ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශීය වල්ලපට්ටා නැතහොත් ‘ඌඩ්’ (Agarwood or Oud) නමැති ශාකය ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමේ ප්‍රදර්ශනාගාරයක් පසුගියදා නුගේගොඩ නගරයේදී විවෘත කෙරිණි. ශ්‍රී ලාංකික දේශීය වල්ලපට්ටා වැවිලි ක්ෂ්ත්‍රයේ ප්‍රමුඛයා වන ‘පින්තැන්න වැවිලි සමාගම’ (Pintanna Plantations) විසින් මෙම සුවිශේෂ කාර්යය සිදුකිරීමට පෙරමුණ ගෙන ඇත. ප්‍රථම සහ දැනට ඇති මෙම එකම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම උදෙසා පසුගියදා කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී පින්තැන්න විවිලි සමාගමේ නිර්මාතෘ සහ සභාපති, ප්‍රවීණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දේශබන්ධු කුමාර ධර්මසේන මහතා තම ව්‍යාපාරයේ නවතම පියවර ගැන මෙලෙස අදහස් දක්වා සිටියේය.
‘නීතිමය වශයෙන් වල්ලපට්ටා ශාකය ආශ්‍රිත කරගෙන නොයෙකුත් නිෂ්පාදනය සිදුකිරීමේ අයිතිය තිබෙන්නේ අපේ සමාගමටයි. අයගම ප්‍රදේශයේ පිහිටි අපගේ පින්තැන්න වතුයායේදී මෙම කටයුතු ඉතා සාර්ථිකව සිදුකරනු ලබනවා. එහිදී වල්ලපට්ටා ශාකය රෝපණයත්, ඉන් පසුව එයින් නිෂ්පාදන බිහිකිරීමටත් විශාල කර්මාන්ත ශාලාවකුත් අප පිහිටුවා තිබෙනවා. අප සමාගම තුළ සේවකයන් 350කට අධික පිරිසක් සේවය කරනවා. පසුගිය වසර 02 තුළදී මෙම නිෂ්පාදන හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ඒමට අප විශාල මෙහෙවරක් ඉටුකර තිබෙනවා. අපගේ ප්‍රදර්ශනාගාරයක් දැනට එමිරේට්ස් රාජ්‍යයේද පිහිටුවා තිබෙනවා. අප ශ්‍රී ලංකාව තුළ මෙලෙස විවෘ කිරීමට කටයුතු කරන්නේ මෙරට ප්‍රථම වල්ලපට්ටා නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනාගාරයයි. ලෝකයේ මිලෙස් අධික අතිශය වටිනාකමකින් යුත් ශාකයක් ලෙස වල්ලපට්ටා නොහොත් ‘අගාවුඩ්’ හඳුන්වා දෙන්නට හැකියි. අප මේ සියලු නිෂ්පාදනයන් ඉදිරිපත් කරන්නේ ‘සිලානි’ (Silani) නමැති වෙළෙඳ නාමය යටතේයි….’
දේශබන්ධු කුමාර ධර්මසේන මහතා මෙම ව්‍යාපාරය ජාත්‍යන්තර තලය දක්වාම රැගෙන යමට විශාල මෙහෙවරක් ගෙන කටයුතු කළ අයෙකි. කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු ඔහු, 1996 වසරේදී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමේ තරග උදෙසා මහත් මෙහෙවරක් ඉටු කළේය. වර්තමානයේදී ඔහු ලෝක ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ට තරග විනිසුරුවරයකු ලෙස කටයුතු කරයි. ඉහත මාධ්‍ය සාකච්ඡාව සඳහා ඔහුගේ පුත්, පින්තැන්න වැවිලි සමාගමේ අධ්‍යක්ෂ කනිෂ්ක ධර්මසේන මහතාද සහභාගි වී සිටියේය.
– ප්‍රියන්ත හෙට්ටිගේ











