2022/2023 වර්ෂයන් සඳහා වන AYDA තේමාව සමගින් නිල වෙබ් අඩවියද මේ හා සමගාමීව දියත් කෙරේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත නිෂ්පාදකයෙකු වන නිපෝන් පේන්ට් සමාගම, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ සහයෝගය ඇතිව සංවිධානය කරන ආසියානු තරුණ නිර්මාණ ශිල්පී සම්මාන උළෙලේ Asia Young Designer Awards (2021/2022) ජයග්‍රාහකයන් ඇගයීම සඳහා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ වර්ණවත් උත්සවයක් පැවැත්විණි.
කලාපය පුරා විසිරුණු වාස්තුවිද්‍යා (Architecture) සහ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ක්ෂේත්‍රයේ (Interior Design) ප්‍රවීණයන් හා ජාලගත වෙමින් කුසලතා සංවර්ධනය කරගැනීම සඳහා එම ක්ෂේත්‍රයන්හි ඉගෙනුම ලබන සිසුන්ට අවස්ථාව ලබාදීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් 2008 වර්ෂයේදී AYDA සම්මාන උළෙල ආරම්භ කරන ලදී. අප රටේ නිර්මාණකරුවන් ශක්තිමත් කිරීමේ අභිලාෂයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන නිපෝන් පේන්ට් ලංකා සමාගම හා ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනය (SLIA) විසින් සංවිධාන කරන ලද්දකි.
මෙවර සම්මාන උළෙලේදී, දිහාන් ධමික ඉන්ෂාන් විසින් ‘Waste Upcycling Park and Wetland Awareness Center’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්, වාස්තු විද්‍යා අංශය නියෝජනය කරමින් රන් සම්මානය දිනා ගන්නා ලදී. අභ්‍යන්තර සැලසුම් නිර්මාණ කාණ්ඩය නියෝජනය කරමින් තරගයට සහභාගි වූ ඩබ්.ඩී. ඉවන්ති ධර්මපාල විසින් ‘Major Design Project) Timber Craft Center ව්‍යාපෘතිය සඳහා රිදී සම්මානය හිමිකර ගන්නා ලදී.