සෑම විටම සිය පාරිභෝගිකයන් වෙනුවෙන් වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මුල්‍ය සේවා සපයන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) සිය ප්‍රමුඛතම මූල්‍ය සේවාවක් වන ‘CDB රන් ණය‘ සේවාව නව මුහුණුවරකින් වෙළෙඳපොළට නිකුත් කර තිබේ. ඒ අනුව, පවතින ආර්ථික තත්ත්වය හමුවේ විවිධ අසීරුතාවන්ට මුහුණ දෙන ජනතාව වෙනුවෙන් සහනයක් වෙමින්, ‘CDB රන් ණය’ නව විශේෂාංග රැසක් සමගින් වැඩිදියුණු කරන ලද සේවාවක් ලෙස පාරිභෝගිකයන් වෙත හඳුන්වාදී ඇත.
රන් ණය ක්ෂේත්‍රයේ නවමු පෙරළියක් සිදු කරමින් ‘රත්තරන් ණය දෙන ඉස්තරම් තැන වන CDB, රන් ණය ලබාගත් දිනයේ සිට පළමු මාසයේ පොළිය මාසයෙන් භාගයකට අය නොකරමින් සිය පාරිභෝගිකයන් වෙත විශේෂ සහනයක් සලසා දී තිබේ. ඒ අනුව, රන් භාණ්ඩ උකස් කළ දිනයේ සිට දින පහළොවක් ඇතුළත එම භාණ්ඩ නිදහස් කරගන්නා පාරිභෝගිකයන් වෙත කිසිදු පොලී මුදලක් අය කරනු නොලැබේ. එසේම, ‘CDB රන් ණය‘ සේවාව වෙත යොමුවන පාරිභෝගිකයන් හට හිමිවන තවත් ප්‍රතිලාභයක් වන්නේ CDB වෙතින් රන් පවුමකට ලබාදෙන ඉහළම අත්තිකාරම් මුදලයි. ඒ අනුව, රන් පවුමකට රුපියල් 165,000/=ක ආකර්ෂණීය අත්තිකාරම් මුදලක් ලබාදීමට CDB සමාගම පියවර ගෙන තිබේ. තවද,CDB රන් ණය සේවා සඳහා මාසිකව අවම ආරම්භක පොලී අනුපාතයක් අය කරන අතර එය ‘CDB රන් ණය’ පාරිභෝගිකයන්ට සහන සැලසෙන පරිදි සකස් කර ඇත. එසේම, වඩාත් කාර්යක්ෂම සේවයක් උදෙසා සතියේ දිනවල පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වාත්, සෙනසුරාදා දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වාත් CDB ශාඛා ජාලය මෙම සේවාව ලබාදීම සඳහා විවෘතව පවතී.