• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

ගෝඨා මරන කුමන්ත්‍රණයට මව්බිම-දිවයින-අරුණ පැටලෙයි

September 7, 2019
in CID
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ෂාෆි සහාබ්දීන් අපේ රටේ මවුවරුන් වඳභාවයට පත් කළේයැයි ව්‍යාජ චෝදනාවක් එල්ල කරමින් ඒ තුළින් රට අවුස්සා දේශපාලනයේ නිරතවන්නට යම් පිරිසක් කළ උත්සාහය අසාර්ථක වූ තැන දෙවැනි මෙහෙයුම දියත්වන්නේ පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය සින්නයියා ශිවරූබන්ව අල්ලාගෙනය. ඒ, ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් ගැන කියමිනි. නැති ඝාතන මවාපාමින් ගෝඨාභය සහ මහින්ද ඝාතන සැලසුම් ගැන කියැවුණු පළමු සහ එකම අවස්ථාව වන්නේ මෙය නොවේ. නාමල් කුමාර නමැති පුද්ගලයෙක් අල්ලාගෙන ගෝඨාභය සහ මහින්ද පමණක් නොව, මෛත්‍රී ඝාතනයක් ගැනද ව්‍යාජ කතාවක් ජනගත කරනු ලැබුවේ දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරමින් ගෝඨාභය රාජපක්ෂව ජනපති කරන්නට යන මාධ්‍ය ජාලයක් විසිනි. ඔවුන්ට අනුව ශිවරූබන් සූදානමින් සිට ඇත්තේ ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ ඝාතනය කරන්නටය. ඔවුන් එය සමාජගත කරන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විමර්ශනවලින් ඒ බව හෙළිවී ඇතැයි පවසමිනි. ඒ කතාව බොරුවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර නිල වශයෙන් එම මාධ්‍ය ආයතනවලට දැනුම් දුන්නද ඒ වැරැද්ද නිවැරැදි කරනවා වෙනුවට දිගින් දිගටම ඔවුන් ඇත්ත වෙනුවට නැත්තක් වපුරන්නට ගත්තේ යම් දේශපාලන සැලසුමකට අනුවය.
දිගින් දිගටම බොරුව වපුරන්නට ගිය එකී මාධ්‍ය නඩයට වැඩ වරදින්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඒ ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමඟිනි. තමන්ට මෙතෙක් හෙළි නොවූ ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂවරු ඝාතත සැලසුම පිළිබඳ දැනගන්නට එම මාධ්‍ය නඩය ඉකුත් සතියේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවන්නේ අධිකරණ නියෝගයකට අනුවය.

මුලින්ම ගෙන එන්නේ ජනාධිපති මැතිවරණ වේදිකාවකදී ගෝඨාභය ඝාතනය කිරීමට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් ගැන දිගින් දිගටම අතේ රෝල් පුවත් පළ කළ ‘දිවයින’ පුවත්පතේ මාධ්‍යවේදියාවය. පලෙයි දොස්තර ගෝඨාභය මරන්න යනවා යැයිද දිවයිනේ පට්ටපල් බෝරු බේගල් ගොන්නක්ම ලියා තිබුණු බැවින් ඒ ගැනද තොරතුරු දැනගන්නට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට තිබුණේ දැඩි උවමනාවකි. බැලින්නම් මාධ්‍යවේදියා අසරණය. ඔහුට තොරතුරු ලැබී තිබුණේ තුන්වැනි පාර්ශ්වයක් හරහාය. එම තොරතුරුවල ඇත්ත නැත්ත පවා ඔහු දැන නොසිටියේය. අඩුම තරමින් පලෙයි රෝහල් වෛද්‍යවරයා ගැන විමර්ශන පවත්වන නිලධාරීන් සුදුද කළුදවත් ඔහු දන්නේ නැත. සියල්ල ඔහු කර්තෘගේ පිටින් තබා ගොඩින් වැඬේ බේරාගන්නට උත්සාහයක නිරත වූයේය. දෙවැනියට කැඳවන්නේ මව්බිමේ මාධ්‍යවේදියාවය. ඒ, සැබෑ ලෙසම අදාළ පුවත ලියූ පුද්ගලයාමද, එසේත් නැති නම් සැබෑ පුද්ගලයා සඟවා ඉදිරිපත් කළ ව්‍යාජ පුද්ගලයෙක් දැයි යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි. මව්බිමේ අභ්‍යන්තර තොරතුරු අනාවරණ කරන ආකාරයට එකී කතා වෙනත් නම්වලින් ලියන්නේ සැඟවුණු පුද්ගලයෙක් වන බැවිනි. හමුදා බුද්ධි අංශයේ කිහිප දෙනකුගේ උවමනාවන් ඉටුකරන්නේ එම සැඟවුණු චරිතයයි. දිවයිනේ සහ මව්බිමේ ලියැවෙන ගෝඨා ඝාතන කතා පිටුපස මෙන්ම කොටි නැවත නැඟීසිටින කතා පිටුපසද සිටින්නේ ඔහුය.
කෙසේ වෙතත් ඒ සැබෑ පුද්ගලයා වෙනුවට එළියට දාන්නේ කිසිවක් නොදත් මාධ්‍යවේදියෙකි. ප්‍රශ්න කිරීම් හමුවේ අසරණ වූ ඔහුත් සියල්ල කර්තෘගේ පිටින් දමා බේරෙන්නට උත්සාහ ගත්තේ මේවායේ බරපතළකම ගැන අවබෝධයක් නොමැති බැවින් සමාව දෙන ලෙස ඉල්ලමිනි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊළඟට කැඳවන්නට යන්නේ මව්බිමේත් දිවයිනේත් කර්තෘවරුන්ය. ඒද අධිකරණ නියෝගයකිනි. දෙරණේ දිලිත්ගේ අලුත් පත්තරේද ගෝඨාභය ඝාතන බොරුව වැපිරවීම පිටුපස සිටින බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය දැනගන්නේද මව්බිමේ සහ දිවයිනේ වාර්තා ගැන පස්සෙන් පන්නමින් තොරතුරු ගවේෂණය කරමින් සිටියදීය. ඒ අනුව ඉදිරියේදී දිලිත්ගේ පත්තරේද කිහිප දෙනකුටම ගෝඨාභය ඝාතනය කිරීමට සූදානම් වන්නේ කවුරුන්දැයි කියන්නට සිදුවනු ඇත. ඒ, තවමත් එවන් ඝාතනයක් ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කිසිදු තොරතුරක් හෙළිවී නොමැති බැවිණි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට පවා කරුණු වාර්තා කරමින් මේ උත්සාහ ගන්නේ මාධ්‍ය මර්දනයකට යැයි කියා යමකුට බැලූ බැල්මට පෙනීයන්නට පුළුවන. එහෙත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නම් සඳහන් කරන්නේ තමන්ගේ මේ ව්‍යායාමය ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් ගැන තොරතුරු දන්නා මාධ්‍යවේදීන්ගෙන් ඒ ගැන තොරතුරු දැනගෙන එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔහුගේ ජීවිතය බේරාගැනීමට බවය.
ඒ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට එම මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් සහාය නොදක්වන්නේ නම් ඔවුන් කරන්නේ මිනිස් ඝාතනයක් වසන් කිරීමකි. ඝාතනයක් වසන් කිරීම වරදක් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ වන විටත් ප්‍රශ්න කිරීමට ලක්වුණු මාධ්‍යවේදීන් දැනුවත් කර ඇත්තේ නීති අණ පනත්ද පෙන්වමිනි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තොරතුරු මඟින් දැනගන්නට ඇති ආකාරයට පලෙයි වෛද්‍යවරයාගෙන් සිදුකර ඇති ප්‍රශ්න කිරීමවලින් සහ විමර්ශනවලින් පැහැදිලි ලෙසම හෙළිවී ඇත්තේ ගෝඨාභය හෝ මහින්ද ඝාතනයක් ගැන නොව, හිටපු කොටි නායකයෙක් මෙන්ම මහින්ද ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැති ධුරයක් දැරූ කරුණා අම්මාන්ව සහ ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා ඝාතනය කිරීමේ සැලසුමක් ගැනය.
හෙළිවී ඇති ආකාරයට කරුණා අම්මාන් ඝාතනය සැලසුම් කරන්නේ වසර එකහමාරක් තිස්සේය. කරුණා අම්මාන් ඝාතනය කරන්නට ඔහු සැලසුම් කරන්නේ කරුණාට අයත් මඩකළපුවේ වත්තකදීය. වරක් දෙවරක්ම ඔහු කරුණාව ඉලක්ක කරන්නට එම වත්තට ගොස් ඇත්තේ ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවියක් පවා රැගෙනය. එම ගිනි අවිය පවා මේ වන විට ඇත්තේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේය. එම අවිය ඔහු පලෙයි සිට රැගෙන යන්නේ සිය මෝටර් රථයේ දමාගෙනය. ගිනි අවිය බහාලන්නේ ක්‍රිකට් බෑගයකය. මෝටර් රථයේ වින්ඞ්ස්ක්‍රීනයේ ‘ඩොක්ටර් ලාංඡනය’ ඇති බැවින් ඔහුට කිසිදු බාධාවක් නොවීය. කරුණා අම්මාන්ව ඔහු ඉලක්ක කරන්නේ එසේය.
ඒ කටයුත්තට ඔහුට ගිනි අවිය මෙන්ම පුපුරන ද්‍රව්‍ය ගෙනැවිත් දෙන්නේ හමුදාවේ බුද්ධි අංශ සමඟ නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වන බව සඳහන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. මේ වන විට ඔහු සිටින්නේ රටින් පලාගොසිණි. එහෙත් මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට වෛද්‍යවරයා සමඟ එක්ව සිටි හයදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් මේ වන විටත් අත්අඩංගුවට ගෙන හමාරය. සිවු දෙනෙක්ම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ය. ඒ අතරින්ද දෙදෙනෙක් හමුදාවේ ඔත්තුකරුවන්ය. ඒ අනුව ගෝඨාභය සහ මහින්ද ඝාතන කතාව ගැන හිතාගන්නට පුළුවන්ය. කෙසේ වෙතත් මෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ නව හමුදාපතිවරයා යටතේ බුද්ධි අංශය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්වීමය. හමුදා බුද්ධි ප්‍රධානියා පවා වෙනස් වන්නේ ඒ අනුවය.

ගෝඨාභය සහ මහින්ද ඝාතනයක් ගැන ව්‍යාජ පුවත් මැවෙන විට ඔවුන් දෙදෙනා නියෝජනය කරන පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක්ව පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට පත්වන්නේ ග්‍රෑන්ඞ්පාස් පොලිස් වසමේ පිහිටි මාදම්පිටිය කනත්තේදී සිදුවන ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකදීය. එම ද්විත්ව ඝාතනය සිදුවන්නේ පසුගිය අගෝස්තු 15 වැනිදාය. ඒ අවමඟුලකට පැමිණ සිටි පාතාල සාමාජකයෙක් වන ‘ආනමාළු රංග’ නමැත්තා සහ තවත් අයකුවය. ඝාතනයේ ඇඟිල්ල දිගුවන්නේ මට්ටක්කුලියේ සමිට් නිවාස සංකීර්ණය සිය රාජධානිය කරගත් ‘කුඩු රොෂාන්’ වෙතය. කුඩු රොෂාන්ගේ ගෝලයන් හය හත් දෙනෙක්ම එම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත්තද කුඩු රොෂාන්ව අල්ලාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. ඒ, ඔහු පලාගොස් සැඟවී සිටීම නිසාය. සැඟවී සිටි ඔහුව කොටුකර ගන්නේ නුවර පාරේ යක්කල පිහිටි නේචර් ගාඞ්න් අවන්හලේ රැඳී සිටියදීය. ඔහු සමඟ හයදෙනෙක්ම එහි රැඳී සිටියේය. ඒ අය අතර සුවිශේෂී පුද්ගලයෙක්ද සිටියේය. ඔහු වෙන කිසිවෙක් නොව, ගම්පහ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකි. ගම්පහ මුදුන්ගොඩ බදුවත්තේ පදිංචිකරුවෙක් වන ඔහු ශාමල් චින්තකය. එතෙක් කලක් කුඩු රොෂාන්ට රැකවරණ ලබාදී තිබුණේ ඔහුය.
මෙසේ අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වන සහ පැවැත්වූ බවට අනාවරණ වූ පළමු පොහොට්ටු මන්ත්‍රීවරයා ශාමල් පමණක් නොව, ගෙවීගිය කාලය තුළ දිගින් දිගටම පොහොට්ටුවේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව තිබිණි. ඒ අය අතර කාන්තාවන්ට අතවර කිරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කන්තලේ මන්ත්‍රීවරයෙක්ද සිටී. පහරදීම්, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම් ආදී විවිධාකාර අපරාධයන්ට සැකපිට අත්අඩංගුවට ගැනුණු පිරිස් බොහෝය.
පොලිස් තොරතුරුවලින් පෙනීයන ආකාරයට පොහොට්ටුවේ මන්ත්‍රීවරු දැන් වෙනදාට වඩා වැඩ පෙන්වන්නට පටන්ගෙන හමාරය. මේ අතර මාකඳුරේ මධුෂ් හෙළිකළ මත්කුඩු ජාවාරමේ නිරත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම කල් ගොස් ඇත්තේ දින නියමයක් නොමැතිවය. එම මන්ත්‍රීවරයා පොහොට්ටුවේ අයෙකි. අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය ගැන මේ දවස්වල වැඩියෙන්ම කතාබහ කරන්නේ ඔහුය. එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගතහොත් කාදිනල් ඇතුළු කතෝලික සභාවත්, කතෝලික ජනතාවත් කලබල වෙතැයි අනියත බියක් ඉහළ පොලිස් නිලධාරියකු විසින් වපුරා තිබීම ඊට මුල්වී ඇති බව සඳහන්ය. රාජපක්ෂ ආණ්ඩු සමයේදී රාජපක්ෂ ආණ්ඩුවට කඬේගිය ඔහු වත්මන් ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ මෙන්ම මෛත්‍රී ජනාධිපතිවරයාගේද හිත් දිනාගත්තේය. විශ්‍රාම යන්නට මත්තෙන් සේවා දිගුවක් පවා ඔහුට ලැබෙන්නේ එබැවිනි. ජනාධිපතිවරණය අවසන් වන විට විශ්‍රාම ගැනීමට සූදානමින් සිටින ඔහු සූදානම් වන්නේ දෙපැත්තම බැලන්ස් කරගන්නටය. ඒ අවසාන කාලයේ මහින්ද රාජපක්ෂවත් ෂේප් එකේ තබාගෙන සිටින්නටය. ඒ අනුව මත්කුඩු ජාවාරමේ නිරතව සිටින මන්ත්‍රීවරයාව නම් මැතිවරණය අවසන් වන තුරුම අත්අඩංගුවට ගැනීම තබා කටඋත්තරයක්වත් නොගනු නියතය. එපමණක් නොව, මාකඳුරේ මධුෂ් ඇසුරු කළ කිසිදු මන්ත්‍රීවරයකුගෙන් මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටඋත්තරයක්වත් ගත්තේ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරි ජනාධිපතිවරණයට බියෙන් සලිතව සිටින්නේ එසේය.

SendShareShare
Previous Post

පක්ෂ තුනේම ඇතුළේ අර්බුද

Next Post

රනිල් එනවා කියපු ගමන් මෛත්‍රිගෙන් සජිත්ට ‌කෝල් එකක්

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අදත් උදේම දික්වැල්ලේ වෙඩි පත්තු වෙයි! එක්කෙනෙක් මාතර රෝහලට අරන් එයි! I Sri Lanka Latest News

ෆර්ඩිනැන්ඩොගේ කතාවට අදානිත් කලකිරෙයි! අකුලගෙන යන්න යයිද?
Exclusive

ෆර්ඩිනැන්ඩොගේ කතාවට අදානිත් කලකිරෙයි! අකුලගෙන යන්න යයිද?

සමයංවත් මරලා – පාතාල ගුරා වෙච්ච අංගොඩ ලොක්කාටත් ගේමක් ගහලා දැන් ඉන්දියාවේ හිරබත් කන කව්ද මේ අතුරුගිරියේ ලඩියා!
Exclusive

සමයංවත් මරලා – පාතාල ගුරා වෙච්ච අංගොඩ ලොක්කාටත් ගේමක් ගහලා දැන් ඉන්දියාවේ හිරබත් කන කව්ද මේ අතුරුගිරියේ ලඩියා!

News

කෝටි 800ක වාහන ගන්න – හතර වටේටම වාහන බෙදන්න දෙමටගොඩ රුවන්ලාට සල්ලි උනන හැටි! CID SPECIAL

අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!
News

අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!

පාතාලය බලවත් වෙයි! කුඩු සලිදු අල්ලන්න ගිය පොලිස් ප්‍රධානියාට මාරුවක්!!
Exclusive

හාරසීයේ කුඩු පැකට්ටුව 2500ට නගී! කුඩු සලිදුගේ බණ්ඩාරගම රාජ්‍යය දෙදරයි! කෝටි 40ක කුඩු ඔත්තුව ගියේ පොලිසිය ඇතුළෙන්මද?

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.