• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිටත් වැරදුන තැන් තියෙනවා! අපි ඒක පිළිගන්නවා! හැබැයි අපට වැරදුණා කියලා උඩ පැන්න කවුරුවත් ඉතිහාසයේ වැරදි නොකරපු අය නෙමෙයි! විරෝධතා මැද නාවලපිටි ආ මහින්ද වැරදුණු තැන් හෙළිකරයි!

October 16, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
අපිටත් වැරදුන තැන් තියෙනවා! අපි ඒක පිළිගන්නවා! හැබැයි අපට වැරදුණා කියලා උඩ පැන්න කවුරුවත් ඉතිහාසයේ වැරදි නොකරපු අය නෙමෙයි! විරෝධතා මැද නාවලපිටි ආ මහින්ද වැරදුණු තැන් හෙළිකරයි!
Share on WhatsAppShare on Facebook

දේශපාලන වශයෙන් බෙදී වෙන් නොවී සියලු දෙනාම එක්ව කටයුතු කරන්නේ නම් අද අපේ රට තිබෙන තැනින් පියවරක් හෝ ඉදිරියට යාහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

එකමුතුව නැගිටින්නේ නම් අපට බොහෝ ජයග්‍රහණ ලබාගත හැකි බව පෙන්වාදෙන ඒ මහතා බෙදී, විරසක වී මේ ගමන ඉදිරියට යා නොහැකි බවද එකමුතුව මේ ප්‍රශ්න විසඳා ගන්නේ නම් අපට අනාගතයක් නිර්මාණය වන බවද පෙන්වාදෙයි. ඒ වෙනුවෙන් රජය ගන්නා සෑම උත්සාහයකටම සහාය ලබාදෙන බව මහින්ද රාජපක්ෂ මහතා මුලින් අපි මේ රට තිබෙන තැනින් පියවරක් හෝ ඉදිරියට ගතයුතු බවද අනෙක් සියල්ල දෙවැනුව විසඳා ගතහැකි බවද ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ නාවලපිටිය නගරයේ දී ඊයේ (16) පෙරවරුවේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නාවලපිටිය ආසන සම්මේලනය මෙහිදී පැවැති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහිින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෙය සංවිධානය කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

අදත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවන්න නාවලපිටිය ජනතාව යුතුකම ඉටුකරමින් සිටින බව අපි දන්නවා. එදා දැකපු මූණු අදත් ඒ විදියටම දැක්කම ඒ සතුට තවත් වැඩිවුණා. මේ තමයි අපේ ශක්තිය. ඔබේ ඒ ශක්තිය තමයි අපටත් රටටත් තියෙන ශක්තිය. අපි රටක් විදියට බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් සිටිනවා. එක පැත්තකින් කොවිඩ් වසංගතය අවසන් වනවිට තව පැත්තකින් කඩාවැටුණු ආර්ථිකයට අපි මුහුණ දෙනවා. අපි විතරක් නෙමෙයි ලොකේ බොහෝ රටවල් අද ඔවුන්ගේ ආර්ථිකය ගැන වෙහෙසෙනවා. ඒ වෙනුවෙන් කැපවෙමින් නව සංකල්ප ඔස්සේ ඉදිරියට යනවා. අපි මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්නෙ අද ඊයේ නෙමෙයි. එදා රජ දවසේ ඉඳන් මේ රට විවිධ ආක්‍රමණ, සාගතවලට මුහුණ දුන්නා. ඒ හැම වෙලාවෙම අපි එකමුතුව නැගිටලා ඒ අභියෝග ජයගත්තා. සමහරු මේවා දන්නෙ නෑ. දැනගත්තත් කියන්නෙ නෑ. ඔවුන්ට අවශ්‍ය කාගේ හරි පිටින් තියලා මේ ප්‍රශ්නයෙන් මගෑරලා යන්න විතරයි. ඉතිං ලේසියට අල්ල ගන්නෙ අපිව. ඔවුන් මේවා අපේ පිටින් තියලා අත පිහිදගන්නවා.

ප්‍රශ්න අපේ පිට තිවුවා කියලා මේ ප්‍රශ්න අවසන් වෙන්නෙ නැහැ. දේශපාලන එදිරිවාදිකම්වලින් ඔබ්බට ගිහිල්ලා මඩ ගහනවා. එහෙම මඩ ගහන අයගේ අත්වල තමයි මුලින්ම මඩ ගෑවෙන්නෙ. ඒ නිසා ඉතිහාසය බලලා අනාගතය ගැන තීන්දුවක් ගන්න අපට අද පුළුවන් වෙන්න ඔන. ඒකට එකිනෙකාට මඩ ගහගෙන වැඩක් වෙන්නෙ නෑ.
අපට වගේම ඔබටත් පහුගිය කාලේ විවිධ නින්දා අපහාසවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහරු කවදාවත් වැරදි කරලා නැති අය වගේ හැසිරුණා. දැන් ඒ අය ඉගිලෙනවා. අන්න දැන් තමයි අර කොකාගේ සුද පේන්නෙ ඉගිලෙනකොටය කියන කතාව හොඳටම තේරෙන්නෙ. සමහරු කැමති නෑ මේ රට සාමකාමී රටක් වෙනවට. තවත් සමහරු කැමති නෑ මේ රට ස්වාධීනව නැගී සිටිනවාට. ඔවුන්ට අවශ්‍ය හැමදාම නෑ.බෑ කියාගෙන ඉන්න විතරයි. අපි මේක වෙනස් කළ යුතුයි.

අපිටත් වැරදුන තැන් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. හැබැයි අපට වැරදුණා කියලා උඩ පැන්න කවුරුවත් ඉතිහාසයේ වැරදි නොකරපු අය නෙමෙයි. වැරැද්දක් වුණාම අපට ඒක නිවැරදි කරන්නත් අවස්ථාවක් තියෙනවා. අපි ලජ්ජා වෙන්න ඔන වැරදි වුණ තැනම ඉදිරියට නොයා නතර වෙලා ඉන්නවා නම් විතරයි. සමහරු ඇත්ත දන්නවා. ඇත්ත දැනගෙන දන්නෙ නෑ වගේ ඉන්නවා. අර කරපු චෝදනා ආපස්සට ගන්න බැරි ලජ්ජාවට බොරුව වෙනුවෙන්ම පෙනී ඉන්නවා. දැන් ඒ වගේ දේශපාලන වැඩ කරලා මේ රටට සෙතක් වෙන්නෙ නෑ. අපි වැඩපිළිවෙලක් හදාගෙන ඉදිරියට යෑමයි අවශ්‍යයි. හැමෝම එකතු වෙලා එක ප්‍රතිපත්තියකට රට ඉදිරියට ගෙනියනවා නම් මේ ප්‍රශ්න ගොඩක් අවසන් වෙනවා. සමහරු ඒකට කැමැති නෑ. පොදු එකඟතාවකට එන්න කිවුවම ඒක මගාරිනවා. ආණ්ඩුවෙන් ආණ්ඩුවට රාජ්‍ය ප්‍රතිපත්ති කණපිට ගහගෙන මේ රටේ අනාගතය හදන්න බෑ කියලා හැම මනුස්සයටම තේරෙනවා. හැබැයි අවාසනාවට සමහර දේශපාලඥයන්ට ඔවුන්ගේ නායකයන්ට මේක තේරෙන්නෙ නෑ.

අද රූපවාහිනිය දැම්මොත්, ගුවන් විදුලිය ඇහුවොත්, පත්තරේ කියෙව්වොත්, ෆෝන් එකෙන් සමාජ මාධ්‍යයේ උඩට පල්ලෙහාට ගියොත්, ඔබ දකින්නෙ එක්තරා කොට්ඨාසයක් වැඩිපුර පෙන්වන අපට බෑ කියන කොටස විතරයි. අපට පුළුවන් කියලා මේ ජනතාව නැගිටුවන්න කවුරුත් වැඩි බරක් තියන්නෙ නෑ. අපේ මාධ්‍ය සහෘදයන්ගෙන් මම ඉල්ලන්නෙ ඔබටත් මේ කටයුත්තෙ වගකීමක් තියෙනවා. හැම හෙළිදරව්වක්ම කරන ගමන් රට වෙනුවෙන් ඔබේ ඒ වගකීම ඉටු කරන්න. සමහරු ඉන්නවා දෝෂාරෝපණය විතරයි. ඒ අයට වගකීම් බෑ. ඒ අය බලන්නෙ හැමදාම ඒ විදියටම ඉන්න. අන්න ඒ අය නිතර ගිනි අවුලනවා. අවබෝධයක් නැතිව සමහරු ඒවාට හවුල්වෙනවා. ඔවුන් කැමති රට කරන්න නෙමයි ගිනි තියන්න. ඔබට මතක නම් අමාරුම වෙලාවේ රට භාරගෙන කරන්න කිවුවම කවුරුවත් ඒ අභියෝගය භාර ගත්තෙ නෑ, ඒ අය කිවුවේ නොයෙක් අඩුපාඩු නිවැරදි කරන්න උවමනායි කියලා. හැම අඩුපාඩුවක්ම නිවැරදි කරන්න පුළුවන් නම් ආයේ තව අය හොයනවා ද ? මේ අය හිතනවා සියල්ල හදලා බන්දේසියක තියලා එයාලට දෙන්න ඔනි කියලා.

ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕන නෑ. පාසල් යන ළමයෙක්ගෙන් ඇහුවත් දන්නවා ඉතා මෑතක වැඩි පොළියට වැඩිම විදෙස් ණය ප්‍රමාණයක් අරගෙන තියෙන්නෙ කොයි කාලෙ ද කියලා. යහපාලන කාලේ කරපු ඒ වැඩ සමහරු අපට දාන්න හැදුවා. හැබැයි දරන්න බැරි ණය එක්ක හරි රට භාරගන්න කියලා ජනතාව කිවුවම අපි ඒක කරන්න බෑ කියලා කේවල් කරේ නෑ.ජනතා ඉල්ලීමට අපි ඇහුම්කම් දුන්නා. හැබැයි අපි වරදක් කළා. ඒ අය අපට දුන්නෙ මේ වගේ රටක් කියලා අපි වැඩිය ප්‍රසිද්ධ කළේ නෑ. කොවිඩ් ආවම එන්නතට යන මුදලට වඩා අපි හිතුවේ ජනතාවගේ ජීවිත ගැන. දියුණු රටවල්වල පවා මිනිස්සු කොච්චර මැරුණ ද ? නමුත් ලංකාවේ එවැනි තත්ත්වයක් ඇත්වෙන්න අපි ඉඩ දුන්නෙ නෑ. අපි ඔබත් ඔබේ දරුවන්ගෙත් ජීවිත ආරක්ෂා කළා. සමහරුන්ට මේවා අද අමතකයි.

අද කොවිඩ් අභියෝග ජයගෙන ආපහු හැරිලා බලනකොට ආර්ථික අර්බුදය බෙල්ල ගාවට ඇවිත්. ඒ අර්බුදයටත් අකමැත්තෙන් වුණත් අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජනතාව මේවා දැනගත යුතුයි. සමහර ප්‍රශ්න අපට බාහිරෙන් ආපු ප්‍රශ්න. මිනිස්සුන්ට ජීවත්වෙන්න අමාරුවුණාම එන වේදනාවත් සමහරු හයිජැක් කළා. වේදනාව විකුණලා ඩොලර් හම්බ කරා. අද ඒ බොහෝ කතාවල බළලා මල්ලෙන් එළියට පැනලා ජනතාව ඇත්ත දැනගෙන තියෙනවා. ඒ නිසා ජනතාවට කියන්න තියෙන්නෙ ඔය උසිගන්වන අයගෙන් පරිස්සම් වෙන්න. මොකද ඒ අය ඇවිත් ගෙදර බත් මුට්ටියත් අරන් යන්න පුළුවන්. පක්ෂයක් විදියට බැලුවම අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට ඉතිහාසයේ බොහෝ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. අප අමතක කළයුතු නැහැ ඒ හැම ජයග්‍රහණයක්ම පිටුපස සිටියේ ඔබ වැනි ආදරණීය ජනතාවක්.

මේ ගමනේ දී බලාපොරොත්තු නොවුණ විදියට සමහර තැන්වල අපි වැටුණා. හැබැයි අපි වැටුණ තැන්වලින් නැගිටලා අපේ අරමුණට යන්න ඔනි. සමහරු වැටුණම හිනාවෙයි. උසුලු විසුලු කරයි. හැබැයි අපි වැටුණ තැනින් නැගිටලා දුවලා ජයගන්න කොට ආයෙත් විසිල් ගහලා අපිව පිළිගන්නෙ එදා අපට හිනාවුණ අයම බව අමතක කරන්න එපා. එහෙම නම් අපි බලාපොරොත්තුවක් නැතිව වැටිලා ඉන්න ඔනි ද ? නෑ අපි වැටිලා ඉන්න ඕන නෑ. එකමුතුව නැගිට්ටොත් අපට බොහෝ ජයග්‍රහණ ලබාගන්න පුළුවන්. අපට බෙදිලා, විරසක වෙලා මේ ගමන ඉදිරියට යන්න බෑ. එකමුතුව මේ ප්‍රශ්න විසඳගන්නතාක් අපට අනාගතයක් නිර්මාණය වෙනවා. ඒ වෙනුවෙන් රජය ගන්න සෑම උත්සාහයකටම අපි සහය දෙනවා. මුලින් අපි මේ රට තිබෙන තැනින් පියවරක් හෝ ඉදිරියට ගමු. ඒ සඳහා එක්ව වැඩකරමු. අනිත් ඔක්කොම දෙවැනුව අපට විසඳගන්න පුළුවන්.

විශේෂයෙන් දරුවන්ගේ පෝෂණය ගැන අපි සැළකිලිමත් වෙන්න ඔනි. ඔවුන් තමයි අපේ රටේ අනාගතය. ඒ වෙනුවෙන් විශේෂ සැළකිල්ලක් යොමු කරන්න අවශ්‍යයයි. ඒ වගේම ජනතාව මත පැටවෙන ජීවන බර අඩු කරන්න හැකි සෑම පියවරක්ම ගන්න කියන ඉල්ලීම අපි දැනටමත් සාකච්ඡාවට ලක්කර තිබෙනවා. ඒ සඳහා අපි පක්ෂයක් විදියටත් මැදිහත්වෙලා තියෙනවා. ඒ නිසා ඇතැම් තීන්දු කොතරම් දුෂ්කරතා මැද්දේ වුණත් ජනතාවට වාසි සහගත ලෙස තබාගන්න අපට හැකිවුණා. මේවා ජනතාව දන්නවා. ඒ නිසා අපි අද නාවලපිටියේ දී මේ විදියට ඔබ තමුන්නාන්සෙලා හමුවෙලා……අපි එක්ව නැගිටිමු කියන යෝජනාව මුළු රටටම ඇහෙන්න කියනවා. කෘෂිකර්මාන්තය වේවා, සංචාරක ව්‍යාපාරය වේවා, තේ හෝ රබර් කර් මාන්ත වේවා, වෙනත් කර් මාන්ත වේවා, ඔබ නිරත ඔනෑම වෘත්තියක් වේවා, විදෙස්ගත ලාංකිකයන් වේවා, දේශපාලඥයන් වේවා මේ සියලු දෙනාට අද අවස්ථාව තියෙනවා එක්ව මේ රට ගොඩනගන්න. අන්න ඒ වෙනුවෙන් අපි පෙළගැසෙමු.

නාවලපිටියේ මේ ජනතාව ඒ ඓතිහාසික තීන්දුවේ පංගුකාරයන් වන බව අපට විශ්වාසයි. ඔබේ ඒ ශක්තිය රටට දෙන්න කියන ඉල්ලීම ඉදිරිපත් කරමින්, මේ අවස්ථාව සංවිධානය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක අපේ හිතවත් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාටත්, මේ සඳහා සහය දුන් අපේ පක්ෂයේ සියලු දෙනාටත් මගේ ප්‍රණාමය පුද කරනවා.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

මැයි මාසයේ 9 න් පසුව මාස පහක නිහැඩියාවකින් පසුව අපේ දේශපාලන යාන්ත්‍රණය බලගැන්වුවා. අපි සමඟ මිනිස්සු ඉන්නවා. ඔවුන් සමඟ අපි කටයුතු කරන්න ඕන. ඇතැමුන් එළියට බහින්න බැහැයි කියපු වෙලාවේ මහනුවර නගරයේ පෙළපාලි පවත්වා අපේ ආණ්ඩුවේ ශක්තිය පෙන්නුවා. එදා හැම තැනම ඒ හයිය පෙන්නුවා නම් අපේ ආණ්ඩුවට මෙහෙම වෙන්නේ නැහැ. අපි හැම අවස්ථාවකම අපේ දේශපාලන සඟයන් දැනුවත් කළා. පළමු රැස්වීම රෝහිත අබේගුණවර්ධන මහතාට දුන්නා. මේක ආසන සම්මේලනයක්. අද මේ ශාලාවේ අපේ සම්මේලනය පවත්වනවා. නමුත් මේ ස්ථානය අතුරු සිදුරු නොමැතිව පිරී ගොස් තිබෙනවා. මහින්දානන්දුගේ සම්නේලනය – සජබ විරෝධය කියා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා. නමුත් අපි අපේ රැස්වීම සාර්ථකව පවත්වනවා. අපි මේ වනවිට රැස්වීම් 70 ක් පවත්වා තිබෙනවා. කිසිම කෙනෙක් අපෙන් හැර ගොස් නැහැ. මිනිසුන් එකාවගේ ඉන්නවා.

මහින්ද මහත්තයා ගෙන්වනවා කිවුවම මේ රැස්වීම සාර්ථක කර ගන්න සහාය ලබාදුන්නා. සමගි ජන බලවේගය නාවලපිටිය පොල ළඟ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා. ඒකට හිටියේ 148 දෙනයි. නමුත් අපි මේවාට බය නැහැ. අපි ඕනම වෙලාවක මැතිවරණයකට සූදානම්. නාවලපිටියෙන් එක් කොට්ඨාශයක් හෝ දිනලා පෙන්වන්න මම නැවත දේශපාලනය කරන්නේ නැහැ. මට මේ ආසනය හදන්න මහින්ද රාජපක්ෂ මහතා දුන්න හයිය මම දන්නවා. මම කියපු හැම අවස්ථාවකටම මහින්ද රාජපක්ෂ මහතා ආවා. මේ ආසනයේ නගර තුනක් හදනා හැම පාරක්ම කාපට් කර තිබෙනවා. මිනිසුන්ට බොන්න වතුර ටික දුන්නා. ඉඩම් ඔප්පු 15000 ක් දුන්නා. නිවාස 2500 ක් හදා තිබෙනවා. 5000 ට වඩා රජයේ රැකියා දී තිබෙනවා. මම ආසනයේ හැම තැනම ගියා. දිස්ත්‍රික්කයේ කිසිම තැනකට කරදරයක් කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. එංගලන්තයේ උද්ධමනය අද සියයට 10 ට ඉහළ ගොස් තිබෙනවා. ප්‍රංශයේ තෙල් පෝලිමක් තිබෙනවා. මම අහන්න කැමැතියි එංගලන්තයේ හා ප්‍රංශයේ පාලනය කළේ රාජපක්ෂලා ද කියලා.

රනිල් වික්‍රමසිංහ මහතා පිළිබදව තිබෙන පෞද්ගලික ප්‍රශ්න දෙස නොබලා රට වෙනුවෙන් තීන්දුවක් ගත්තා. මේ රට ගොඩනඟන්න ඒ මහතා ලොකු උත්සාහයක් ගන්නවා. අද වනවිට භාණ්ඩ මිල යමිකිසි මට්ටමික්න පහත වැටී තිබෙනවා. මේ වසර අවසන් වනවිට ආර්ථික කළමනාකරණය කරන්න හැකිවෙයි කියා විශ්වාස කරනවා. ඉදිරි වසර දෙකක කාලය ඉදිරියට යන්න ජනාධිපතිතුමාට අපි සහාය ලබාදෙනවා. අපි දැන් අලුත් විදියට හිතන්න ඕන. අපි අලුත් තරුණයන්ට තැන දෙනවා. අපි අලුත් ගමනක් යන්න අවශ්‍ය වෙනවා. අපිට මිනිස්සු ඉන්නවා. පරන කළ වැරැදි නතර කොට නව මුහුණුවරකින් මැතිවරණයකට යායුතු වෙනවා.

සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,

දේශපාලන වශයෙන් ආන්දෝලනාත්මක යුගයක නාවලපිටියට පැමිණීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. මීට වරස තුනට පෙර ජනාධිපතිවරණයක් තිබුණා. ඊට පෙර ඇතිවූ දේශපාලන, සමාජ, ආර්ථික පසුබිම සමඟ නව දේශපාලාන පක්ෂයක් බිහිකළා. 2015 වසරින් පසුව අපි ගත් තීන්දුවක් අනුව නව දේශපාලන වැඩපිළිවෙලකට මුල පුරන්න සිදුවුණා. අපි 52 ක් එදා විපක්ෂයේ වාඩි වුණා. එ්කට අපිට උසුළු විසුළු කළා. එදා අපි හොඳම විකල්පය සොයා බැලුවා. ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිතුවා. එතුමා වටා මේ රටේ සාමාන්‍ය ජනතාවත් එකතු වුණා. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉතා වැදගත්. ඒ වැඩපිළිවෙලේ අපිට අඩුපාඩුකම් සිදුවුණා. අපෙන් සිදුවූ අඩුපාඩුව පිළිගැනීම තුළ අපිට නැවත ගොඩ එන්න පුළුවන් වෙනවා. මේ රටට ආදාරය කරන වැඩපිළිවෙලක් තමයි කාබනික පොහොර වැඩපිළිවෙල. වස විෂ නොමැති දේශයක් බිහිකරන්න වැඩපිළිවෙලක් එදා තිබුණා.

එදා අනුරාධපුරයේ තිබුණු රැස්වීම මට මතකයි. නමුත්. එදා සද්භාවයෙන් කළ වැඩපිළිවෙල අපි දන්නවා. ව්‍යවස්ථාවෙන් තොරව අපි මහ පාරේ ගණුදෙනුව බේරා ගමු කියා අනුර කුමාර දිසානයක පැවසුවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඔවුන් කටයුතු කළා. ජනතාවගේ කඳුළුවලින් ගොඩයන්න ඔවුන් උත්සාහ කරනවා. අපේ රටේ මිලියන 16ක් ඉන්නවා ඡන්ද් දායකයන්. අරඟලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය, අරලිය ගහ මන්දිරය, ජනාධිපති කාර්යාලය ඇතුළු ආයතන අත්පත් කර ගත්තා. නමුත් අපි ඒ අවස්ථාවේ යම්කිසි තීන්දුවක් ගත්තා. ඒ නිසා තමයි අපි ගත් තීන්දුවකට අනුව කිසිවෙකුටත් කැමැත්තකට හෝ අකමැත්තකට අනුව නොව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තීරණය කළා. මිනීමරු පාදඩයන්ට අවස්ථාව නොදී රට ඉදිරියට ගෙනයන්න අවශ්‍ය නිසා එවැනි තීරණයක් ගත්තා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාට යම්කිසි සාධාරණයක් ඉටුවිය යුතු වෙනවා. කොවිඩ් වෙලාවේ මිනිසුන්ට අවශ්‍ය එන්නත දෙන්න පියවර ගත්තා. ලෝකයේ වාර්තාවක් තබමින් කොවිඩ් පාලනය කරන්න පියවර ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදීව අපි ඕනෑම ගණුදෙනුවක් බේරා ගන්න සූදානම්.

කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

අපේ රට මුහුණ දෙන ආහාර අර්බුදය දන්නවා. අද වනවිට ජනගහනය කෝටි දෙක ඉක්මවා ගොස් තිබෙනවා. 1952 වසරේ දී අපි චීනය සමඟ රබර්, සහල් ගිවිසුමකට පැමිණියා. එදා සිරිමාවෝ මැතිණියගේ සමයේත් මෙවැනිම ආහාර අර්බුදයක් ආවා. රටේ ජනතාව විශාල වශයෙන් ගැටළුවලට මුහුණ දුන්නා. 1990 වසර අවසන් වනවිට ලංකාව ලෝක වාර්තා තුනක් බිහිකළා. ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තා. වැඩිම වයස්ගත ජනගහනය නිර්මාණය වෙමින් තිබුණා. ඒ වගේම වැඩියෙන්ම සියදිවි හානිකර ගත් ජනතාවක් ඉන්න රට බවට පත්ව තිබුණා. ඈත ගම්වල කෘෂිකර්මයෙන් ජීවත්වන ජනතාවගේ ආර්ථීකය ශක්තිමත් වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසායි. එතුමා නොමිලේ පොහොර ලබාදෙන්න පියවර ගත්තා. රසායනික පොහොර තහනම් කළයුතුයි කියන තීන්දුව යහපත් අරමුණක් ඇතිව අපි ගත්තා. වකුගඩු රෝගයෙන් විශාල පිරිසක් අපේ ජනතාව මියගියා. මේ තත්ත්වය තේරුම්ගෙන ඒ තීන්දුව ගත්තා. මේ රටේ කර්මාන්ත, කෘෂිකර්මය පැත්තෙන් ගැටළු ඇතිවන බව දැනගෙන එවැනි තීරණයක් ගත්තා.

නමුත් ඒ සම්බන්ධයෙන් ගැටළු ආවා. මේ රටේ වගා කරන්න පුළුවන් සෑම දෙයක්ම විදේශයන්ගෙන් ආනයනය කළා. නමුත් අපි ඒ වෙනුවට නිෂ්පාදනය ඉහළ දාන්න කටයුතු කළා. වාහන ගෙන්වන එක නතර කරන්න පියවර ගත්තා. කාර්මික නිෂ්පාදන ඉහළ නංවන්න පියවර ගත්තා. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරතුර කොරෝනා වසංගතය පැමිණියා. මේ හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් ඇතිවුණා. බලයට පැමිනෙන කිසිම රජයක් තමන්ගේ ජනතාව ගැටළුවලට මුහුණදෙනවා දකින්න කැමැති නැහැ. 1948 න් පසුව සමාජ පරිවර්තනය යුගය දෙස අපි බැලිය යුතු වෙනවා. වසර 73 ක් පුරා මේ රටේ සිදුව තිබෙන සමාජ පරිවර්තනය ගැන වගවීම තිබෙන්නේ දේශපාලඥයන්ටයි. 1948 අපි නිදහස ලබන විට ඉපදුන දරුවන්ගෙන් පාලස් ගියේ සියයට 52 ක් පමණයි. අද එය සියයට 98 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිදහස් අධ්‍යාපනය දීලා, විශ්ව විද්‍යාලයට පැමිණි පසුව රජයේ රැකියාවකුත් දෙන රටක් තිබෙන්නේ ශ්‍රී ලංකාව විතරයි. මේ රට විවිධ පර්වර්තනයන් කරන්නට මැදිහත් වුණේ දේශපාලඥයන් බව කියන්න කැමැතියි. මේ රටේ ඉදිරියට සම්බන්ධයෙන් හොඳ දැක්මක් තිබුණත් සමාජ, ආර්ථික ගැටුම් හේතුවෙන් ඒ තැනට යන්න නොහැකි වුණා. මේ තිබෙන අර්බුදයෙන් අපිට ගොඩ එන්න පුළුවන්. ඊට අවශ්‍ය සම්පත් අපේ රටේ තිබෙනවා.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා,

අපි මීට පෙර මෙවැනිම හමුවක් කළුතර දිස්ත්‍රික්කයේ දී ක්‍රියාත්මක කළා. එයින් පසුව අපිට විවිධ ප්‍රහාර ආවා. සමාජ ජාලා ක්‍රියාකරන අය අද අම්මා තාත්තා හදුනන්නනේ නැහැ. මේ රටේ පොදු දේපළ හදුනන්නේ නැහැ. රටට ආදරය කරන්න හැඟීමක් නැහැ. පොදු දේපළ විනාශ කරන්න පුළුවන් නම් රටට, ජාතියට ආදරයක් නැහැ. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ රටට, ජාතියට ආදරය කරන පක්ෂයක්. ඇතැමුන් කියනවා දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තැනක් නැහැ කියනවා. අපි නියෝජනය කරන කඳවුර ඇතැමුන් විවිධ කතා කියනවා. ගාලු මුවදොර සිද්ධිය අපිට මතකයි. අපි එතැනින් නැඟිටිනවා. මහින්ද රාජපක්ෂ මහතා ගැන රටටම විශ්වාසයක් තිබෙනවා. මේ තත්ත්වය දන්නා විවිධ පුද්ගලයන් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙනවා. එදා දේශපාලනයෙන් තොර නායකයෙක් හදන්න කටයුතු කළා. යම් යම් අය විවිධ මත ගෙනාවා. ජනතාව සමඟ කතා කරලා තමයි අපි තීන්දු කළේ. වෘත්තිකයන්, වියතුන් කියන කට්ටිය යොදා ගන්නා අය අපි කල්පනා කරන්න ඕන. පක්ෂය සමඟ එක්ව දේශපාලන කථිකාවතක් කරගෙන යනවා. ජනාධිපතිවරයාට වෙනත් ගමන් මාර්ගයක් පෙන්වනවා. නමුත් එය අවබාවිතාවට ලක්වුණා.

අපි කඩිනමින් රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබාදීලා තිබෙනවා. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් චෝදනා අදටත් තිබෙනවා. එතුමා ඒ සම්බන්ධයෙන් පිළිතුරු දියයුතු වෙනවා. අපිට නිවැරැදි නායකයෙක් ඕන. මේ නිසා ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිිංහ මහතා තෝරා ගත්තා. දැන් අර චෝදනා නැද්ද කියා ඇතැමුන් අහනවා. අනුර කුමාර දිසානායක හැමදාම කළේ චෝදනා ගොනුකරන එක මිස චෝදනා ඔප්පු කිරීම නොවෙයි. ෆයිල් තිබෙනවා. නමුත් ඒකේ ඇතුළේ කිසිවක් නැහැ. චෝදනා කරමින් වැඩකරන පිරිස්වලට එරෙහිව ක්‍රියාකරනවා. චෝදනා ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් චෝදනා ඔප්පු කිරීම කළයුතුයි. මේ රටට අවශ්‍ය සංවර්ධනය අපි ලබාදිය යුතු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ සිට 2015 දක්වා දැවැන්ත සංවර්ධනයක් කළා.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා,

මේ රටට සාමය ගෙනත් දෙන්න මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා. නමුත් ඒක ටික කලකින් අපේ මිනිසුන්ට අමතක වුණා. අපිට විරුද්ධව ලක්ෂ 55 ක් ඡන්දය ලබාදුන්නා. අද නාවලපිටිය ජනතාව අපේ හයිය පෙන්වා තිබෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ගේ වගකීම ඉටුකර තිබෙනවා. අපි ඉදිරියේ පළාත් පාලන මැතිවරණයක් තිබෙනවා. ඇතැමුන් කියනවා ඡන්ද කල් දාන්න යනවා කියනවා. අපි එදා මාස තුනෙන් තුනට පවත්වන්න පියවර ගත්තා. 2018 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයකට ගිය පසුව විපක්ෂය අධිකරණය හමුවට ගියා. පළාත් පාලන නියෝජිතයන් මෙහි ඉන්නවා. මෙතන විකෘති මැතිවරණ ක්‍රමයක් තිබෙනවා. කුඩා පක්ෂවල අවශ්‍යතාවය අනුව ඡන්ද පවත්වනවා. 4,300 කට පඩි ගෙන්න එපා කියූ අය දැන් කියනවා ඒ කට්ටියත් තියා ගන්න කියලා. ඒ කට්ටියට පඩි ගෙවන්න රුපියල් ලක්ෂ 32,000 ක් යනවා. අපි ඡන්දවලට බය නැහැ. එදා බදු අඩුකල පසුව බදු අඩු කළේ ඇයි අහනවා. අද බදු වැඩිකළ පසුව ඇයි එහෙම කරන්නේ කියලා අහනවා.

හිටපු ඇමැති, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

දේශපාපාලන පක්ෂයක් ලෙස ඉතා කෙටිකලකින් අපේ පක්ෂය ජනතාව අතර ඉදිරියටම පැමිණියා. අපේ ජනතාව හේතුවෙන් අපේ පක්ෂයට විවිධ ජයග්‍රහණ අත්පත් කර ගන්න හැකියාව ලැබුණා. ගම ශක්තිමත් කරන වැඩපිළිවෙල මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇති කළා. අපේ රටේ ග්‍රාමීය ආර්ථිකය ඇති කළා. මාර්ග ඇති කළා. විදුලිය සියයට 100 ක් ලබාදෙන්න පියවර ගත්තා. 1986 වසරේ තමයි පළමු අධිවේගී මාර්ගයට මුල්ගල තිබ්බා. නමුත් එය යථාර්ථයක් කරන්න මහින්ද රාජපක්ෂ මහතා පිියවර ගත්තා. ඒ වගේම දරුවන්ට තාක්ෂණය හදුන්වා දෙන්න මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර හදුන්වා දුන්නා. මේ වටා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය වුණා. එදා මෙවැනි වැඩපිළිවෙලක් කළත් ඇතැම් දේශපාලන පක්ෂ විකෘති මනසකින් දැක්කා. ඇතැම් දේශපාලන පක්ෂ නගරය ගැන පමණයි බැලුවේ. නමුත් අපි ගම සංවර්ධනය කොට නගරය දියුණු කරන්න බැලුවා. අපි නවීකරණය වියයුතු වෙනවා.

නමුත් ඇතැම් ප්‍රතිපත්ති අපේ රටට ගැලපුනේ නැහැ. කොවිඩ් 19 වසංගතය සමඟ ලෝකයම කඩා වැටුනා. අපි දේශීය ආර්ථිකය නවීකරණය කරන්න පියවර ගත්තා. හැම කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 40 ක මුදලක් වෙන් කළා. ගමේ නිෂ්පාදන විකුණන්න ගමේ මධ්‍යස්ථානයක් ඉදිකළා. දේශීය ව්‍යාපාරිකයා, ගොවියා ශක්තිමත් කරන්න මේ තුළින් උත්සාහ කළා. නමුත් මේ තත්ත්වය නොතේරුණ අය ඉන්නවා. තරුණයන්ට සිස්ටම් එකේ වෙනසක් කරන්න අවශ්‍ය වුණා. අරගල කල ඇතැම් තරුණයන් තවමත් ගාලු මුවදොරට වෙලා කල්පනා කරනවා. අපිට විවිධ චෝදනා කරනවා. නමුත් අධිකරණවලින් අපිව නිදහස් කළා. අපි වරදක් කර තිබෙනවා නම් අපිට දඩුවම් දෙන්න. එන හැම කෙනාටම හොරා හොරා නොකියා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. එදා අපිට හොරා හොරා කියපු කට්ටිය කෝළඹ ඉන්න අක්කා කෙනෙකුට සල්ලි දීලා. ඒ ලැයිස්තුව බැලුවාම අපි හැර හැමෝම ඉන්නවා. යම් අයෙක් දේශපාලන වශයෙන් රැකවරණය ලබාගන්න උත්සාහ කරනවා නම් ඒ අයට උදව් කරන්න එපා. ප්‍රතිපත්ති ගරුක අයට දේශපාලනයට එන්න අවස්ථාව දෙන්න.

පාර්ලිමේන්තුව ඇතුළේ බදු සම්බන්ධයෙන් විවිධ චෝදනා කළා. එදා බදු අඩුකළා කියූ අයම දැන් බදු වැඩිකළා කියා බනිනවා. අපි ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න අවශ්‍ය වෙනවා. බදු නිසා ව්‍යාවාරිකයන්ට ව්‍යාපාර කරගෙන යන්න අමාරුයි. බදු පැහැර හරින්න බැහැ. බදු ගෙවීම තුළ ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගන්න අවශ්‍ය වෙනවා. පසුගිය කාලයේ අපි යම්කිසි පසුබෑමකට ලක්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු මාරුව ත්‍රස්වාදී ක්‍රමයට හරවන්න ඇතැමුන් උත්සාහා කළා. පක්ෂයක් ලෙස අපි මැතිවරණවලට බය නැහැ. මේ රටේ තරුණ අයට බලාපොරොත්තු තිබෙනවා. ඒවා හදුනාගත් දේශපාලන පක්ෂයක් ලෙස අපි ඉදිරියට යන්න අපේක්ෂා කරනවා. අපිට වැඩියෙන්ම ගහන්නේ ගම හැදුවාට. මහින්ද රාජපක්ෂ කියන්නේ දේශපාලන සංස්කෘතියක් කියලා කියනවා. ඒ නිසා ගමට ගහන්න නම් මහින්ද රාජපක්ෂට ගහන්න ඕන කියා ඇතැමුන් කියනවා. නමුත් අපි ස්ථාවර රටක් ගොඩනඟන්න පියවර ගතයුතු වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට පසුගිය කාලයේ මෙවැනි රැස්වීම් සංවිධානය කළා. තමන්ගේ අනාගතය ගැන විශ්වාසයක් තබා විශාල පිරිසක් අද මේ අවස්ථාවට සහභාගි වෙනවා. මෙතනින් රටටම පණිවුඩයක් ලබාදෙනවා. පසුගිය කාලයේ අපිට විවිධ ගැටළු පැමිණියා. මුහුණු පොතේ යම්කිසි පණිවුඩක් දැම්මම ඒකට විරුද්ධව විවිධ ප්‍රචාරයන් ගියා. කුලීකාරයන් ටිකක් මේ වෙනුවෙන් යොදා‍ගෙන ඉන්නවා. අපි ඒ සම්බන්ධයෙන් සොයා බැලුවා. ව්‍යාජ ගිණුම් ඔස්සේ එවැනි දෑ සිදුකරනවා. ලෝකයේ වෙනත් රටවල සිට අපේ පක්ෂයට මඩ ගසනවා. අපේ පක්ෂයට එරෙහිව යන කාරණා සම්බන්ධයෙන් අපි කළබල වියයුතු නැහැ. අද නාවලපිටිය ජනතාව මෙතනට රැස්ව කියා සිටන්නේ ජනතාව ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟයි කියලයි. ඒ නිසා අපි පක්ෂයක් ලෙස ජනතාව සමඟ සිටිනවා.

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී වීරසිංහ මහතා,

රාජපක්ෂවරුන්ට යළි රට බාරදෙන්නේ ඇයි කියලා ඇතැමුන් අහනවා. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් මඩ ප්‍රහාර ගෙනයනවා. අපි ජනතාව සමඟ ශක්තිමත්ව සිටින විට ඔවුන්ට ඉවසන්න බැහැ. මේ රට විනාශ කළ නායකයෙකුගේ දරුවෙක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ නිවාස හදනවා වෙනුවට තමන්ගේ ප්‍රචාර කටයුතු වෙනුවෙන් විශල වශයෙන් මුදල් වැයකළා. සජිත් ප්‍රේමදාස වැනි නායකයෙක් මේ රටට ගැලපෙන්නේ නැහැ කියලා ඔහු විසින්ම රටට කියා තිබෙනවා. පාර්ලිමේන්තුවේ 225 ම තමයි ජනතා විමුක්ති පෙරමුණේ තුන් දෙනත් ඉන්නවා. අනුර කුමාර දිසානායකලා බලය ලබා ගන්න නොහැකි වුණාම මිනී මරලා, රට ගිනිතියලා විවිධ උත්සාහයන් දරනවා. එදා ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ විශාල පිරිසක් මරා දැම්මා. වැඩියෙන්ම ජාතික සම්පත් විනාශ කළා. ඒ කාලයේ ගමට යන බස් එකට ගිනි තිබ්බා. තැපැල් කාර්යාලයට ගිනි තිබ්බා. පසුගිය කාලයේ ප්‍රශ්න තිබුණා. නමුත් මේ තත්ත්වය නිර්මාණය වුණේ කෙසේද ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට සහ දශක පහකට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් උපහාර පිරිනැමීමක් ද මෙහිදී සිදුවිය.

රාජ්‍ය ඇමැතිවරුන් වන ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, තේනුක විදානගමගේ, සිරිපාල ගම්ලත්, කනක හේරත්, පියල් නිශාන්ත, දිළුම් අමුණුගම, ජානක වක්කුඹුර, සනත් නිශාන්ත, රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජිකා වික්‍රමසිංහ, සංජීව එදිරිමාන්න, කෝකිලා ගුණවර්ධන, මධුර විතානගේ, ජයන්ත කැටගොඩ, ලලිත් මංජු, සුදත් මංජුල, චින්තක මායාදුන්න, සුදර්ශන දෙනිපිටිය, අජිත් රාජපක්ෂ, මිලාන් ජයතිලක, අකිල එල්ලාවාල සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ වෙතින් පාසල් දරුවන් 600කට වසරක් පුරා දිවා ආහාරය…

Next Post

අයවැයෙන් අපිට ගහන්න හමුදාවටයි පොලිසියටයි 25%ක්! අධ්‍යාපන-ප්‍රවාහනයට-සෞඛ්‍යට දීලා තියෙන්නේ සොච්චමක්! බදු ගැන පුබුදුගෙන් කවුරුත් නොකරපු අනාවරණයක්! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.