පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැල්ලවත්ත ශාඛාව විසින් වැල්ලවත්ත අවට ප්‍රදේශයෙහි ලියාපදිංචි ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන්ගේ රැකියා ගුණත්වය ඉහළ නංවාලීමේ ව්‍යාපෘතියක් දැන් අරඹා තිබේ.
එහි මුලික වැඩසටහන වැල්ලවත්ත ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමය සහ වැල්ලවත්ත පොලිසියේ සහයෝගයෙන් පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේදී පසුගියදා පැවැත්විණි.
වර්ථමාන ශ්‍රී ලංකාව තුළ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල බහුලව භාවිත වන පොදු ප්‍රවාහන ක්‍රමය ත්‍රිරෝද රථය හෙයින් එය භාවිතයෙන් සිදුවන අපරාධ වැළැක්වීම හා ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන් සඳහා මනා වෘත්තීයභාවයක් ඇතිකිරීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන දියත් කෙරුණි. ඒ අනුව පීපල්ස් ලීසිං වැල්වත්ත ශාඛාව විසින් වැල්ලවත්ත ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති සෑම ත්‍රිරෝද රථ ක්‍රියාකරුවකුටම හැඳුනුම්පතක් නිකුත්කිරීමද මෙහිදී සිදුකෙරුණි.
වර්ථමානයේ සිදුවන ගෝලීය ඩිජිටල් පරිවර්තනය හමුවේ සිය ජීවනෝපායන් පහසුකරලීම හා ඊට අනුගතවීම පහසුකරලීමේ අදිටනින් මෙම අවස්ථාවට සහභාගි වූ ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන්ට ‘QR කේතය’ පිළිබඳ දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.
පීපල්ස් ලීසිං සමාගමේ මෙහෙයුම් අංශයේ ප්‍රධාන කළමනාකාරිණි ප්‍රියංකා විමලසේන මහත්මියගේ මුලිකත්වයෙන් පැවැත්වුණු මෙම කර්ත්‍යව්‍යයට පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේ කළමනාකරු කේ. චන්ද්‍රසේකරන් මහතා, වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති (OIC) ප්‍රධාන පොලිස් පරීක්ෂක පරිපාලන එල්.ඒ.යූ. නාඔටුන්න මහතා සහ ස්ථානාධිපති (OIC) උපපොලිස් පරීක්ෂක රථවාහන ඩබ්ලිව්.පී. ප්‍රශාන්ත යන මහත්වරුන් ද “වෘත්තීය ත්‍රිරෝද රථ සංගම් නායකත්වයේ සැබෑ හඬ” සංවිධානයේ කැඳවුම්කරු එල්. රෝහණ පෙරේරා මහතා සහ වැල්ලවත්ත ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සුබසාධක සංගමයේ සභාපති ජේ.පී. ස්වර්ණසිරි යන මහත්වරු සහභාගි වූහ.