මෙරට අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම පිණිස අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සුබසාධක සංගමය සංවිධාන කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා ඉතා සාර්ථකව පැවැත්විණි.
අංක 75, කඳවල පාර, රත්මලාන ලිපිනයේ පිහිටි අයිඩියල් මෝටර්ස් ප්‍රධාන වැඩබිමේදී පවත්වන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන ඉකුත් 03 වැනිදා පවත්වනු ලැබූයේ අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සමාරම්භක දිනය වන සැප්තැම්බර් පස්වැනිදා මූලික කරගනිමින් හා අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය නිමිති කරගෙනය.
අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සුබසාධක සංගමය හා කාර්යමණ්ඩලය මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධාන කර තිබූ අතර එය මෙවර පැවැත්වූයේ හත්වැනි වරටය. අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් රටට අවැසි මොහොතක අයිඩියල් මෝටර්ස් මෙවැනි සත්කාරයක් සංවිධාන කිරීම කාගේත් පැසසුමට ලක්වූ කරුණක් විය.











