අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කිරීමත් සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සජිත් ප්‍රේමදාස මහතා හට දුරකතන ඇමතුමක් ලබාදීී ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී ජනාධීපතිවරයා හා සජිත් ප්‍රේමදාස මහතා අතර විනාඩි 15ක පමණ සංවාදයක් සිදුව ඇති බව වාර්තා වේ.
අගමැතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ප්‍රකාශ කරද්දී සජිත් ප්‍රේමදාස මහතා සිට ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රිස්තියානි දරුවන් වෙනුවෙන් දහම් පාසල් ගොඩනැගිල්ලක් සදහා මුල්ගල් තැබීමේ උත්සවයකය.
ඊට පුත්තලම දිස්ත්‍රික් එජාප නායක රංගේ බණ්ඩාර මහතාද සහභාගිව සිට ඇත.
කෙසේවෙතත් වික්‍රමසිිංහ මහතා තරග වදින බව වාර්තා වීමත් සමග ජනාධිපතිවරයා කලබලයට පත්ව සජිත් ප්‍රේමදාස මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර ඇමතුමට සම්බන්ධ වී ඇත්තේ සජිත්ගේ ආරක්ෂක නිලධාරියාය. ඒ අනුව ආරක්ෂක නිලධාරියා සජිත්ට ඒ බව දැනුම් දීමෙන් පසු උත්සවය ආමන්ත්‍රණය කිරීම රංගේ බණ්ඩාරට පවරා ඇති සජිත් විනාඩි 15ක පමණ කාලයක් සිය වාහනය තුළට වී ජනාධිපතිවරයා සමග දුරකතන සංවාදයක නිරත වී ඇත.
මේ අවස්ථාවේදී සිද්ධිය දෙස කෝපයෙන් යුතුව බලා සිට ඇති රංගේ බණ්ඩාර මහතා එහි සිටි දිලිප් වෙදආරච්චි මහතාට සදහන් කොට ඇත්තේ අබමල් රේණුවක තරම්වත් කෙළෙහි ගුණයක් නොමැති මෛත්‍රි සමග ඩීල් දමන කිසිවකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබා නොදෙන බවත්, කවුරු වුවත් එවැනි පු්ලයන් පරාජය කිරීමට සිය උපරිම ශක්තිය යොදවන බවත්ය.