සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට කුඩා පරිමාණ තේ වතු හිමියන්ට අත්වැලක් වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නංවනු ලබන ණය යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ණය නිකුත් කිරීම සඳහා සූදානමින් සිටී.
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන කර්මාන්තය නංවාලීම සඳහා ක්‍රියාවට නංවනු ලබන සුවිශේෂ වැඩපිළිවෙළක් වශයෙන් මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබේ.
මෙම අරමුණ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව, මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව හරහා වැඩිදුර මූල්‍ය පහසුකම් සපයා ඇත. මීට පෙර මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නගාසිටුවීම ඉලක්ක කරගෙන මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රථම අදියරේ ණය පහසුකම් පිරිනැමීමට ඉදිරිපත් වූ සෙලාන් බැංකුවට දැන් එහි දෙවැනි අදියර යටතේ ණය නිකුත් කිරීම සඳහා අනුමැතිය හිමි වී තිබේ. මෙම වැඩසටහනට එක්වී සිටින බැංකු 5 අතරින්, වැඩිම ණය මුදල් ප්‍රමාණයක් කුඩා පරිමාණ තේ වතු හිමියන් වෙත නිකුත් කර ඇත්තේ සෙලාන් බැංකුව වීම විශේෂත්වයකි. මේ නිසා මෙරට කුඩා පරිමාණ වතු හිමියන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන ප්‍රමුඛතම බැංකුවක් ලෙස සෙලාන් බැංකුව පිළිගැනීමට ලක්වී තිබේ.