AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් 27 වැනි වතාවටත් ශ්‍රී ලංකාවේ දීර්ඝතම ආයතනික් සමාජමය මෙහෙවරක් වන AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය සුපුරුදු පරිදි මෙවර පොසොන් සමයේදීත් සිදුකිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
ජාතික පොසොන් උත්සවය සඳහා සහභාගී වීමට පුදබිම් වෙත ගමන් ගන්නා බැතිමතුන් වැව්වලින් දිය ස්නානය කිරීමේදී ඇතිවිය හැකි අවදානම සැලකීමට ගෙන, අනුරාධපුර, පොලොන්නරුව, දඹුල්ල සහ මිහින්තලේ පූජා නගර සියල්ල ආශ්‍රිතව පිහිටා ඇති වැව් 22ක් ආවරණය වන අයුරින් දින 3ක් පුරාවට, 500කට අධික ජීවිත ආරක්ෂක නිලධාරී මහත්වරුන්ගේ සේවය ලබාගනිමින් බැතිමතුන්ගේ ජීවිතවලට දියේ දී වියහැකි අනතුරු සඳහා රැකවරණ තහවුරු කර ඇත. විශේෂයෙන්ම මෙම අභියෝගාත්මක වසර තුළදී දැනට පවතින තත්ත්වය පිටුදැකීම සඳහා ජනතාව විසින් මවුබිම වෙනුවෙන් සෙත් පැතීම උදෙසා විශාල වශයෙන් මෙම පුදබිම් වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙවරත් පොසොන් උත්සවය සඳහා වර්තමානයේ රටේ පවතින ගැටලුකාරී වාතාවරණය අතරේ වුවද විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.