ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි අධ්‍යාපන ආයතනය වන SLT Training Centre (SLTTC), University of Hertfordshire (UK) ඉංජිනේරු උපාධි [BEng (Hons)] හැදෑරීමට මෙරට සිසු සිසුවියන්ට අවස්ථාව ලබාදී තිබේ.
මෙය ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ජාත්‍යන්තර තලයේ දැනුමක් හා පුහුණුවක් සමග ලොව පිළිගත් සුදුසුකම් හිමිකර ගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි.
මෙම පාඨමාලාවේ 2022 අගෝස්තු කණ්ඩායම සඳහා බඳවාගැනීම් දැන් ආරම්භ කර ඇති අතර, අතිනවීන පහසුකම්වලින් සමන්විත SLT Training Centerහිදී මෙම පාඨමාලා හැදෑරීමට එම සිසු සිසුවියන්ට අවස්ථාව හිමිවේ. දකුණු ආසියානු කලාපය තුළ University of Hertfordshire හි BEng (Hons) පාඨමාලාව පිරිනැමීම සඳහා අවසරය හිමි වී ඇත්තේ, ISO 9001-2015 සහතිකකරණයද හිමි SLT Training Center වෙත පමණි.
Washington Accord විසින් University of Hertfordshire, එක්සත් රාජධානියේ විදුලි හා ඉලෙක්ට්‍රොනික විද්‍යා ඉංජිනේරුකරණ අධ්‍යාපනය සම්බන්ධයෙන් අංක 21 ස්ථානයේ ශ්‍රේණිගත කර ඇත. සිසු සිසුවියන්ට තම වෘත්තීය ජීවිතය තුළ ඉදිරියටම යාමට අවස්ථාව සලසා දෙන සහ රැකියා වෙළෙඳපොළේ අපේක්ෂාවන්ට ගැළපෙන ආකාරයේ දැනුම, පුහුණුව සහ ව්‍යවසායකත්ව ආකල්ප ලබාදෙන, ඉහළම තලයේ ගුරුවරුන්, අධ්‍යාපන පහසුකම් සහ ව්‍යාපාරික හවුල්කාරීත්වයන් සහිත විශ්වවිද්‍යාලයක් ලෙසUniversity of Hertfordshire ඇගයීමට ලක්වී තිබේ.
සිසු සිසුවියන්ට ඉලෙක්ට්‍රොනික විද්‍යා මූලධර්ම සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලැබෙන ආකාරයට මෙම පාඨමාලාවෙහි විෂය මාලාව සැලසුම් කර ඇත. මෙම පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරන සිසු සිසුවියන්ට, SLT-MOBITEL වෙතින් මාස 6ක පුළුල් මට්ටමේ කාර්මික පුහුණුවක් හිමි වේ.