මනුෂ්‍ය සංහතියේ අභිවෘද්ධිය හා නිරෝගිකම තීරණය කරන මුරගල පෝෂණයයි. අපගේ ආහාරයේ අඩංගු වියයුතු සෑම පෝෂණ සංඝටකයක්ම මෙහිදී වැදගත් වන අතර ප්‍රෝටීන විශේෂ ස්ථානයක් ගනියි. ප්‍රෝටීන අපගේ දේහයේ මූලික සංඝටකයක් වන අතර එහි මූලික සංඝටකය ඇමැයිනෝ අම්ලයයි. මානසික සෞඛ්‍ය ගැන කතාකිරීමේදී මොළය මූලික කරගෙන ඇති ස්නායු සෛල ඉතා වැදගත් වන අතර මේවායේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වයට මෙම ඇමැයිනෝ අම්ල විශේෂ කර්තව්‍යයක් කරයි.
යම් හෙයකින් අපගේ දේහයට මෙම ඇමැයිනෝ අම්ල නිසි ආකාරයට නොලැබේ නම් එහි ප්‍රතිඵලයක් වනුයේ මන්දගාමී පුද්ගලයෙක් විය හැකිය. එබැවින් ඔහුගේ මානසික සහ කායික ක්‍රියාකාරීත්වය ඉතා අඩු මට්ටමක පැවතිය හැකිය. ගර්භණී මවකට මෙය ඉතා වැදගත් වනුයේ වැඩෙන දරු ගැබට මෙන්ම මුල් ළදරු කාලයට මෙය තදින්ම බලපාන බැවිනි.
ප්‍රෝටීන යනු සංකීර්ණ ව්‍යුහයක් සහිත පෝෂණ සංඝටකයකි. අපගේ දේහයේ ඇති සමහර ප්‍රෝටීන දේහයේ ව්‍යුහයේ සංඝටක වන අතර ඉන් සමහරක් එන්සයිම සහ විවිධ සමායෝජන ක්‍රියා කෙරෙහි උදව් වෙයි. අද අප සමාජයේ දකින විශාදය,Alzheimer, Parkinson’s වැනි රෝගවලට හේතුව මෙම සමායෝජනයේ ඇති දුර්වලතාවන්ය. මක්නිසාද යත්, මේවා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරී බලවේගය බැවිනි.










