ශ්‍රී ලංකා චර්මවේදවිද්‍යා විද්‍යාලයට (Sri Lanka College of Dermatology) වසර 40ක් සපිරීම නිමිත්තෙන් උත්සව කිහිපයක් සංවිධාන කිරීමට එම විද්‍යාලය කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාවේ සිටින චර්මවේදවිද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වූ මෙම ආයතනය ආරම්භ කර ඇත්තේ 1985 වසරේදී වන අතර, දැනට ඒ සඳහා වසර 40ක ඉතිහාසයක් ඇත. Sri Lanka Latest News
මෙලෙස දශක හතරක් වූ අභිමානවත් ඉතිහාසය සැමරීම සඳහා මෙම විද්‍යාලය විසින් මූලික වශයෙන්ම සමාජීය මෙහෙවරක් සිදුකිරීම සඳහා වැඩපිලිවෙළක් සකස් කර ඇත. ඒ අනුව චර්මවේද වෛද්‍ය විද්‍යාව සමාජය වෙත බලපාන ආකාරයත්, එමගින් සමාජයට යහපතක් සලසා ගන්නා ආකාරයත් ගැන විග්‍රහ කෙරෙන සහ අවබෝධ කෙරෙන තරගාවලීන් කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව ‘සුදු-කළු-තළෙලු – අපි ඔක්කොම දැකුම්කලු’ යන තේමාව යටතේ අන්තර් පාසල් චිත්‍ර තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එයට අමතරව වීඩියෝ කෙටි චිත්‍රපට තරගයක්ද, ස්ටිකර් නිර්මාණ තරගයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම තරගාවලි දෙකෙහි අවසාන දිනය ඔක්තෝබර් 15 වැනිදා වන අතර, චිත්‍ර තරගයෙහි අවසාන දිනය ඔක්තෝබර් 31 වැනිදා වෙයි. මෙම තරගාවලීන් සඳහා සියලු විස්තර දුරකතන අංක 0712818377 මගින් හෝ අංක 06, විජේරාම මාවත, කොළඹ 07 යන ස්ථානයෙන් ලබාගත හැකිය.
ප්‍රිය්නත හෙට්ටිගේ















