සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ (Ceylon Cold Stores PLC) ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ යටතේ, රනාල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් 600කට වසරක් පුරා දිනපතා දිවා ආහාරය ලබාදීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දුන් පාසල් දිවා ආහාර වැඩසටහනට සමගාමීව පසුගිය අගෝස්තු මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන වසරක කාලයක් ක්‍රියාත්මක වනු ඇත. එමෙන්ම මෙය ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය රටේ දරු පරපුරේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නංවන ‘පාසල් දිරිය’ දිවා ආහාර වැඩසටහනේ කොටසක්ද වේ.
රටේ පවතින ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු සහ අනෙකුත් අර්බුද හමුවේ දරුවන්ගේ සහ තරුණ පරපුරේ අධ්‍යාපන අවශ්‍යතාවන්ට මුල්තැන දෙමින්, කෙටිකාලීන හා දීර්ඝකාලීන විසඳුම් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය කැපවී සිටී. මෙහි එක් අදියරක් වශයෙන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම, රජයේ පාසල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගැනීමට කටයුතු කළේය.
එලිෆන්ට් හවුස් යනු ශ්‍රී ලාංකිකයන්ගේ නොමඳ ආදරය හා විශ්වාසය දිනූ, වසර 150කට අධික ඉතිහාසයක් සහිත සුවිශේෂ සන්නාමයකි. මෙම ආදරය හා විශ්වාසය තුළින් පන්නරය ලබමින්, රටේ ජනතාවගේ රුචිකත්වයන්ට ගැළපෙන ආකාරයට තම නිෂ්පාදන පෙළ පුළුල් කිරීමට එලිෆන්ට් හවුස් දිගින් දිගටම කටයුතු කර තිබේ. එමෙන්ම ජනතාවගේ සහ පරිසරයේ යහපත වෙනුවෙන් කාලෝචිත වැඩසටහන් ක්‍රියාවට නැංවීමට එලිෆන්ට් හවුස් නිරන්තරයෙන් කැපවී සිටී.











