මෙරට සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනික අභිලාෂයන් සවිබල ගැන්වීමට කැපවී සිටින සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) සිය ‘සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහනේ‘ 14 වැනි අදියර පසුගියදා සාර්ථකව පවත්වන ලදී.
මෙම වසරේදී අධ්‍යාපනයට ඉහළ දස්කම් දක්වන නමුත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් 150 දෙනකුට සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයාම සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරිණි.
මේ වසරේ ‘සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන‘ හරහා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් සියයකට රු. 12,500 බැගින් වසර පහක් දක්වා ශිෂ්‍යාධාර ලබාදෙන අතර එහි මුළු වටිනාකම එක් සිසුවකුට රු. 62,500කි. මේ අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් 50 දෙනකුට රු. 17,500 බැගින් වසර දෙකක් දක්වා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදුවේ. එම ශිෂ්‍යාධාරයේ මුළු වටිනාකම එක් සිසුවෙකුට රු. 35,000ක් වේ.