මෙරට අංක එකේ බැංකුව, ලංකා බැංකුව සිය විශිෂ්ටත්වය සහ අද්විතීය සේවාව නැවතත් තහවුරු කරමින් තම ගනුදෙනුකරුවන්, පාර්ශ්වකරුවන්, විශ්‍රාමික හා දැනට සේවයේ නියුතු කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුළු සියලු ජනතාවගේ පහසුව අරමුණු කරගනිමින් Ceybank Holiday Home නිවාඩු නිකේතනයක් කතරගම නගරයේදී විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.
ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ සහ මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත ගොඩනැගුණු මෙම නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය සඳහා ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු/ප්‍රධාන අවදානම් නිලධාරී ජී.ඒ. ජයශාන්ත, නියෝජ්‍ය මහා කළමනකාරු/ප්‍රධාන නීති නිලධාරී/ Ceybank Holiday Home අධ්‍යක්ෂ භද්‍ර කල්‍යාණප්‍රිය ගුරුසිංහ, නියෝජ්‍ය මහා කළමනාකරු (මානව සම්පත්)/ Ceybank Holiday Home අධ්‍යක්ෂ දම්ම විජයවර්ධන, සහකාර මහා කළමනාකරු (අලෙවි) අරුණ හෙට්ටිආරච්චි, වැඩබලන සහකාර මහා කළමනාකාරිනී චම්පිකා හේවාමාන, Ceybank Holiday Homeහි සාමාන්‍යාධිකාරී නිමල් ප්‍රනාන්දු සහ ලංකා බැංකුවේ සුබසාධක නිලධාරී රොහාන් කොඩිකාර යන මහත්වරු සහභාගි වූහ.











