ආසියාවේ විශාලතම ජීවිත රක්ෂකයා වන AIA සමූහයේ සාමාජික සමාගමක් වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව සමගින් ඩිජිටල්කරණය ඔස්සේ සක්‍රීය මෙන්ම ශක්තිමත් බෑන්ක්ඇෂුවරන්ස් සහයෝගීතාවයකට එළඹෙන ලදී.
මෙම සහයෝගිතාව ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකාහි සුවිශේෂ යෝජනා සහ බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාරය පිළිබඳ ඇති හසල අත්දැකීම්, ශ්‍රී ලංකාව පුරාවට පැතිර ඇති කොමර්ෂල් බැංකුවේ 260ක් වන ශාඛා පද්ධතිය හා සම්බන්ධ ඉහළ තලයේ පාරිභෝගිකයන් වෙත හඳුන්වාදෙනු ඇත.
මෙම සහයෝගිතාවයෙහි අපේක්ෂාව වනුයේ සාමාන්‍ය බෑන්ක්ඇෂුවරන්ස් සබඳතාවකින් ඔබ්බට ගොස් ඩිජිටල්කරණ තාක්ෂණය ඔස්සේ බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාරය සඳහා අවශ්‍ය සහය ලබා දීමයි. AIA සමූහයේ සමාගම්, ආසියාව තුළ ව්‍යාපාර කරමින් ලබා ඇති අත්දැකීම් සමුදායද පාදක කර ගනිමින්, කොමර්ෂල් බැංකුවේ අගනා පාරිභෝගික ජනතාව වෙත, විවිධ නව්‍ය රක්ෂණ සැලසුම්, රැකවරණය සඳහා අත්‍යාවශ්‍ය වන මූල්‍ය උපදෙස් මෙන්ම දීර්ගකාලීන ඉතුරුම් සහ විශ්‍රාම සැලසුම් හඳුන්වා දෙනු ලබයි.
බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාරයේ පුරෝගාමියකු වශයෙන් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය ශාඛා කාර්යාල ජාලය සතු අලෙවිකරණ විශේෂඥාතාවන්, ප්‍රමුඛ පෙළේ අලෙවිකරණ තාක්ෂණය සහ පුළුල් වූ සැලසුම් සහ සේවාවන් කොමර්ෂල් බැංකුවේ පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දෙනු ඇත. මෙරට විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව සතු විශාල පාරිභෝගික පිරිස වෙත සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණ සැලසුම් හදුන්වා දීම සඳහා සැලකිය යුතු අවස්ථාවක් ඇති අතර මේ ඔස්සේ ක්ෂේත්‍රය තුළ AIA ඉන්ෂුවරන්ස් ලංකා සතු තරගකාරීත්ව වාසිය තව දුරටත් ශක්තිමත් වෙනු ඇත.