රෝගීන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම සහතික කිරීම වෙනුවෙන් නවලෝක රෝහල් සමූහය සිය උසස් සහ නවතම මූලික ප්‍රතිකාර ඒකකය වන Serene Center සහ එම ගොඩනැගිල්ලේම නව විකිරණ අංශයක් විවෘත කිරීමත් සමගින් සිය සංවත්සර සැමරුම ආරම්භ කරන ලදී. එමගින් එකම වහලක් යටින් විවිධ රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීමට හැකියාව ලැබෙයි. මෙම අවස්ථාවට නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා, උපසභාපති අනීෂ ධර්මදාස මහතා සහ සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයද එක්ව සිටියහ.
ඉන් අනතුරුව රෝහල් හෙද පුහුණු පාසලෙන් අධ්‍යාපනය ලැබූ හෙද හෙදියන් 38කට අධික පිරිසක් වෙනුවෙන් සහතිකපත් ප්රදානය කළ අතර, එම සහතිකපත් ප්‍රදානෝත්සවයට ඔවුන්ගේ මවුපියන්ද එක්වූහ.