AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරේ හොඳම ඩිජිටල් රක්ෂණ මුලපිරීමට වන සම්මානය, සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම වෙනුවෙන් නොබෝදා දිනාගන්නා ලදී.
AIA මෙම සම්මානය දිනාගැනීමට ඩිජිටල්කරණය ඔස්සේ රක්ෂණ ව්‍යාපාර ඉක්මනින්, පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂමව කිරීම වෙනුවෙන් ගන්නා ලද පුරෝගාමී ප්‍රයත්නය හේතුවිය. මෙම සුවිශේෂ විසඳුම මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ, රක්ෂණ නියෝජිතයන් සේවාලාභීන් සමගින් සිය කාර්යභාරය සිදුකරන්නා වූ ආකාරය වඩාත් හොඳ වෙනසකට භාජනය කරන ලද අතර ක්ෂේත්‍රය තුළ වඩාත් සරල අයුරින් ව්‍යාපාර කටයුතු කරලීම සඳහා වන නවතම මිනුම් දණ්ඩක් ලෙස මෙය ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.
මේ ආකාරයේ ඩිජිටල්කරණ නව නිර්මාණ ඇගයුමට ලක්කිරීම, පෙර නොදුටුවිරූ වෙළෙඳපොළ වාතාවරණයක් පවතින මෙවන් කාලවකවානුවකදී සේවාලාභී අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ඉතාමත් වැදගත් වන අතර AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙය මනාව අවබෝධ කරගෙන සිටියි. නව්‍ය ඩිජිටල්කරණ මුලපිරීම් කඩිනම් කිරීම සඳහා සමාගමෙහි කැපවීම AIA MyPOS පද්ධතියේ ආරම්භයට හේතු වූ අතර මේ සඳහා නවතම මිනිස් කේන්ද්‍රීය නිර්මාණ මූලධර්ම පාදක වේ. එමෙන්ම මේ සඳහා නවතම නිර්මාණ තාක්ෂණය සහ ආරක්ෂක අවශ්‍යතා යොදා ගනු ලබයි. AIA ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය වසර ගණනාව පුරාවට එහි නව තාක්ෂණය, ඩිජිටල්කරණ සහ විශ්ලේෂක දැක්මට අනුව අති සාර්ථක අයුරින් ක්‍රියාත්මක විය. ක්ලවුඩ් ක්‍රමෝපායයන් ක්‍රියාවට නැංවීම, ජංගම සහ වෙබ් ක්‍රමෝපායයන් මෙන්ම පසු කාර්යාලයීය ස්වයංක්‍රීයකරණයන් සහ AIA ලංකා සමාගම තොරතුරු සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් ලබා දෙන්නා වූ අවධානය යන කරුණු හේතුවෙන් ගෙනෙදෙන ශක්තිමත් බව ක්ෂේත්‍රය තුල සේවාලාභී සත්කාරකත්වයට මිනුම් දණ්ඩක් ලෙස මෙය සැලකිය හැකිවනු ඇත.