එම බුද්ධි අංශයට සම්බන්ධ වෙනම කණ්ඩායමක් මේ වන විට සමාජ ජාල මාධ්‍යය හරහා රට අවුලවමින් සිටින බව පවා මේ වන විට රාජ්ය බුද්ධි සේවයට පෙනී ගොස් හමාරය. ඒ අනුව ඉදිරියේදී එම සමාජ මාධ්ය මෙහෙයවන ගිණුම් කිහිපයක් අත්හිටුවනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. ඒ දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ අධික්ෂණයට එම ගිණුම් ලක්වෙමින් ඇති බැවිනි.

SendShareShare
Previous Post

පළමු ජනපතිවරණ ප්‍රතිපලය ‌පේරාදෙණියෙන් පිටවෙයි

Next Post

තිලංග පන්නන ගැසට්ටුව හරීන් ගහයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අදත් උදේම දික්වැල්ලේ වෙඩි පත්තු වෙයි! එක්කෙනෙක් මාතර රෝහලට අරන් එයි! I Sri Lanka Latest News

ෆර්ඩිනැන්ඩොගේ කතාවට අදානිත් කලකිරෙයි! අකුලගෙන යන්න යයිද?
Exclusive

ෆර්ඩිනැන්ඩොගේ කතාවට අදානිත් කලකිරෙයි! අකුලගෙන යන්න යයිද?

සමයංවත් මරලා – පාතාල ගුරා වෙච්ච අංගොඩ ලොක්කාටත් ගේමක් ගහලා දැන් ඉන්දියාවේ හිරබත් කන කව්ද මේ අතුරුගිරියේ ලඩියා!
Exclusive

සමයංවත් මරලා – පාතාල ගුරා වෙච්ච අංගොඩ ලොක්කාටත් ගේමක් ගහලා දැන් ඉන්දියාවේ හිරබත් කන කව්ද මේ අතුරුගිරියේ ලඩියා!

News

කෝටි 800ක වාහන ගන්න – හතර වටේටම වාහන බෙදන්න දෙමටගොඩ රුවන්ලාට සල්ලි උනන හැටි! CID SPECIAL

අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!
News

අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!

පාතාලය බලවත් වෙයි! කුඩු සලිදු අල්ලන්න ගිය පොලිස් ප්‍රධානියාට මාරුවක්!!
Exclusive

හාරසීයේ කුඩු පැකට්ටුව 2500ට නගී! කුඩු සලිදුගේ බණ්ඩාරගම රාජ්‍යය දෙදරයි! කෝටි 40ක කුඩු ඔත්තුව ගියේ පොලිසිය ඇතුළෙන්මද?

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.