වත්මන් රජය බලයට ආ විගස ලබා දුන් බදු සහන හේතුවෙන් බිලියන 600ක් ආර්ථිකයට අහිමි වීම පිළිබදව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මුදල් කමිටුවේදී වැදගත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය.
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ මෙවැනි බදු සහන ලබා දීමේදී ජාතික ප්‍රතිපත්තියක් පැවතිය යුතු බවත්, යම් යම් ක්ෂේත්‍ර ඉලක්ක කොට ඒවා ලබා දිය යුතු බවත්ය.
මෙම කරුණු විපක්ෂනායකවරයා විසින් පැහැදිලි කරන විට එකී තීන්දු ගෙන ආර්ථික විනාශයකට මග පෑදූ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරුන් පිටුපස ආසනවල ඇඹරි ඇඹරී සිටි ආකාරයක්ද දැකගත හැකි විය.









