ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp Hospitals සමූහය මෑතකදී තම රෝහල් කාර්ය මණ්ඩලයේ කුසලතා සංවර්ධන සහ නව දැනුමෙන් ඔවුන් යාවත්කාලීන කිරීමේ අරමුණ පෙරදැරිව Medihelp නැණසවි දිගුකාලීන අධ්‍යයන වැඩසටහන පසුගියදා දියත් කළේය.
Medihelp නැණසවි වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට MediHelp hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, රසායනාගාර අධ්‍යක්ෂිකා සුනන්දා විජේසිරිවර්ධන, වෛද්‍ය අධ්‍යක්ෂ චරිත විජේසිරිවර්ධන, විධායක අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන, Medihelp රෝහල් ජාලයෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද එක්ව සිටියහ.
රටේ වත්මන් අස්ථාවර ආර්ථික වාතාවරණය මධ්‍යයේ වුවද රෝහල් ජාලය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරන මොහොතක කුසලතාවයෙන් හෙබි මානව සම්පතක් සොයාගැනීම අතිශය අභියෝගාත්මක තත්ත්වයකි. එමෙන්ම රටේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් ද වන්නේ පුහුණු ශ්‍රම බළකායේ හිඟයයි. මෙයට උපායමාර්ගික ප්‍රතිචාරයක් වශයෙන් Medihelp රෝහල් ජාලයෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතාගේ සංකල්පයක් අනුව Medihelp රෝහල් ජාලය විසින් Medihelp නැණසවි වැඩසටහන හඳුන්වා දෙන ලද අතර මෙම වැඩසටහන තුළින් තම ආයතනය තුළින්ම කුසලතාවන් සහ නව දැනුමෙන් යාවත්කාලීන වූ රෝහල් කාර්ය මණ්ඩලයක් බිහිකර ගැනීමට Medihelp රෝහල් ජාලයට හැකි වනු ඇත.