SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති 2022 ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී දුරකතන සන්නිවේදන කාණ්ඩයේ ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට පුළුල් මට්ටමින් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සැපයීම සඳහා නිර්මාණශීලී ලෙස LTE 850MHz බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුම භාවිතා කිරීම වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL වෙත හිමි විය.

රටේ ඩිජිටල් පරිවර්තනයට සහය වෙමින් වැඩි පිරිසක් වෙත ඩිජිටල් තාක්ෂණයන් සමීප කරවීමේ අරමුණින් SLT-MOBITEL මෙම LTE 850MHz බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය භාවිත කරයි. මෙමගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ රැසක ජනතාවට SLT-MOBITELහි Sub-1GHz 850MHz LTE ජාලය ඔස්සේ සම්බන්ධතා පහසුකම් හිමි වූ අතර, විශේෂයෙන්ම අන්තර්ජාල සම්බන්ධතාවන් අතිශයින් වැදගත් වූ COVID-19 කාලසීමාව තුළ එය එම ජනතාවට ඉමහත් සහනයක් විය.

SLT-MOBITEL හි LTE 850MHz විසඳුම, මීට පෙර විශාල වශයෙන් භාවිතා වූ ජාතික මට්ටමේ තරංග පරාස සම්පත් ඉතිරි කරන සුවිශේෂ පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ. ආවරණ පරාසය පුළුල් කිරීමත් සමග, ඊට පෙර බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් ලබාගැනීමට නොහැකි වූ නව පාරිභෝගිකයන් 700,000ක පිරිසකට එම සේවාවන් ලබාදීමට ජංගම දුරකතන සේවා අංශයට හැකියාව ලැබිණි.

Exit mobile version