දුෂණ චෝදනා එල්ල වි සිටි හිටපු අමාත්‍ය එස්. එම්. චන්‍ද්‍රසේනට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දිමෙන් පසු, රු. 50,000 ක මුදල් ඇපයක් සහ රු. ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 2 ක් මත මුදාහැරේSri Lanka Latest News
දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අද කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා භාරදීම සිදුවූණා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ භාරදීම සිදුවුණා.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.
ඉන් අනතුරුව මෙම නඩුව ජුලි මස 22 වනදා දා කැඳවීමටද නියම වුණා
2014 වර්ෂයේ ජනවාරි 1 වනදා සහ 2014 දෙසැම්බර් 31 වනදා දක්වා කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීම රජයේ වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු කිලෝ ග්‍රෑම් 36,000ක ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් සිදු කරමින් එළඹෙන ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාදීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.










