ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රිමියර් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන මහජන බැංකුව ‘Multifaceted Brilliance’ යන තේමාව ඔස්සේ ප්‍රකාශනයට පත්කළ සිය 2021 වසරේ වාර්ෂික වාර්තාව සඳහා රන් සම්මාන 2ක් පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පැවැති ජාත්‍යන්තර The International ARC Awards 2022හිදී දිනාගන්නා ලදී.
මෙම සම්මාන උළෙල වාර්ෂික වාර්තා ඇගයීම වෙනුවෙන්ම පවත්වන ලොව ප්‍රධානතම ඇකඩමි සම්මාන උළෙලකි. මෙවර සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකක් දිනාගත් ශ්‍රී ලංකාවේ එකම බලපත්‍රලාභී වාණිජ බැංකුව මහජන බැංකුව වීම විශේෂත්වයකි. ඒ අනුව,
■ ලිඛිත අන්තර්ගතය සඳහා වන රන් සම්මානය – බැංකු (ජාතික)
■ මූල්‍ය දත්ත සඳහා වන රන් සම්මානය – බැංකු (ජාතික)
■ කවරයේ ඡායාරූපය/ සැලසුම සඳහා වන ලෝකඩ සම්මානය – බැංකු (ජාතික)
■ වාර්ෂික වාර්තා විශේෂඥතාවය : ඒකාබද්ධ වාර්ෂික වාර්තා සහ සමාජ සත්කාරක වගකීම් සඳහා වන ගෞරව සම්මාන (සාම්ප්‍රදායික නොවන රාමුව)
යන සම්මාන මහජන බැංකුව හිමිකරගන්නා ලදී.