ලෝක සවි එසවීමේ ශූරතාවලිය 2025 (World Powerlifting Championship 2025) මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ‘වර්ල්ඩ් පවර්ලිෆ්ටින් ලංකා’ (World Powerlifting Lanka නමැති ක්‍රීඩා සංවිධානයේ මෙහෙයවීමෙන් මෙම ශූරතාවලිය ලබන නොවැ. 27 සිට 30 දක්වා කොළඹදී පැවැත්වෙනු ඇත. Sri Lanka Latest News
ලෝකයේ රටවල් 25ක පමණ සවි එසවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තෙදින තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක කණ්ඩායමක්ද සහභාගි වනු ඇත.
මෙම ජාත්‍යන්තර තරගාවලිය සඳහා විදෙස් රටවල් රැසක් සහභාගි වන හෙයින් මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයද ප්‍රවර්ධනය කිරීමට ඉතා ඉවහල් වනු ඇත. මේ නිසාම මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ විශේෂ අනුමත කිරීමක්ද හිමිව ඇත. මෙම තරගාවලිය පැවැත්වෙන දින 03 තුළදී ශූරතාවලියට අමතරව සවි එසවීමේ ක්‍රීඩා පුහුණු කඳවුරු සහ ක්‍රීඩා සම්බන්ත්‍රණද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජගත් කීර්තියට පත්ව තිබෙන ශ්‍රී ලංකාවේ සවි එසවීමේ ශූරයකු වන රුවන් පෝල් මහතාගේ පූර්ණ අධික්ෂණය සහ මෙහෙයවීම යටතේ තරගාවලිය සංවිධාන කෙරෙනු ඇත.



ප්‍රියන්ත හෙට්ටිගේ











