නගරයට සිමාවූ රක්ෂණ සංකල්පය ගම් දනව් වෙත රැගෙන යාමේ අරමුණින් යුතුව 1999 වර්ෂයේදී ආරම්භ කළ කෝපරේටිව් ඉන්ෂුවරන්ස් සමාගම මෙරට වඩාත් ඵලදායී රක්ෂණ සමාගම බවට පත්වීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතීන් අතර ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන කෝපරේටිව් ඉන්ෂුරන්ස් මූලික කොටස් නිකුතුව නුදුරේදීම දියත් කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත. මෙම මූලික මහජන කොටස් නිකුතුවේ කළමනාකරු ලෙස ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව කටයුතු කරනු ඇත.
Covid 19 වසංගතය හරහා මෙරට රක්ෂණ කර්මාන්තය යම් අඩපණ වීමකට ලක්වී තිබුණද 2020 වර්ෂයට සාපේක්ෂව 10%ක ව්‍යාපාර වර්ධනයකට යන්නට කෝපරේටිව් ඉන්ෂුවරන්ස් සමාගමට හැකි විය.











