ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම හා ශීඝ්‍රයෙන් වර්ධනය වන සාමාන්‍ය රක්ෂණ ආයතනයක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී, සිය රත්නපුර ශාඛාව නො: 173, කෙලින් වීදිය, රත්නපුර යන නව ස්ථානය කරා රැගෙන ගිය බව සතුටින් දැනුම් දෙයි. ඔවුන් මෙම නව ශාඛාව මඟින් රත්නපුර හා ඒ අවට ප්‍රදේශවල සිටින පාරිභෝගික ප්‍රජාව හට වඩාත් ඉක්මන් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමට බලාපොරොත්තු වේ. එමඟින් පාරිභෝගිකයන් හට පුළුල් පරාසයක විහිදුණු සාමාන්‍ය රක්ෂණාවරණයන් හා කඩිනමින් හිමිකම් පියවීම සඳහා පහසුකම් සැලසෙනු ඇත. Sri Lanka Latest News
මෙම අවස්ථාවේ දී මේ පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරීනී, ජීවනී කාරියවසම් මහත්මිය මෙසේ සඳහන් කළාය.
“විශ්වාසය සහ නව්‍යකරණය මත ගොඩනැඟුණු ආයතනයක් ලෙස, ජනතාවට කාර්යක්ෂම සාමාන්‍ය රක්ෂණ සේවා සැපයීමට අප නිරතුරුවම කැපවී සිටිනවා. මෙම නව ශාඛාව මගින් අපගේ රත්නපුර සහ ආසන්න ප්‍රදේශවල ගනුදෙනුකරුවන් හට විශිෂ්ටත්වයෙන් යුතු සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.”
මෙම ශාඛාව නවීන පහසුකම්වලින් සහ සේවයට කැපවූ පළපුරුදු වෘත්තීය කණ්ඩායමකින් සමන්විත වන අතර, තනි පුද්ගල සහ ආයතන මට්ටමේ සේවාදායකයින් යන දෙපිරිසටම කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමට සූදානමින් සිටී.
2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ ආයතනය ලෙස The Global Economics මගින් අඛණ්ඩව දෙවන වසරටත් පිදුම් ලැබීම තුළින් පාරිභෝගිකයන් ආයතනය කෙරෙහි තබා ඇති නොබිඳුණු විශ්වාසය මනාව පිළිබිඹු කරයි. එසේම, ෆිච් ශ්‍රේණිගත කිරීම් A- සිට A දක්වා වර්ධනය වීම මගින් තහවුරු වනුයේ ආයතනයේ ශක්තිමත් මූල්‍ය පදනමයි.
කාර්යක්ෂම සේවාවක් සහ විශ්වසනීයත්වය පිළිබඳ ජනතා විශ්වාසය දිනූ පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයෙහි සේවාවන්, රත්නපුර සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සමීපයේදීම අත්විඳින්නට දැන් අවස්ථාව උදා වී ඇත.











