• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘එදා අපි කතා කළානේ මේ ප්‍රශ්නෙ. මං එතකොටත් කිව්වනේ ඒගොල්ලන්ට විරුද්ධව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා, ඒගොල්ලන්ට යන්න තැනක් නැති හින්ද කියල. එදා අපි එහෙම එකඟතාවකට ආව නේද?’! මාලිමා මන්ත්‍රීනී ලක්මාලි කට වරද්දාගත්තාද? අධිකරණයට ප්‍රසිද්ධියේ අපහාස කළාද? අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඇවිත්! I Sri Lanka Latest News

October 21, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අපි වැටුප් ගන්නෙ නෑ කියලා නෑ! මගේ ගිණුමට වැටුප එනවා! ඉතින් මොකද්ද ප්‍රශ්නේ? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පසුගිය දා කළ ප්‍රකාශයකින් “අධිකරණයට අපහාසයක් සිදුවූ” බවට චෝදනා කරමින් වහා ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නව ජනතා පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.Sri Lanka Latest News

එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, අද දින (ඔක්: 21) නව ජනතා පෙරමුණේ කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, කොලොන්නාව ආසන ක්‍රියාකාරී ජයසිංහ නමැත්තෙක්, සීතාවක ප්‍රා‍දේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර සහ රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාස සංවිධායක සමන් රණතුංග අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් කළ බව ය.

ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවේ කුමක් ද?

තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී තිබේ.

නාරාහේන්පිට ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියක වෙසෙන අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම අත්හිටුවන ලෙස ප්‍රදේශයේ නියෝජිතයෙකු කරන ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඇය මේ අදහස් පළ කළා ය.

එහිදී ඇය පැවසුවේ, “එදා අපි කතා කළානේ මේ ප්‍රශ්නෙ. මං එතකොටත් කිව්වනේ ඒගොල්ලන්ට විරුද්ධව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා, ඒගොල්ලන්ට යන්න තැනක් නැති හින්ද කියල. එදා අපි එහෙම එකඟතාවකට ආව නේද?” යනුවෙනි.

කෙසේ වෙතත්, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල එම අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය.

“නෑ මෙහෙමයි, අධිකරණ තීන්දුවක් තියෙනවා නම් ඒකෙ ප්‍රොසීඩ් එක පිළිබඳව අපි මැදිහත් වෙන්නෙ නෑ.”

ඔහු ප්‍රකාශ කළේ, “අධිකරණ තීන්දුවට නිසි ගෞරවය ලබා දෙන” අතර, අදාළ පවුල්වලට රජයේ ප්‍රතිපත්තිය අනුව මහල් නිවාස ලබා දෙන තුරු “අදාළ නිවෙස්වල රැඳී සිටීමට අවස්ථාවක් ලබා දිය හැකි නම් එය සලකා බලන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නීති නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන” ලෙස ය.

‘නීතිය ක්‍රියාත්මක කරන්න’

අධිකරණ සේවා කොමිසමට ලිපියක් භාර දීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර ප්‍රකාශ කළේ, “පහුගිය තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර රාජ්‍ය ආයතනයකින් ලබා ගත් නඩු තීන්දුවක් නොසලකා හැර කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති,” බව යි.

“මේ මාලිමා ආණ්ඩුව උත්සහ කරනවා දැන් ඒක සාධාරණිකරණය කරන්න ඒක පරිපාලනමය කටයුත්තක් කියලා.”

“රටේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කියන්නෙ, ලක්මාලි මන්ත්‍රිතුමිය අධිකරණයට අපහාස කරල නෑ, එතන වෙලා තියෙන්නේ පරිපාලනමය සාකච්ඡාවක් විතර යි කියලා. නමුත් අපි එතුමාට මතක් කරන්න කැමති මේ වන විට දඬුවම් ලබන ආගමන විගමන පාලක හර්ෂ ඉළුක්පිටිය ද සිදු කර ඇත්තේ අධිකරණ තින්දුවක් පරිපාලනමය තීන්දුවක් නිසා ක්‍රියාත්මක නොකිරීම කියලා. ලක්මාලි මන්ත්‍රිතුමිය විසින් එම නඩු තීන්දුව ක්‍රියාත්මක නොකරන ලෙස රාජ්‍ය නිලධාරින්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමෙන් අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ මාලිමා නොවන විපක්ෂයේ සාමාජිකයින්ට විතර යි ද කියලා.”

ලක්මාලි හේමචන්ද්‍ර වෙනුවෙන් ගනු ලබන තීරණය සම්බන්ධව අවධානයෙන් සිටින බවත්, ලක්මාලි හේමචන්ද්‍ර වහා ම අත්අඩංගුවට ගත යුතු අතර ඇයගේ නීතිඥභාවය අහෝසි කිරීමට පියවර ගත යුතු බවත් නව ජනතා පෙරමුණ අවධාරණය කරයි.

“අධිකරණ සේවා සභාව විසින් මේ සම්බන්ධව ගනු ලබන තීරණය දෙස මුළු රට ම සිටින බවත්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණයට කළ අපහාසය වෙනුවෙන් නඩු පැවරීමට බලාපොරොත්තු වන,” බව නව ජනතා පෙරමුණ පවසයි.

මීට පෙර, අධිකරණයට අපහාස කිරීම නිසා එස්.බී. දිසානායක, රන්ජන් රාමනායක වැනි දේශපාලඥයින්ට සිර දඬුවම විඳීමට සිදුවිය.

BBC සිංහල

SendShareShare
Previous Post

ලෝක සවි එසවීමේ ශූරතාවලිය 2025 (World Powerlifting Championship 2025) මෙවර ශ්‍රී ලංකාවේදී! Sri Lanka Latest News

Next Post

මුහුදු මාර්ගයෙන් ලංකාවේ පාතාලයන් ඉන්දියාවට පන්නන මහමොළකරු හොයාගනී! දැනටමත් ලොට් එකක් අරන් ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය අනතුරු අඟවා...

Read more
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.